Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

God’s Crooked Lines (2022) | “මට ඇත්ත කියන්න, කවුද ඔයා?” | (18+)

මේ කතාව ගැන මම කියන දෙයක් වත් ඔයා විශ්වාස කරන්න එපා..මම එහෙම කිව්වේ ඇයි කියලා මේ පැය දෙකහාමාර ඉවර වුනාම තේරෙයි.. මේ කතාව කොහෙන්ද පටන් ගන්නෙවත් කියලා මට තේරෙන්නෑ… කොහොම හරි අපේ කතා නායිකාව ඇලීෂියා, මෙයා පුද්ගලික රහස්පරීක්ෂක වරයෙක්.. මෙයාව ඩොක්ටර් කෙනෙක් කුලියට ගන්නවා එයාගේ පුතාගේ මරණය සැක සහිත නිසා ඒ ගැන නැවත විමර්ශනයක් කරන්න.. හැබැයි මේ පුතා හිටපු තැන කිව්වොත් මේක මානසික රෝහලක්.. මේකේ විවිද වර්ගයේ මිනිස්සු ඉන්නවා.. ඇලිෂියාට මේ ගැන තොරතුරු හොයන්න යන්න වෙනවා මේ මානසික රෝහල ඇතුලට…. හැබැයි ඒකට එයාට නිකම්ම යන්න හම්බවෙන්නෙත් නෑ…ඇලිෂියා එකට බොරැවකුත් හදනවා නියමෙටම.. අපි කතාව බලලා ම බලමු මෙයා ඇතුලට යන විදිහ ඒ වගේම ඇලිෂියා මිනිමරැවා හොයා ගනියි ද , මෙයා මොකද්ද කියපු බොරැව… බලමු මෙයා මෙතනින් එලිය එයි ද කියලා ආපහු… එහෙමත් නැත්තං සේරම පැත්තකින් තියලා බලන අපිටත් පිස්සු හැදෙයි ද කියලා..😄

Comments