Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [No Ads]
Dr. Strangelove or: How I Learned to Stop Worrying and Love the Bomb (1964) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dr. Strangelove or: How I Learned to Stop Worrying and Love the Bomb (1964) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9 1 vote
Jan. 29, 1964United Kingdom95 Min.
Dr. Strangelove or: How I Learned to Stop Worrying and Love the Bomb (1964) | වැල යන අතට මැස්ස ගහමු.

ඔස්කාර් සම්මානලාභී ස්ටැන්ලි කුබ්‍රික් කියන හොලිවුඩ් සිනමාවේ දැවන්තයෙකුගේ තවත් සුපිරි වැඩක් අරගෙන තමා කාලෙකට පස්සෙ අද මම ආවේ. කුබ්‍රික්ගේ සුප්‍රසිද්ධ Lolita (1962) චිත්‍රපටයේදී මෙම අධ්‍යක්ෂක හා ප්‍රධාන චරිතය රඟපෑ පීටර් සෙලර්ස් දෙදෙනා නැවතත් මේ චිත්‍රපටයේ එකට වැඩ කරනවා. මේ චිත්‍රපටියට උපසිරැසි කරපු හේතුව නම් ඇත්තටම ඔය උඩ කියපු කාරණා දෙක නෙවෙයි, ඒ ඇත්තම හේතුව මම ලිපියෙ අගට එකතු කරන්නම්. ස්ටැන්ලි කුබ්‍රික් හා ඔහුගේ සිනමා භාවිතය ගැන සිංහලෙන්ම ලියවුණ ලිපි ඕනා තරම් අන්තර්ජාලයේ තියෙනවා. ඒ නිසාම ඔහු ගැන නොලියා මම මේ චිත්‍රපටිය ගැන ටිකක් ලියන්නම්.

මේක ඇත්තටම හාස්‍යජනක චිත්‍රපටියක්. නිකන්ම නිකන් එකක් නෙවෙයි, political satire black comedy යක්. Red Alert කියලා 1958 දී පීටර් ජෝර්ජ් ගේ ත්‍රාසජනක නවකතාවක් ඇසුරු කරගත් චිත්‍රපටියක්. කොටින්ම 1989 දී ඇමරිකාවේ සංරක්ෂණය කිරීමට තෝරාගත් මුල් චිත්‍රපට කීපයට මෙම චිත්‍රපටයත් අයත් වුණා. ඒ වගේම AFI හී 100 Years…100 Laughs කියන හාස්‍යජනක චිත්‍රපට ලයිස්තුවේ තෙවන ස්ථානයත් මේ චිත්‍රපටියට ලැබුණා.

මේ චිත්‍රපටියේ Peter Sellers චරිත තුනක් කරනවා. හැකිනම් ඒ තුන අඳුනගන්න බලන්න. ඇත්තටම කොලොම්බියා චිත්‍රපට සමාගම මෙයට අරමුදල් ලබාදෙන්න එකඟ වුණේ පිටර් සෙලර්ස් චරිත 4 ක් රඟපාන්න එකඟ වෙනවා නම් තමා. මොකද කුබ්‍රික්ගේ සුප්‍රසිද්ධ Lolita (1962) චිත්‍රපටයේත් පීටර් සෙලර්ස් විවිධ අනන්‍යතා වලට ආදේශක වුණා. හැබැයි අන්තිමේ වෙච්ච අනතුරක් නිසා පීටර්ට රඟපාන්න ලැබෙන්නෙ චරිත තුනක් පමණයි. මේජර් කොන්ග්ගේ චරිතයට එවකට ගොපලු චරිත වලට නමක් දිනා සිටි Slim Pickens ව තෝරාගන්නවා. මෙම චරිතයෙන් පස්සෙ ස්ලිම් පිකන්ස්ගේ ජනප්‍රියතාව තවත් වැඩිවුණා කියල තමා සඳහන් වෙන්නෙ. ඒ වගේම පීටර්ගේ චරිත තුනටම සැබෑ ජිවිතේ චරිත වලින් ආදර්ශයන් හා අනුකරණයන් ලබාගත් බව තමා කියවෙන්නෙ.

