Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

15110 Views
  • Watch trailer
  • Player 01
  • Player 02 480P
  • Player 02 720P
Eternals (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Eternals (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
0.0 0 0 votes
Nov. 03, 2021United States157 Min.

Eternals (2021) | ඉටර්නල්වරු!

සෙලෙස්ටියල්, ඉටර්නල්, ඩිවියන්ට්, මේ අය කවුද? ඔවුන් මොනවද කලේ?

මාවල් විශ්වය බිහිවෙන්නෙත් සත්‍යය ලෝකයේ තියෙන බිග් බෑන් තියරියෙන්මයි. ඉතින් ඒ කොස්මික් ඉවෙන්ට් එක වෙනවත් එක්කමයි සෙලෙස්ටියල්ලා බිහිවෙන්නේ. සෙලෙස්ටියල්ලට අයිති වැඩ වෙන්නේ විශ්වයේ ජිවය සම්බන්ධ විවිධ කාර්යයන්. විශ්වයේ ඉන්න හැම ජීවියෙකුගේම පරිනාමයට, වැඩිදියුණුවට, නවීන තාක්ෂණයට හේතු වෙන්නේ සෙලෙස්ටියල්වරු. මේ තමයි ස්පේස් ගෝඩ්ස්ලා. ගාඩියන් ඔෆ් ද ගැලැක්සි 2 ෆිල්ම් එකේ හිටිය ඊගො කියනව එයා සෙලෙස්ටියල්කෙනෙක් කියල. ඒත් ඒක හරියටම තහවුරු නැහැ. ඒ කොහොම උනත් එයා විශ්වය ආරම්භයේ වගේ ඉඳලම හිටිය කෙනෙක්. පෘථිවියේ ඉතිහාසය සමුහ ජීවි වඳවෙලා යෑම් අටකටද කොහෙද මුහුණ දීල තියෙනව කියනවනේ, ඒ කියන්නේ ජුරාසික් යුගය, ඊට පෙර යුගය, වගේ විධිය යුග වලට බෙදෙනවා වගේ මාවල් කොමික් වලදී විශ්වය යුග ගණනාවකට බෙදෙනව. ඒක හදුන්වන්නේ ඉන්කාර්නේෂන් එකක් කියල. වර්තමානයේ අපි ඉන්නේ අටවෙනි ඉන්කාර්නේෂන් එකේ.

ඉතින් පෘථිවිය වානරන් ඉන්න කාලේදී “ෆර්ස්ට් හොස්ට්” කියල හදුන්වන ස්ලෙස්ටියල්ල පෘථිවියට එනව. ඔවුන්ගේ ඉලක්කය වෙන්නේ ඒ වෙනකොට පෘථිවිය මත සැරිසරමින් ඉන්න අපේ පුර්වජයා වෙන මේ වානරයින්ව. “ගැමෙනොන් ද ගැදරර්” අපේ පුර්වජයාව ජීවි සාම්පලයක් විධියට එකතු කරගන්නවා. අහ්හ් මේ අය තමයි විශ්වය පුරාම මේ වගේ ජිවින්ගේ සාම්පල් එකතු කරගෙන යන්නේ පරීක්ෂණ කරන්න. ඉතින් මේ අරගෙන ගිය වානර ජීවි සාම්පලය ජානමය වශයෙන් වෙනස් කරනවා. ඒ සෙලෙස්ටියල් “සිරාන් ද ටෙස්ටර්” විසින්. ඔහු වානරයව ජානමය වශයෙන් වෙනස් කරලා හෝමෝ ඩිසෙන්ඩස්ව නිර්මාණය කරනවා. මේ තමයි පෘථිවියේ මුල්ම ඩිවියන්ට්. ඔවුන්ව පෘථිවියට නිදහස් කරනවා.

