Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1600 Views
  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Darling (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Darling (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.5 12 12 votes
Jul. 19, 2024India142 Min.

Darling (2024) Sinhala Subtitles | “කලබලේට බැන්ද කසාදෙ”

 

මේ අවුරුද්දේ ජූලි 19 වෙනිදා නිකුත් වෙච්ච මේ ෆිලුම අයත් වෙන්නේ කියන Romantic & Comedyකැටගරි එකට.. රංගනයෙන් දායක වෙන්නේ අපි ගොඩක් ෆිල්ම් වල කොමඩි නළුවෙක් විදියට දකින Priyadarshi Pulikonda විසින්.. කොමඩි නළුවෙක් කියලා නෑ රොමැන්ටික් වෙන්න ඕන තැන් වල Sad ෆීලින්ස් තියෙන තැන් වල එහෙම කොල්ලා මරුවට ඇක්ට් කරා.. මෙයාගේ Balagam 2023 ෆිලුම බලපු අය නම් දන්නවා කොල්ලගේ වැඩ.. මොකද ඒ ෆිලුම ගොඩක් අය ආදරෙන් වැලද ගත්ත නේ.. එතකොට ප්‍රධාන නිළිය විදියට රංගනයෙන් දායක වෙන්නේ Nabha Natesh විසින්.. එකම චරිතේ උනාට මේ තනි චරිතේ ඇතුලෙ මෙයා එකිනෙකට වෙනස් චරිත ගොඩක් ඇක්ට් කරනවා.. මං මේ කියපු දේ මොකක්ද කියලා ඔයාලට ෆිලුම බලනකොටම තේරෙයි..

අධ්‍යක්ෂණය – Aswin Raam
රංගනය – Priyadarshi Pulikonda, Nabha Natesh, Ananya Nagalla, Brahmanandam, Muralidhar
භාෂාව – තෙළිගු
ධාවන කාලය – මිනිත්තු 161

විස්තරේ ගැන කිව්වොත්, 2005 අවුරුද්දේ ආපු වික්‍රම්ගේ Anniyan ෆිල්ම් එක ගොඩක් අය බලල ඇතිනේ.. අන්න ඒ වගේම සිද්දියක් තමයි මේකෙත් යන්නෙ.. Anniyan එක නම් ගොඩක් සීරියස් නේ.. මේක ඉතින් පොඩ්ඩක් කොමඩි බර කරල හැදුනු ෆිලුමක්..

රාගව් කියන්නෙ හොදට ඉගෙනගෙන හොද රස්සාවක් කරගෙන පාඩුවේ ඉන්න කොල්ලෙක්.. රාගව්ගේ අම්මා මෙයාට පොඩි කාලේ හැමතිස්සෙම කිව්වේ “ඔයා හොදට ඉගෙනගන්න හොද රස්සාවක් කරන්න ඊටපස්සේ ඔයාට හොද ලස්සන කෙල්ලෙක් කසාද බදින්න පුළුවන් කියලා” දවසක් රාගව්ලගේ ගෙවල් ළග ඉගෙනගත්තු කොල්ලෙක් ලස්සන කෙල්ලෙක්ව කසාද බදිනවා.. පොඩි එකා ඉතින් මේකත් හොදට බලාගෙන ඉන්නේ.. ඉතින් ඒ බැදපු කපල් එක දවසක් හනිමූන් එකට පැරිස් යනව කියලා අපේ පොඩි රාගව්ට කියනවා.. එතන ඉදන් රාගව්ගේ හීනේ වෙන්නේ හොදට ඉගෙනගන, හොද රස්සාවක් කරල, කසාදේකුත් බැදලා හනිමූන් එකට පැරිස් යන එක.. රාගව් ඉගෙනගනත් ගන්නවා, හොද රස්සාවකුත් හොයාගන්නවා.. හැබැයි මේ කසාද වැඩේ නම් හරියට වෙන්නෑ.. දවසක් ගෙදරින් හොයපු කෙල්ලෙක් කසාද බදින්න ගිහින් රාගව් හොද ලනුවක් කනවා.. ඒ තමයි මනමාලි වෙන කොල්ලෙක් එක්ක පැනල යන එක 😂 රාගව් මේ සේරටම පට්ට අවුල් අරගෙන ෂොට් එකක් දාල ඉන්න වෙලාවක අහම්බෙන් හම්බෙන ත්‍රිවිල් රියදුරෙක්ගේ කීමකට මෙයා ජීවිතේ නැති කරගන්න යනව.. ඔන්න එතකොට තමයි ආනන්දී කියන ලස්සන ගෑනු ළමයා අපේ රාගව් කොල්ලව බේරගන්නනේ.. රාගව් ආනන්දිව හම්බෙලා හරියටම පැය පහකින් එයාව කසාද බදිනව.. ඔන්න ඔතන ඉදන් තමයි පොරගේ ජිවිතේ කණපිට ගහන්නේ 😂❤️

එතනින් එහාට මොනාද වෙන්නේ කියලා ඔයාම බලන්නකෝ Darling 😉❤️

Subtiltes By

ශාන් සසංග (ශානා)

(Cinerulk )

IMDb Rating 7.3 634 votes
Darling (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Aswin Raam
Director

Cast

Similar titles

Super Sharanya (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sam Bahadur (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kingdom of the Planet of the Apes (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Revolutionary Road (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Bruce Lee – The Fighter (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Wild Wild Punjab (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ocean’s Eight (2018)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Shadow Strays (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Operation Undead (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sebastian PC 524 (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Batman vs. Two-Face (Video 2017)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anbarivu (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published