තවත් විශේෂ කාරණයක් තමා ජෙනරාල් ටර්ජින්සන් ගේ චරිතය රඟපෑ George C. Scott කියල තියෙනවා මින් පස්සෙ ඔහු කුබ්‍රික් එක්ක වැඩ නොකරන බව. හේතුව තමා සැබෑ චිත්‍රපට චරිතයට පුහුණුවක් ලෙස ලබාගත් වඩා හාස්‍යජනක කොටස් අවසාන චිත්‍රපටයට ඇතුළත් කිරීම. ඒ වගේම සමහර අවස්ථා වලදී සමහර කොටස් කිරීමට ස්කොට් ප්‍රතික්ෂේප කළ විට ඔහුව එයට නම්මවාගෙන තියෙන්නෙ චෙස් තරඟයක් තියලයි. චෙස් ක්‍රීඩාවේ දක්ෂයෙක් වෙච්ච ස්කොට්, කුබ්‍රික් අතින් අන්ත පරාජයක් ලැබුවා කියලයි කියවෙන්නෙ. පසුව ඔහුම සඳහන් කර තිබෙනවා කුබ්‍රික් හා ඔහු එකඟ වෙන කාරණා අඩු වුණත් කුබ්‍රික් කියන්නෙ ඉතා දක්ෂ චෙස් ක්‍රීඩයෙක් කියලා.

ඒ වගේම චිත්‍රපටයේ යුද කාමරය හා ඒ මේසය එවකට තිබ්බ තාක්ෂණය අනුව අති දැවැන්ත වැඩක් කියලයි සැලකෙන්නේ. ඒ වගේම ගුවන් හමුදා යානයේ පියාසර දර්ශන ගන්න ඔවුන් කැමරාවක් සමඟ සැබෑ යානයක පියාසර කරලා තිබෙනවා. ඊටත් අමතරව ඔවුන් හට බෝම්බ යානා වල නියමු කුටියේ ආකෘතියක් සාදාගැනීමට ගුවන් හමුදාවෙන් කිසිම සහයක් ලැබී නෑ. හැබැයි ඔවුන් සඟරාවක තුබූ එකම එක කුඩා රූපයක් භාවිතයෙන් සම්පූර්ණ නියමු කුටියක් සාදාගන්නවා. හොඳම වැඩේ කියන්නෙ පසුව ගුවන් හමුදා නිලධාරීන් එක පරීක්ෂා කිරීමේදි එය සැබෑ ලෙසටම නියම නියමු කුටියක් ලෙස දිස් වූ නිසා, එය ඔවුන් කළ විධිය ඔප්පු කරන්න සිදුවුණා කියලා කියවෙනවා. නැතිනම් තව ටිකෙන් ආකෘතිය හදපු කෙනාට හිරේ යන්න වෙනවා රාජ්‍ය රහස් හෙළිකිරීම මත. මේ සියලුම අතිරේක කාරණා චිත්‍රපටිය ගැන කරන ගූගල් සෙවුමකින් වෙනම වීඩියො එකක් විදියටම බලාගන්න පුළුවන්.

තව වැදගත් දෙයක් තමා මේක මුලින්ම පෙන්වන්න ඉඳල තියෙන්නෙ 1963 නොවැම්බර් 22 යි. හරියටම එදා තමා ඇමරිකාවේ ජනාධිපති ජෝන් F. කෙනඩිව ඇමරිකාවේ ඩලස් නගරෙදි වලදි ඝාතනය කරන්නේ. ඉතින් චිත්‍රපටිය තිරගත කිරීම කල් දාල තියෙනවා 1964 ජනවාරි වෙනකම්. ඒ වගේම චිත්‍රපටියෙ තිබ්බ එක වැකියක් වෙනස් කරන්නත් වෙනවා. ඒ වැකිය තමා” a fella could have a pretty good weekend in Dallas with all that stuff.” කියන එක. ඒකේ ඩලස් වෙනුවට වේගාස් විදියට වෙනස් කරල තමා චිත්‍රපටය ප්‍රදර්ශනයට යවන්නේ. හැබැයි ප්‍රංශ උපසිරැසි සහිතව ඉංග්‍රීසි බසින් තිරගත වෙච්ච පිටපතේ මුල් වැකිය සුරැකිලා තියෙනවා. හරි දැන් අපි ටිකක් කතාව ගැනත් බලමු.

