Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 480p [No Ads]
  • Player 04 720p [NO Ads]
Finding Neverland (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Finding Neverland (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8 1 vote
Oct. 17, 2004United States106 Min.
Finding Neverland (2004) | චිත්‍රපටයකට වඩා වැඩි යමක්.

චිත්‍රපටය semi-biographical වර්ගයට අයිති වෙන්නේ. එනම් සත්‍ය සිදුවීම් පාදක කරගෙන නිර්මාණය කරපු චිත්‍රපටයක්. IMDb දර්ශකයේ 7.8/10 ක සාර්ථක අගයක් ලබපු මේ අතිවිශිෂ්ට සිනමා පටය සිනමා ඉතිහාසය තුල බිහිවූ අතිශය කලාත්මක චිත්‍රපටවලින් එකක් බව අවිවාදයෙන්ම පිළිගන්න පුළුවන්. ශ්‍රීමත් J. M. Barrie නම් ඒ අසහාය කලාකරුවාගේ ලෝ ප්‍රචලිත නිර්මාණයක් වන Peter Pan සඳහා පන්නරය ලබා ගත් අයුරු දිගහැරෙන මේ චිත්‍රපටය මේ පොලෝ තලයේ සැබෑ අසිරිමත් මිනිසුන් සිටිනා බව අපට නැවත නැවතත් සිහිකර දෙනවා. ඒ විතරක් නෙවෙයි කලා නිර්මාණ පිටුපස ඒ මහා නිර්මාණකරුවන් කරනු ලබන කැපවීම, ස්වභාවධර්මයෙන් ඔවුන්ට දායාද කර ඇති පරිකල්පන හැකියාව නම් වූ අගනා මිනිස් ගුණය, කලාව නම් අපූර්ව මාධ්‍යයෙන් ලොවම ස්පර්ශ කල නිර්මාණකරුවන්ගේ ඒ කැපවීම සෑම නිර්මාණයක් පිටුපසම සැඟවී ඇති බව පෙන්වීමටත් ප්‍රබල ලෙස සමත්වී තියෙනවා. කලා නිර්මාණයක් යනු කලාකරුවාගේ හදවතේ කැඩපත බව ප්‍රබල ලෙස අප හදවත් තුල සංවේදී කරවීමට මේ සිනමා පටය ක්‍රියා කර තිබෙනවා. මෙකී කරුණු Finding Neverland චිත්‍රපටයේ දෙවිදියකට නිරූපණය වෙනවා කීවොත් ඉතාමත් නිවැරදියි. එකක් චිත්‍රපටයට පාදක වී තිබෙන ශ්‍රීමත් J. M. Barrieගේ වෘතාන්තය හා බැඳුණු සිද්ධින්. අනික Finding Neverland නම් මේ අනගි සලරුවේ වන අද්විතීය සිනමාකරණය හා පසුබිම් සංගීතය. පරිකල්පනය කරගත් දෙය ප්‍රේක්ෂකයාට දායාද කිරීමට නම් කලාකරුවාට තිබිය යුත්තේ සුවිශේෂි හැකියාවක්. ඒ බව මේ දෙවිදියෙන්ම අපේ හදවතට සංවේදී කිරීමට මෙකී සලරුව සමත්වී තියෙනවා. ඒ නිසාමයි මෙවන් නිර්මාණයන්ට, පුද්ගලයන්ට ලොවේ සුවිශේෂි තැනකුත් හිමිවෙලා තියෙන්නේ. මෙය චිත්‍රපටයකට වඩා වැඩි යමක් බව මං කීවෙත් ඒ නිසයි.

