Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
Dune (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dune (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 7
9.4 8 votes
Sep. 15, 2021United States155 Min.
Dune (2021) | මේ ආරම්භයක් පමණයි!

“බලමුද සුපිරිම විද්‍යා ප්‍රබන්ධයක් ? ” 🙂

පහුගිය සැප්තැම්බර් 03 වැනිදා 78 වෙනි වැනිස් සිනමා උළෙලේ දී විද්‍යා ප්‍රබන්ධ සිනමා වංශකතාවේ අලුත්ම පරිච්ජේදයක් සනිටුහන් වීමේ ආරම්භය සිදුවුණා. ඒ තමයි, 1965 වසරේදී ප්‍රකාශයට පත්වීම ආරම්භ වී 2007 වසර දක්වාම එකිනෙකට සම්බන්ධ සහ Prequel  ලෙසින් ගලාගෙන ආව ඉතාම ජනප්‍රිය විද්‍යා ප්‍රබන්ධ නවකතා මාලාවක් ඇසුරින් නිර්මාණය වෙච්ච නවතම සිනමාපටය වුණ Dune (2021).

මම කලින් කිව්වා වගේම මේ සිනමාපටය නිර්මාණය කිරීමට පාදක කරගත්ත විද්‍යා ප්‍රබන්ධ නවකතා අටක් තියෙනව, ඒ තමයි

1. Dune (1965)
2. Dune Messiah (1969)
3. Children of Dune (1976)
4. God Emperor of Dune (1981)
5. Heretics of Dune (1983)
6. Chapterhouse of Dune (1985)
7. Hunters of Dune (2006)
8. Sandworms of Dune (2007)

මෙහි රචකයා වෙන්නේ Frank Herbert, සහ ඔහුගේ පුතා වෙන  Brian Herbert සමගින් Kevin J. Anderson. මොකක්ද ඒ හරුපේ එතකොට? මෙහෙමයි කාරණාව, Dune නවකතා පෙළ රචනා කරමින් ඉන්න අතරවාරයේදී ෆ්‍රෑන්ක් හර්බට් මියයනවා, ඒ 1986 වසරේදී. ඒ වෙනකොට ඔහු රචනාකර ප්‍රකාශයට පත්කරලා තිබ්බේ කෘතීන් 6ක් විතරයි. එතනින් එහාට තවත් කෘතීන් ද්විත්වයක් දක්වා රචනා කරමින්, ලොව පුරා අතිශය ජනප්‍රිය මේ නවකතා මාලාව සම්පුර්ණ කරන්නේ ඔහුගේ පුතා සහ කෙවින් ඇන්ඩර්සන්. ඒ ඉහත සඳහන් කරපු නවකතා මාලාවට අමතරව අතීත සිදුවීම් සඳහන් පහත දැක්වෙන නවකතා පෙළ රචනා කරමින්. අද වෙනකොට මේකේ තත්වේ කොයි තරම් ඉහලින් තිබ්බත්, අනෙකුත් ඉහලින්ම වැජඹෙන නවකතා වගේම තමයි, මේකත් ප්‍රකාශන ආයත රැසකින් ප්‍රතික්ෂේප වෙච්ච නවකතාවක්. 🙂

1. Dune: House Atreides (1999)
2. A Whisper of Caladan Seas (1999)
3. Dune: House Harkonnen (2000)
4. Dune: House Corrino (2001)
5. Dune: The Machine Crusade (2002)
6. Dune: The Butlerian Jihad (2002)
7. Dune: The Battle of Corrin (2004)
8. The Face of A Martyr: A Tale of the Butlerian Jihad (2004)
9. Sea Child: A Tale of Dune (2006)

