Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
Green Book (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Green Book (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10 1 vote
Nov. 16, 2018United States130 Min.
Green Book (2018) Sinhala Subtitle | අපි හැමෝම මිනිස්සු.

ඔන්න එහෙනම් සම්මානනීය, සත්‍ය කතාවක් රැගත්, අලුත්ම සිනමාපටයක් අරගෙන ආව. ඔස්කා සම්මානලාභී Three Billboards Outside Ebbing, Missouri (2017) සබ් එක ගෙනල්ල අවුරුද්දකට විතර පස්සේ තමා මේ සම්මානනීය සිනමාකෘතිය අරගෙන එන්න ඉඩකඩ ලැබුනේ. අනිවාර්යෙන්ම මේකත් ඔස්කා සම්මානයට පාත්‍රවෙයි කියල දැඩි විස්වාසයක් තියෙනව. ඒ විස්වාසය දැඩි වෙන්න හේතුව වෙන්නේ මේ සිනමාපටය මෙවර ගෝල්ඩන් ග්ලෝබ්ස් සම්මාන උළෙලේ සම්මාන ත්‍රිත්වයකට හිමිකම් කිව්ව නිසා, ඒ – Motion Picture, Best Motion Picture – Musical or Comedy, Best Performance by an Actor in a Supporting Role in a Motion Picture කියන කැටගරි තුන යටතේ. ඒ Best Director – Motion Picture සහ Best Performance by an Actor in a Motion Picture – Musical or Comedy කියන කැටගරියට යටතේ තවත් සම්මාන ද්විත්වයකට නිර්දේශ ලබමින්. ලැබුවා වූ සමස්ත නිර්දේශ 5න් 3ක් දිනාගන්න මේ සිනමාපටය සමත් වෙනවා. ඒ වගේම imdb 8.3ක අගයක්ද, කුණු තක්කාලි අඩවියේ 81%ක විචාරක අගයක් වාර්තා කරගනිමින් Imdb Top 250 ලැයිස්තුවේ #195 ස්ථානය දිනාගත් මේ සිනමාපටය, සිනමාවට පෙම් බඳින කිසිම කෙනෙක් මගහැරගන්න එපා. ප්‍රධාන චරිතය ලෙස මෙවර ගෝල්ඩන් ග්ලොබ්ස් සම්මන්නයට නිර්දේශ ලබාගැනීමට වරම් ලත් Viggo Mortensen, ගෝල්ඩන් ග්ලොබ්ස් සම්මානලාභී සහය නළුවා ලෙස Mahershala Ali රංගනයෙන් දායක වෙනකොට අධ්‍යක්ෂණය Peter Farrelly විසින් සිදුකෙරෙනව. සම්මානලාභී තිර රචනය Nick Vallelonga විසින් සිදුකරනවා. ඔව් ඔව් තමන්ගේ ජිවිත කතාව තමන්ම සිදුකරපු කෙනෙක් එයා 😀 ඒ Brian Hayes Currie, Peter Farrelly දෙන්නත් එක්ක එකතු වෙලා. ඒ වගේම මම වසරේ මුලින්ම සිනමාපටයක් වෙනුවෙන් ලබාදෙන උපසිරැසිය මෙයවීම පිලිබඳව දැඩිසේ සතුටු වෙනව. ඒ වගේම මුල් ලයින් ටික කරලා අනික් ටික කරගන්න වෙලාවක් නැතුව හිරවෙලා ඉන්න වෙලාවක සහයට ඇවිල්ල වැඩේ ඉවරයක් කරලා දුන්න උදයංගටත් ස්තුතිය හිමිවෙන්න ඕනා. එක පයින්ම හා කිව්ව ඇහුව ගමන්. ඒ වගේම මේ දීල තියෙන පිටපත කිසිදු අයුරකින් කැමරා කොපි නෙමෙයි මේ පිටපත සම්මාන උළෙලවල් පවතින කාලයන්හිදී හොර රහසේ එලියට නිකුත් වෙන ඒවා. ඉතින් ආයෙත් කියන්න ඕනා මම මේ අවුරුද්දේ දැනට බලපු හොඳම කතාවලින් එකක් මේක, මගහැරගන්න එපා.. අද රාත්‍රියේ වයිකින් තුලින් නැවත හමුවෙමු. එහෙනම් කතාව දිහාවට හැරෙමු.