අපූර්ව රංගන ශිල්පින්, ශිල්පිනියන් පිරිසකගේ කැපවීමෙන් මෙහි ප්‍රධාන චරිතයන් ටික කෙරීගෙන යනවා. Pirates of the Caribbean චිත්‍රපට මාලාව, Public Enemies (2009), Platoon (1986), Dark Shadows (2012), Transcendence(2014) , Sleepy Hollow (1999) වැනි ජනප්‍රිය චිත්‍රපටවල රංගනයේ යෙදුණු Johnny Depp ද, Titanic (1997), Revolutionary Road (2008), Eternal Sunshine of the Spotless Mind (2004), The Reader (2008) වැනි චිත්‍රපටවල රංගනයෙන් දායක වුණු ඔස්කාර් සම්මානලාභි Kate Winslate ද, Rain Man (1988), Kramer Vs. Kramer (1979), Sleepers (1996) වැනි චිත්‍රපටවල රඟදැක්වූ ඔස්කාර් සම්මානලාභි ප්‍රවීණ නළු Dustin Hoffman ද මෙහි මූලික චරිතයන් සඳහා දායක වෙනවා. 2005 ඔස්කාර් සම්මාන උළෙලේ සම්මාන 7 ක් සඳහා (හොඳම නළුවා, හොඳම රූ අදියුරු, හොඳම තිර රචනය, හොඳම පසුබිම් සංගීතය, හොඳම කලා අධ්‍යක්ෂණය, හොඳම වේශ නිරූපණය සහ හොඳම සංස්කරණය) Finding Neverland චිත්‍රපටය නිර්දේශ වී හොඳම පසුබිම් සංගීතය සඳහා සම්මානය (Jan A.P. Kaczmarek) දිනා ගත්තා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Marc Forster විසින්.

මේකේ යන කතාව මෙහෙමයි: J. M. Barrie (Johnny Depp) ගේ අසාර්ථක වේදිකා නාට්‍යයකට පසුව දිනක උද්‍යානයකදී Sylvia නම් වැන්දඹුව (Kate Winslate)යි, ඇයගේ පිරිමි දරුවන් හතර දෙනයි මොහුට හමුවෙනවා. පිරිසත් සමඟ ඇතිවන J. M. Barrie ගේ හිතවත්කම පසුකාලයක ඉතා ප්‍රබල වෙනවා. සිල්වියාගේ පවුලේ යම් යම් ගැටළු තිබෙනවා. පියා නොමැතිවීම නිසා Peter කියන දරුවා ඉතා මුරණ්ඩු තත්වයක ඉන්නේ. මේ ගැටවර වියේ ඉන්න දරුවන්ගේ දඟකාරකම් J. M. Barrie ග්‍රහණය කරගන්නේ කලා නිර්මාණයක මූලද්‍රව්‍ය හැටියටයි. J. M. Barrie නිතර මේ පවුල සමඟ සිටින නිසා විවිධ කටකතාත් පැතිරෙන්න පටන් ගන්නවා. මෙය ඔහුගේ විවාහය දෙදරා යාමට පූර්ව සංඥාවක් වෙනවා. කාලයත් එක්ක මොහු Sylviaයි ඇගේ දරුවන් එක්කයි නාට්‍යවල මෙන් විවිධ වීරක්‍රියා කරන්නට පටන් ගන්නවා. ඉතා අඳුරු ජීවිතයක් ගත කල දරුවන්ට J. M. Barrie ඇවිත් කළණ මිතුරෙක් වෙනවා. Sylviaගේ මව මේවට අකමැති නිසා ඔහුව ගැරහුමට ලක් කරනවා. කොහොමවුණත් J. M. Barrie ළමුන් සමඟ කරන මේ වීරක්‍රියා දිනෙන් දින තම සටහන් පොතේ වාර්තා කරමින් නාට්‍යයක් නිර්මාණය කරන්නට සිදුවීම් පරිකල්පනය කරගන්නවා. ඒ නාටකය “Peter Pan” ලෙස ඔහු නම් කරනවා. දිනක් J. M. Barrie සංවේදී කතාවක්Sylvia අතින් කියනවා. Barrie කුඩා කාලයේදීම ඔහුගේ සොහොයුරා මියයනවා. එයින් කම්පනයට ලක්වෙලා ඔහුගේ මව පසුව මියයනවා. එයින් James නම් තමුන්ගේ ළමා අවධිය අවසන් වනවා. ඔහු තමුන්ටම කාලයක් කියා ගත්තලු James Barrie “සිහින කොදෙව්ව” (Neverland) නමින් සිතින් මවාගත් ලෝකයකට ගිය වගක්. සිල්වියා අහනවා සිහින කොදෙව්ව මොන වගේද කියලා. එවිට Barrie කියනවා දවසක තමන් Sylviaයි දරුවන්වයි ඒ කරා රැගෙන යන බව. Peter Pan නාටකයේ වැඩ කටයුතු දිනෙන් දින කරමින් ඉද්දී Sylvia තුල කාලයක් තිබූ රෝගයක් උත්සන්න වෙනවා. පියා අහිමිවූ දරුවන් මෙයින් දැඩි කම්පනයට ලක් වෙනවා. මේ අභියෝග හමුවේ මේ සොඳුරු මිනිසාට සිය සලරුව නිම කල හැකිවේවිද? “සිහින කොදෙව්ව” නම් වූ ඒ ලෝකය යථාර්තයක් කරලීමේ පොරොන්දුව ඉටු කරන්නට හැකිවේවිද? චිත්‍රපටය බලලම මෙය දැන ගන්න පුළුවන්.