ඒ කිව්වේ කෘතිය ගන්නේ, දැන් හැරෙමු ෆිල්ම් එක දිහාවට. මිට කලින් මේ නමින්ම 1984 වසරේදී ෆිල්ම් එකක් නිර්මාණය වෙනවා, හැබයි වැඩේ අසාර්ථක වෙලා ඒ ආරම්භය එතැනින්ම නවතිනවා. මේක සිනමාපටයකට ගත නොහැකි අන්තර්ගතයක් සහිත කතාවක් විධියට හැදින්වෙන්න ගන්නවා. ඒ කියන්නේ මේ පොත්වල තියෙන කතාව සිනමාපටයකිං සාර්ථකව ඒ විධියටම දිගහරින්න ඉතාම අසීරුයි කියන එක. ඒත් ලෙජන්ඩරි පික්චර්ස්ල වැඩේ අතාරින්නෙ නැහැ, අවුරුදු 37කට පස්සෙ ආපහු වැඩේ පටන්ගන්නවා. නිකම් නෙමෙයි, හොඳම අධ්‍යක්ෂණයට ඔස්කා සම්මාන නිර්දේශිත ලබාගත්ත, Blade Runner 2049 (2017), Arrival (2016), Enemy (2013), Prisoner (2013), Incendies (2010) වගේ සුපිරිම සිනමාපට අධ්‍යක්ෂණය කල, Denis Villeneuve. ඒ වගේම එදා මෙදාතුර ක්‍රිස්ටෝපර් නෝලන්ගෙ සිනමාපට බොහොමයක් සඳහා සුපිරිම ආකාරයට සංගීත අධ්‍යක්ෂණයෙන් එකතුවුණ හාන්ස් සිමර්, ටෙනෙට් ෆිල්ම් එක බාරගත්තේ නැහැ. ඒ මේ ෆිල්ම් එකට සංගීත අධ්‍යක්ෂණයෙන් එකතුවෙන්න තිබ්බ ඕනෑකම නිසාවෙන්. 🙂

එතකොට එච්චරද? පිස්සුද? මේකේ කාස්ට් එක දැක්කම පිස්සු හැදෙනව. ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙන අය තමයි, Timothée Chalamet ,Rebecca Ferguson ,Oscar Isaac ,Josh Brolin ,Stellan Skarsgård ,Dave Bautista ,Stephen McKinley Henderson ,Zendaya ,Chang Chen ,Sharon Duncan-Brewster ,Charlotte Rampling ,Jason Momoa ,Javier Bardem. එච්චරද? නෑ… imdb දර්ශකයේ ප්‍රේක්ෂක මනාප අසුහතරදහසකට අධික ප්‍රමාණයක් ලබාගෙන 8.3 තරම් ඉහළතම රේටිං එකක් අරගත්ත මේ ෆිල්ම් එක තමා මේ වෙනකොට imdb Top 250 අතරින් #127 වැනි ස්ථානයේ වැජඹෙන්නේ. ඒ වගේම ටොමැටෝ මීටරයේ 89%කුත් ඒ රිවිව් 125ක් තරම් ඉහල ප්‍රමාණයකින්. ඒ වගේම මේ කොරෝනා වසංගත සමයේ ලොවපුරා සිනමාශාලාවන්හි බොහොම අසීරුවෙන් සීමිත දර්ශනවාරයන් ගණනක් පෙන්වමින්, මේ වසරේ බොක්ස් ඔෆිස් ලයිස්තුවේ ඉදිරි ස්ථානයකත් මේ සිනමාපට ඉන්නවා. මේ සිනමාපටයේ දෙවැන්නක් මේ වෙනකොටත් සැලසුම් වෙලා ඉවරයි. දෙයියනේ කියල ඒක ගොඩ ගියොත් එහෙම සිනමාපට මාලාවක්ම අපිට බලාගන්න ඉඩ හසර ලැබේවි. කොහොම උනත් මේ වෙනකම් කලේ පඳුරු වටේ තලපු එක. දැන් හැරෙමු මේ සිනමාපටයේ කතාවේ අන්තර්ගතය හැඩ ගැහිලා තියෙන්නේ කොහොමද කියල දැනගන්න.