“මම ඩොන් ෂර්ලි”
මම ඉපදුනේ 1927 වසරේ ජනවාරි 29 වෙනිදා, ඒ ජැමෙයිකාවේ ඉඳල ඇමරිකාවට සංක්‍රමණය වෙච්ච නිග්‍රෝ ජාතික අම්ම කෙනෙක්ටයි තාත්ත කෙනෙක්ටයි දාව, මට අපේ අම්ම අවුරුදු 2 ලබනකොට සංගීත භාණ්ඩ වාදනය හුරුකලා. වයස අවුරුදු 18 ලබනකොට මම Boston Pops වාද්‍ය වෘන්දයත් එක්ක එකතු වෙලා පියානෝ වාදකයෙක් විදියට මගේ පලවෙනි ප්‍රසංගය සිදුකලා. මට එකිනෙකට වෙනස් විෂයන් සඳහා ආචාර්ය උපාධි ත්‍රිත්වයක් තියෙනව. සංගීතය ඉන් එකක් විතරයි. ඇමරිකානු ජනපති රිචඩ් නික්සන්ගේ මල්ලිට උනත් රෑ දෙගොඩහරි ජාමෙක සෘජුව දුරකථන ඇමතුමක් දෙන්න උනත් පුළුවන් තැනක මම ඉන්නවා. හැබැයි ඒ මොන දේ තිබ්බත් බාහිර ලෝකයාට මම නිකම්ම නිකම් කල්ලෙක්. ඒත් මගේම මිනිස්සු මාව කල්ලෙක් විදියට පිළිගන්නේ නැහැ. මම ජිවත් වෙන්නේ බොහොම උසස් පැලැන්තියේ ජිවිතයක්. ඒ නිසා කල්ලන්ට මම කල්ලෙක් නෙමේ. ඒත් මගේ හම කලුයි, එතකොට සුද්දන්න්ට මම සුද්දෙක් නෙමේ. මට මගේ කියල හරි හැටි ජීවිතයක් නැහැ. මගේ බිරිඳගෙන් මම දික්කසාද වෙලා. සංගීතයත් එක්ක ජිවිතයට සාපයක් ලං වුනා. මම අපරාධකාරයෙක් වගේ හැම වෙලාවකම පාරේ ඉන්නේ. මට හැමදාම ප්‍රසංගයක් කරන්න කොතනකට හරි යන්න වෙනව. සමහරු කියනව මම සමලිංගිකක් කියලත්. ඒත් ඒ කාරණේ කිසිම කෙනෙකුට ඔප්පු කරගන්න බැරිවුණා. ඔය අතරවාරයේදී තමා මට සති අටක කාලයක් සඳහා මගේ රියදුරු විදියට ටෝනි වැලෙලොන්ගව මුණගැහුනේ. මිනිහා ඉතාලි ජාතිකයෙක්. තමන්ගේ දරු පවුලත් එක්ක ඇමරිකාවේ ජිවත් වෙන්නේ.. මහ නාහෙට නාහන අසික්කිත මිනිහෙක් වග මට තේරුනා මුණගැහුන වෙලාවේම… හැබැයි අන්තිමේදී ටෝනි මගේ ජීවිතකාලය පුරාවටම මගේ යාලුවෙක් විදියට මාත් එක්ක ජිවත් වුණා.. කොහොමද එහෙම උනේ ?

