
කුත්තේ කියන්නේ හින්දියෙන් බල්ලා කියන අර්ථය. විශාල් විසින් 2009දී කමීනේ නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා. කමීනේ කියන්නේ කාලකණ්නියා වගේ තේරුමක් තියෙන වචනයක්. කමීනේ, කුත්තේ කියන වචන තවත් කෙනෙකුට පරිභව කිරීමේදී ළඟ ළඟ යොදාගන්නා වචන වේ.
අර්ජුන් කපූර්, තාබූ, නසෘදීන් ෂා, රාධිකා මදන්, කොන්කොනා සෙන් ෂර්මා, කුමුද් මිශ්‍රා වගේ ජනප්‍රිය නළු නිළියන් රැසක් මෙහි රංගනයෙන් දායක වෙනවා. මේක ඇක්ෂන් ත්‍රිලර් චිත්‍රපටයක් ලෙස වර්ග කරන්න පුළුවන්. බ්ලැක් කොමඩි කියන ශානරයටත් මේ චිත්‍රපටය වෙන් කරන්නත් පුළුවන්. විශාල් භාර්ද්වාජ්ගේ සිනමා කියැවීමට කැමති කෙනෙක්ට මේ චිත්‍රපටය ඉහළින්ම නිර්දේශ කරන්න පුළුවන්.
විශාල් විසින් මෙහි සංගීතය නිපදවා ඇති අතර චිත්‍රපටය නිෂ්පාදනයට මෙන්ම කතාව සඳහා ඔහු දායක වී ඇත. ජනප්‍රිය අධ්‍යක්ෂක ලව් රන්ජන් ද මෙහි නිෂ්පාදනයට දායක වී ඇත.
කතාව ගැන කෙටියෙන් කිව්වොත්, මේක බල්ලන්ගේ කතාවක්, ඒ කිව්වේ බලු ගති තියෙන මිනිස්සුන්ගේ කතාවක්. එකිනෙකා ගැන විශ්වාස තැබිය නොහැකි මිනිසුන්ගේ කතාවක්. වැසිබර රාත්‍රියක සිදුවන මංකොල්ලයකට සහභාගී වන මිනිසුන් කිහිප දෙනෙකුගේ කතාවක්.. ඔවුන් එයට සම්බන්ධ වන්නේ කෙසේද, අවසන් ඉරණම විසඳෙන්නේ කෙසේ ද කියා බැලීමට චිත්‍රපටය නැරඹීමට සිදුවනවා.