වංශාධිපති ලෙටෝ අට්‍රෙඩිස්, තමයි ඕෂන් ප්ලැනට් එකේ එහෙමත් නැත්නම් කැලඩන් කියන ලෝකයේ පාලකයා. සිව්වැනි ශදාම් කියන අධිරාජ්‍යයාට තමයි ලෙටෝ සේවය කරන්නෙත්. ශදාම් තමයි මේ මුළු විශ්වයම අයිති අධිරාජ්‍යය පාලනය කරන කෙනා. ශදාම් විසින් ලෙටෝව අරාකි කියන ලෝකයේ පාලකයා බවට පත්කරනව හදිසියේම. අරාකි කියන්නේ කාන්තාර ග්‍රහලෝකයක්, හැබැයි එහෙ තමයි මේ විශ්වයේ වටිනාම දේ තියෙන්නේ. ඒ තමයි ස්පයිස් කියන අමුද්‍රව්‍ය. මේ සප්යිස් වලට පුළුවන් මිනිස් ජිවිත කාලයන් දීර්ඝ කරන්න, අභ්‍යවකාශ ගමන්වලට යොදාගන්න, වගේ ඉතාම අත්‍යවශ්‍ය දේවල් වලට යොදාගන්න. හරියට නිකම් කාන්තාර පිරුණු අරාබි රටවල් වල තියෙන බොරතෙල් වගේ.

ඉතිං ශදාම්ට තේරෙනවා තමන්ට අනාගතයේදී එල්ලවීමට නියමිත තර්ජනයක් තියෙනව නම්, ඒක එල්ලවෙන්නේ ලෙටෝගෙන් කියල. මොකද ලෙටෝ කියන්නේ මිනිස්සු ගැන හිතන පාලකයෙක්. අන්න ඒ නිසයි අධිරජ ශදාම් විසින් අරාකි කියන වටිනාම ග්‍රහලෝකය අට්‍රෙඩිස් වංශයට බාර දෙන්නෙ? එතකොට ඒක මොන හරුපයක්ද? තමන්ට මුහුණදෙන්න අවේන හතුරෙකුට විශ්වයේ වටිනාම ග්‍රහලෝකයක් බාරදෙන්නේ ඇයි? තෑග්ගක්, ඇත්තටම තෑග්ගක් නොවෙන්නේ කොයි වගේ වෙලාවකටද? 🙂 ඔය කාලය වෙනකොට හාර්කොනන් වංශය අට්‍රෙඩිස් වංශයත් එක්ක සටනක ඉන්නෙ.

ඉතිරි හරිය ඔයාලට පැහැදිලි වේවි ෆිල්ම් එක බලාගෙන යනකොට, මම මේ අල්ලල දුන්නු පොට අල්ලාගෙන ෆිල්ම් එක බලාගෙන ඉස්සරහට යන්නකෝ.

    Dune Complete Collection
  1. Dune Part 01 (2021)
  2. Dune Part Two (2024)

Subtiltes By

ශාන් විමුක්ති [විමා]
(Baiscopelk)
IMDb Rating 8 838,824 votes
Dune (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dune (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dune (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dune (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dune (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dune (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dune (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dune (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dune (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dune (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Timothée Chalamet isPaul Atreides
Paul Atreides
Rebecca Ferguson isLady Jessica Atreides
Lady Jessica Atreides
Oscar Isaac isDuke Leto Atreides
Duke Leto Atreides
Josh Brolin isGurney Halleck
Gurney Halleck
Stellan Skarsgård isBaron Vladimir Harkonnen
Baron Vladimir Harkonnen
Dave Bautista isBeast Rabban Harkonnen
Beast Rabban Harkonnen
Zendaya isChani
Chani
Chang Chen isDr. Wellington Yueh
Dr. Wellington Yueh

Similar titles

Ouija (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The 355 (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Attention Please (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alpha (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rogue One: A Star Wars Story (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Death Wish The Face of Death (1994) Sinhala Subtitles
August Rush (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Night School (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mission: Impossible (1996) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Escape the Field (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Inside Out (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Puli (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published