“මම ටෝනි ලිප්”
හැමෝම දන්නේ ටෝනි ලිප් කිව්වම තමා, මම තමා පොඩිකාලේ අපේ පැත්තේ හිටිය උන්ගෙන් මිනිහෙක්ව අන්දන්න දක්ෂම එකා. ආයේ කියන්න ඕන නැහැනේ එහෙනම් මගේ කට ගැන. වෙලාවකට මගේ ගෑනි පවා කියනවා අනේ පොඩ්ඩක් සද්ද නැතුව ඉමුද කියල. ඒත් මගේ තාත්ත මට කියල තියෙන්නේ වැඩක් කරනකොට ඒ වැඩේ සීයට සීයක්ම හරියට කරපන් කියල. ඉතිං මම කතා කරන වෙලාවට සියට සීයක්ම කතා කරනවා. මට ළමයි දෙන්නෙකුයි ලස්සන බිරිදකුයි ඉන්නවා. මම රස්සාවක් විදියට කරන්නේ සමාජශාලාවල බවුන්සර් ජොබ් එක. දෙන්නෙක් වලියක් දාගත්තොත් උන් දෙන්නට දෙකක් ඇනලා ක්ලබ් එකෙන් දොට්ට දාන එක තමා ඒ රස්සාවේ මුලිකම වැඩේ. ඊට අමතරව පොඩි සූදුවක් දෙකක් කෙලල කාවහරි අන්දලා පොඩි පොඩි ගතමනාවක් හොයාගන්නත් මම හරි රුසියා. මට පේන්න බැරි එවුන් තමා කල්ලෝ. උන් මහා අසික්කිත ජාතියක්. කොටින්ම දවසක් මගේ ගෙදර වැඩකට ගෑනි සමාගමකට කතා කරලා උන් ඒ වැඩේට එවල තිබ්බේ කල්ලෝ දෙන්නෙක්. උන් දෙන්නට මේ ගෑනි බිම විදුරු දෙකක් හදල දුන්න. මම කෙලින්ම ඒ විදුරු දෙක කුණුබක්කියට දැම්මා. ඕකුන් මහා ජරා එවුන්. මගේම වැඩක් නිසා මම වැඩ කර කර හිටිය ක්ලබ් එක මාස කිහිපයකට වහන්න උනා. රස්සාවක් නැතුව ගෙදර ඉන්නකොට සතියට ඩොලර් 125ක් එක්ක කන්න බොන්න ඉන්න හිටින්න සේරම ලැබෙන රියදුරු රස්සාවක් සෙට් උනා මට. 1960 දශකයේ හැටියට ඒ ගාන සෑහෙන ලොකු ගානක්. හැබැයි වැඩේ කියන්නේ මට වැඩ කරන්න වෙන්නේ කල්ලෙක් එක්ක. කට්ටිය කියන්නේ නම් මිනිහට ඩොක්ටර් කියල. මිනිහ කියන්නේ මිනිහ බෙහෙත් සම්බන්ධ ඩොක්ටර් කෙනෙක් නෙමේ සංගීතය ගැන ඩොක්ටර් කෙනෙක් කියල. ඌ මොකෙක් උනත් මට මොකෝ බල්ලෝ මරල හරි සල්ලි හම්බෙනවා නම් මට ඒ ඇති. ඒ වගේ ගානකට කල්ලෙක් එක්ක වැඩ කරන එක අවුලක් නැහැ මට. හැබැයි මිනිහා අමුතුම පොරක්. සෑහෙන ලොකු මොළකාරයෙක් වගේ. කොයි වෙලාවේ බැලුවත් මොකක් හරි කල්පනා කර කර ඉන්න බවක් පේන්න තියෙන්නේ.. ඌ කොහෙද මාත් එක්ක ඔට්ටු වෙන්නේ. මූ එක්ක ශේප් එකේ ඉඳල මගේ සල්ලි ටික හොයාගෙන ශේප් එකේ මේ සති 8 ගෙවාගන්න ඕනා.

You don’t win with violence,Tony.
You win when you maintain your dignity.
Dignity always prevails.

ඔයාට ප්‍රචණ්ඩත්වයෙන් දිනන්න බෑ ටෝනී,
ඔයා දිනාවි ඔයාගෙ ගරුත්වය පවත්වා ගත්තොත්.
ගරුත්වය හැම වෙලාවෙම ජය ගන්නව.

Subtiltes By

ශාන් විමුක්ති [විමා]
(Baiscopelk)
IMDb Rating 8.2 565,523 votes
Green Book (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Green Book (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Green Book (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Green Book (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Green Book (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Green Book (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Green Book (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Green Book (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Green Book (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Green Book (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Mahershala Ali isDr. Don Shirley
Dr. Don Shirley
P.J. Byrne isRecord Exec
Record Exec
Joe Cortese isGio Loscudo
Gio Loscudo
Maggie Nixon isCopa Coat Check Girl
Copa Coat Check Girl
Von Lewis isBobby Rydell
Bobby Rydell

Similar titles

Moonfall (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Shutter (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Social Network (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fifty Shades Darker (2017)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bloodshot (2020)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Final Destination 2 (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Elemental (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Star Wars: Episode 5 – The Empire Strikes Back (1980) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Extinct (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Triple 9 (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Behind the Line Escape to Dunkirk (2020) Sinhala Subtitles
Friend But Married 2 (2020) With Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published