ඊට පස්සේ අපේ වානර සාම්පලය “නෙසාර් ද කැල්කියුලේටර්” කියන සෙලෙස්ටියල්ට ලැබෙනවා. ඔන්න මිනිහ තමයි “හෝමෝ ඉමෝටල්” එහෙම නැත්නම් ඉටර්නල්වරුන්ව නිර්මාණය කරන්නෙ. ඊට පස්සේ වානර සාම්පල් ටික “ඕනෙග් ද ප්‍රොබෙර්” කියන සෙලෙස්ටියල්ට ලැබෙනවා. මිනිහ කරන පරීක්ෂණ කිසිම වැඩකට වෙන්නේ නැහැ. ඒ නිසා තමන්ගේ ළඟ තිබ්බ ජානයක් අපේ වානරයින්ට ඇතුල් කරල පෘථිවියට නිදහස් කරනවා. ඒ ජානය ඇතුලත් වානරයින් ස්භාවිකව පරිනාමයට ලක්වෙලා හරිම අපුරු පිරිසක් නිර්මාණය කරනවා. ඒ තමයි වත්මන් මාවල් සිනමා විශ්වයේ අනාගතය වෙන, එක්ස් මෙන්ල. කොහොම උනත් කියන්න ඕනා කොමික් වලයි ෆිල්ම් වලයි මේ සිදුවීම් සිද්දවෙන්නේ වෙනස් ආකාරයකට. කොහොම උනත් පාදම එකයි. ඒ දේවල් සිද්දවෙන්නේ ඇයි? සහ කවුරුන් විසින්ද? කියන එක විතරයි වෙනස් වෙන්නේ.

ඔන්න ඔහොමයි අද මේ අරගෙන ඇවිල්ල තියෙන සිනමාපටයේ මුලිකම පිරිසෙහි ආරම්භය. ෆිල්ම් එකේදී තව විස්තර දකින්න ලැබෙයි ඔයාලට. ඉතින් මේ ඉටර්නල්වරුන්ව කොමික් එකක් විධියට නිර්මාණය කලේ Jack Kirby විසින්, ඒ 1976දි.

කොමික් පසුබිම පැහැදිලි කළා ඇති මම හිතන්නේ, මොකද ෆිල්ම් එක බැලුවම හොඳට තේරෙන විධියට කතාව තියෙනව. ඒ නිසාමද කොහෙද ගොඩක් අය රැල්ලට කියන අපෝ මේක ජරාවක් කියල. ඇයි කියල ඇහුවම කියන්නේ සමලිංගික හාදුවක් තියෙනව, බොලිවුඩ් නැටුමක් තියෙනව කියල. අනේමන්දා ෆිල්ම් එක පැය දෙකහමාරක්, මේ කියන සීන් දෙක තියෙන්නේ විනාඩි 10ක් වගේ. ෆිල්ම් එකම මනින්න ඔය සිද්දි දෙක යොදාගන්න එක කොයි තරම් සාධාරණයිද කියල මම දන්නේ නැහැ. ඔය සින් දෙක නිසා මේක නොබලා ඉන්න හිතනවා නම් මම කියන්නම් ඔයාලට මගහැරෙන්න යන්නේ මොනවද කියල. අනාගත මාවල් ප්‍රධාන චරිතයක් වෙන එක්තරා ආකාරයකට අමරණීය බ්ලැක් නයිට්ගේ පසුබිම, බොහෝ දුරට දැනට අනුමානයක් වෙන මාෂල් අලිගේ “බ්ලේඩ්” චරිතය හඳුන්වාදීමේ පළමු කැමියෝ එක. බ්ලිප් එකෙන් පසු සිදුවීම්, ඉතාම විශාල බලයක් හිමි ඉටර්නල්වරු තානොස් එක්ක සටනට ආවේ නැත්තේ ඇයි? ඩිවින්ට්ලා මේ වෙනකම් එලියට ආවේ නැත්තේ ඇයි? මාවල් විශ්වයේ මුල්ම ගොළු චරිතය? ඒ චරිතය රඟපාන ඇත්තටම කථන ආභාධිත නිළිය. මාවල් සිනමා විශ්වයේ අනාගතය ඉටර්නල්වරුන්ගේ ආගමනයත් එක්ක කොයි දිහාවටද යන්නේ? ඒ විතරක් නෙමෙයි 2021 වසරේ ආව සිනමාපටවලින් වර්ණවත්ම සිනමා දර්ශන තිබ්බ සිනමාපටයක් තමයි ඔයාල මගහැරගන්න යන්නේ. 🙂

