මුලින්ම කියන්න ඕනා මේක ඇත්ත සිදුවීමක් ආශ්රයෙන් නිර්මාණය වෙච්ච සිනමාපටයක්. ඒ කතාව ගැන කිව්වොත්, “1985 අවුරුද්දේ කෙන්ටකි පොලිස් නිලධාරියෙක් සහ නීතිඥක් වෙච්ච ඇන්දෘ තොර්න්ටන් නැමැත්තා මත්ද්‍රවය ජාවාරම්කාරයෝ බවට පත්වෙලා තියෙනව. ගුවන් මගින් ඇවිල්ලා මත්ද්‍රවය එක්ක පැරෂුට් එකකින් දාන හෝ පනින එක තමයි මිනිහා කරලා තියෙන්නේ. කොහොමහරි අධික බර නිසා දවසක් ප්ලේන් එක කඩාගෙන වැටිලා මිනිහ මැරෙනවා. මේ තියෙන්නේ ඒ සිදුවීම සහ සිනමාපටයේ ඒ සිදුවීම ප්‍රති-නිර්මාණය කිරීම. “
මත්ද්‍රවය කිලෝ 40ක විතර ප්‍රමාණයක් ජාතික වනෝද්‍යානයකට වැටෙන්නේ. මේ පාර්සලය හොයාගන්නේ වලහෙක් විසින්, ඒ කාලේ හැටියට ඩොලර් මිලියන 20ක වටිනාකමක් තියෙන, දැන් වටිනාකම බැලුවොත් ඩොලර් මිලියන 50ක විතර කොකේන් ප්‍රමාණයක් මේ වලහා විසින් කනව. ඊට පස්සේ සිදුවීම වෙන්න ගන්නේ. මහජනතාව මේ වලහව නම් කරලා තියෙන්නේ පැබ්ලෝඑස්කොබෙයාර් කියල. 😛 අද වෙනකොට මෙයා ඉන්න තැන සංචාරක ආකර්ෂණය දිනාගත්ත තැනක්. කොකේන් මත්ද්‍රවය අධිකව ශරීරගතවෙලා තමයි මේ වලහා මිය යන්නේ. හැබැයි සිනාමාපටයේදී ඒ සිදුවීම වෙනස් වෙනවා. නිර්මානාත්මක අවශ්‍යතාවයන් මත සිනමාපටයේදී ගොඩක් සිදුවීම් අතින් දාල තියෙනව ඉතින්.
ඇන්දෘ තොර්න්ටන්
ඒ වගේම එමී සම්මානලාභී Ray Liottaගේ අවසාන සිනමාපටය මේක. මේ සිනමාපටයේ කටයුතු අවසන් වෙන කාලය වෙනකොට එයා මියයනවා.