කතාව මෙහෙමයි. දෙවෙනි ලෝක යුද්ධෙන් පස්සෙ ලෝක බලවතුන් විදියට ඉස්මතු වෙලා, ලෝකය පමණක් නොව අභ්‍යවකාශයද ඉක්මනින්ම ජයගන්න තාක්ෂණය හා ආයුධ නිපදවමින් උන්න රුසියාව හා ඇමරිකාව අතර තිබ්බ නිරවි යුද සමයේදි එක්තරා ඇමරිකානු ගුවන් හමුදා ජෙනරාල් වරයෙක් විසින් ඒ වන විට ගුවනේ උන්න තම බෝම්බ යානා 34 කට අණ දෙනවා රුසියාවට න්‍යෂ්ටික බෝම්බ දැමීමට. ඔහු සැකකරන්නේ ඇමරිකානු ජලයට රුසියානුවන් විෂ එකතු කරන කුමන්ත්‍රණයක් දියත් වෙන බවයි. එම අණ නිකුත් කරන්නෙ එවකට තිබෙන අසාමාන්‍ය සැලැස්මක් ක්‍රියාවට නැඟීමෙනුයි. හදිසි රුසියානු ප්‍රහාරයකින් ඇමරිකානු ජනාධිපති හෝ න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමට අණ දිය හැකි ඉහළ නිලධාරීන් මිය ගිය විට, ඊට පළිගැනීමක් ලෙස දෙවෙන පෙළ නිලධාරියෙක්ට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව එම සැලසුම මඟින් හිමිවෙනවා. ඔහු මෙම අණ නිකුත් කිරීමෙන් පසුව, අදාළ යානා විශේෂ කේත ක්‍රමයකට පණිවුඩ හුවමාරුව වෙනස් කරගත යුතුවෙනවා. එසේ කරන්නෙ සතුරා විසින් පණිවුඩ හුවමාරුවට බාධා කිරීමක් හෝ බොරු නියෝගයක් ලබාදීම වැළැක්වීමටයි. එසේ පණිවිඩ ලබාදිය හැකි කේතය තමා සතුව පමණක් තබාගෙන අදාළ ජෙනරාල් වරයා තම හමුදා කඳවුර මුද්‍රා තබාගන්නවා.

ඉතින් මෙම ප්‍රහාරය ගැන දැනගන්නා ජනාධිපති ඇති යුද කවුන්සිලයට මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට හැකියාවක් ලැබෙයිද? ඊළඟට දැනගන්න ලැබෙන භයානක ආරංචිය කුමක් වෙයිද?

ඔන්න ඕක තමා කතාවේ වෙන්නෙ. හරි කලින් කිව්ව විදියට මම මේකට උපසිරැසි දාන්න හිතුවෙ ඔය කිසි දෙයක් දැනගෙන නම් නෙවෙයි. IMDB Top 250 ලයිස්තුවේ බොහොමයක් අපි සම්පූර්ණ කළත් තව ටිකක් සම්පූර්ණ කරන්න තියෙනවා. ඒ ලයිස්තුව නිරන්තරයෙන් වෙනස් වෙන හින්දා සමහර ඒවා ඇතුළට එද්දි සමහර ඒවා එළියට යනවා. හැබැයි පළමු 100 වෙනසක් වෙන්නෙ හරිම අඩුවෙන්. ඉතින් ඒ මුල් 100 තව දෙන්න තියෙන්නෙ 08 වගේ ගාණක්. අන්න ඒ ලයිස්තුවෙන් තමා මේක මම තෝරගත්තේ.

Subtiltes By

රොයිලි ප්‍රනාන්දු
(Baiscopelk)
IMDb Rating 8.4 516,536 votes
Dr. Strangelove or: How I Learned to Stop Worrying and Love the Bomb (1964) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dr. Strangelove or: How I Learned to Stop Worrying and Love the Bomb (1964) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dr. Strangelove or: How I Learned to Stop Worrying and Love the Bomb (1964) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dr. Strangelove or: How I Learned to Stop Worrying and Love the Bomb (1964) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dr. Strangelove or: How I Learned to Stop Worrying and Love the Bomb (1964) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dr. Strangelove or: How I Learned to Stop Worrying and Love the Bomb (1964) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dr. Strangelove or: How I Learned to Stop Worrying and Love the Bomb (1964) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dr. Strangelove or: How I Learned to Stop Worrying and Love the Bomb (1964) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dr. Strangelove or: How I Learned to Stop Worrying and Love the Bomb (1964) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dr. Strangelove or: How I Learned to Stop Worrying and Love the Bomb (1964) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Peter Sellers isGroup Capt. Lionel Mandrake / President Merkin Muffley / Dr. Strangelove
Group Capt. Lionel Mandrake / President Merkin Muffley / Dr. Strangelove
George C. Scott isGeneral
General "Buck" Turgidson
Sterling Hayden isBrigadier General Jack D. Ripper
Brigadier General Jack D. Ripper
Keenan Wynn isColonel Bat Guano
Colonel Bat Guano
Slim Pickens isMajor
Major "King" Kong
Peter Bull isBotschafter De Sadesky
Botschafter De Sadesky
James Earl Jones isLt. Lothar Zogg
Lt. Lothar Zogg
Tracy Reed isMiss Scott
Miss Scott
Jack Creley isMr. Staines
Mr. Staines
Frank Berry isLt. Dietrich
Lt. Dietrich

Similar titles

The Fault in Our Stars (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman: The Dark Knight Returns, Part 2 (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Motta Shiva Ketta Shiva (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mythica A Quest for Heroes (2014) | Sinhala Subtitles
Predator (1987) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dead Poets Society (1989) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Prometheus (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ballistic: Ecks vs. Sever (2002) Sinhala Subtitles
CHIPS (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Incredibles 2 (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Wrath of Becky (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Silent Night (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published