මේකේ කාස්ට් එක දැක්කම පිස්සු හැදෙනව. Gemma Chan, Richard Madden, Kumail Nanjiani, Lia McHugh, Brian Tyree Henry, Barry Keoghan(Keanu Reeves, Luke Evans, Rami Malek සහ Ian McShane ව සලකා බලල තියෙනව බැරීට කලින්) , Harish Patel සහ විශේෂම හතරදෙනා, අනාගත මූන් නයිට් Kit Harington, සරාගී සහ සුරූපී Salma Hayek සමගින් අපේ හද සොරාගත් Angelina Jolie. ප්‍රධාන වශයෙන් මෙහි රංගනය වෙනුවෙන් එකතු වෙනවා. මෙහි අධ්‍යක්ෂණය සිද්දවෙන්නේ ඔස්කා සම්මානලාභී Chloé Zhao අතින් ඇයගේ සිනමාකරණ හැකියාවන් හරිම අපුරුවට මේකෙන් බලාගන්න පුළුවන්. Kumail Nanjiani කියල තියෙනව Chloé Zhao සැබෑම දර්ශන යොදාගන්න සෑහෙන්න උත්සහ කළා කියල. ඒ කියන්නේ ග්‍රීන් ස්ක්‍රීන් ඉතාම අඩුවෙන් භාවිතා කළා කියන එක. ඒ වගේම කතාව රචනා කරන්නෙ Ryan Firpo සහ Kaz Firp දෙන්නා. Ramin Djawadiගේ අපුරු සංගීතයෙන් කර්ණ රසායනික වෙන මේ සිනමාපටය වෙනුවෙන් සුප්‍රසිද්ධ කොරියානු පොප් සංගීත කණ්ඩායම වෙන BTS කණ්ඩායමේ ගීතයකුත් ඇතුලත් වෙනවා, ඒ විතරක් නෙමෙයි තානොස්ගේ මල්ලි ඊරෝස් එහෙම නැත්නම් ස්ටාර්ෆොක්ස් විධියට වන් ඩිරෙක්ෂන් කණ්ඩායමේ හැරී ස්ටයිල් එකතු වෙනවා. එහෙමනම් ඔන්න ඔයාලට බාරයි.

Subtiltes By

ශාන් විමුක්ති [විමා]

(Baiscopelk)

IMDb Rating 6.8 128,409 votes
Eternals (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Eternals (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Eternals (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Eternals (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Eternals (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Eternals (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Eternals (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Eternals (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Eternals (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Eternals (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Chloé Zhao
Director

Cast

Similar titles

Born to Defence (1986) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Emoji Movie (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rumble Through the Dark (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ne Zha (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Krishna Gaadi Veera Prema Gaadha (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
It Feeds (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Asterix & Obelix: The Middle Kingdom (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
X-Men: The Last Stand (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Murder Mystery (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spy Kids: Armageddon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Iron Man and Captain America: Heroes United (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Halloween Ends (2022) Sinhala Subtitles

(6) comments

  • bn May 12, 2022 Reply

    hii

  • thashini May 21, 2022 Reply

    can’t download

    • Cinesubz April 15, 2023 Reply

      now ok

  • jayodhya April 15, 2023 Reply

    mata me movie eka gannna ba. download now touch kalama cinesubz eke telegram ekata yanne

    • Cinesubz April 15, 2023 Reply

      dan ganna puluwan

  • Madushan August 27, 2023 Reply

    Link weda ne bn

Leave a Reply to Cinesubz Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published