Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

Ghatikachalam (2025) | “මනෝ ආත්ම”

 

කෞෂික් කියන්නේ වෛද්‍ය සිසුවෙක්. හැබැයි මෙයා බයගුල්ලෙක්. (අමු බයගුල්ලෙක් නම් නෙවෙයි හැබැයි.) හැබැයි මෙයා ජීවත් වෙන්නේ හැදෙන්නේ තමන්ගේ දෙමාපියන් යන විදිහට (ටිකක් මං වගේ හැබැයි. ගොඩක්ම නෙවෙයි.).

එයාගේ තාත්තා තමයි කෞෂික්ගේ රස්සාව පවා තීරණය කලෙත්. අම්මා තමයි එයාගේ කෑම තීරණය කලේ. කොහොමින් හරි කාලයක් යද්දී මෙයාගේ මානසික මට්ටමත් පහලට වැටෙද්දී මෙයාට ඇහෙනවා කෙනෙක් තමන්ට විධානයක් දෙනවා වගේ දෙයක්. මුලින් මුලින් පොඩියට විධාන දීලා පස්සේ පස්සේ ලොකු විධාන දෙන්න ගන්නවා..

කවුද මේ විධාන දෙන කෙනා..?
ඇයි මෙයාට එහෙම වද දෙන්නේ?
ඇත්තටම කෞෂික්ට මොකක්ද වෙලා තියෙන්නේ?
එයාගේ දෙමාපියෝ එයාගේ වෙනසට මොකක්ද කරන්නේ?

මේවට උත්තර හොයන්න නම් ෆිල්ම් එක බලලම දැනගන්න වෙයි…

Comments