ජීවිතයේ ඇතිවන නොයෙක් දුක්ගැහැට හමුවේ ජීවිතය රස විඳීම, එම දුක්ගැහටම ආශිර්වාදයක් වෙමින් කුඩා දරුවන්ව පරිණත බවේ මාර්ගය සඳහා වන දොරටුව වෙත ගෙන යාම මෙන්ම මනුශ්‍යත්වය, කලාව යනු මිනිසාට ස්වභාවධර්මයෙන් දායාද කරන ලද අමිල දායාදයක් බවද මේ චිත්‍රපටය පුරා විද්‍යාමාන වෙනවා. Finding Neverland යනු චිත්‍රපටයකට වඩා වැඩි යමක් වන බව නැරඹු පසු ඔබට වැටහේවි.

Subtiltes By

විරාජ් කොඩිතුවක්කු (තෙලා)
(Baiscopelk)
IMDb Rating 7.7 208,912 votes
Finding Neverland (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Finding Neverland (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Finding Neverland (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Finding Neverland (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Finding Neverland (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Finding Neverland (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Finding Neverland (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Finding Neverland (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Finding Neverland (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Finding Neverland (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Marc Forster
Director

Cast

Johnny Depp isSir James Matthew Barrie
Sir James Matthew Barrie
Kate Winslet isSylvia Llewelyn Davies
Sylvia Llewelyn Davies
Julie Christie isMrs. Emma du Maurier
Mrs. Emma du Maurier
Dustin Hoffman isCharles Frohman
Charles Frohman
Freddie Highmore isPeter Llewelyn Davies
Peter Llewelyn Davies
Radha Mitchell isMary Ansell Barrie
Mary Ansell Barrie
Joe Prospero isJack Llewelyn Davies
Jack Llewelyn Davies
Nick Roud isGeorge Llewelyn Davies
George Llewelyn Davies
Luke Spill isMichael Llewelyn Davies
Michael Llewelyn Davies

Similar titles

Transformers: Age of Extinction (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blacklight (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Neighbors (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Scream 2 (1997) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Krishnamma Kalipindi Iddarini (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vijetha (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wonder Woman: Bloodlines (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ ඔන්ලයින් බලන්න , ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න
The Forbidden Kingdom (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
17 Again (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mere Hamdam Mere Dost (1968) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Harry Potter and the Prisoner of Azkaban (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Girl Who Leapt Through Time (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published