මේ චිත්‍රපටය චිත්‍රපට ශාලා වල තිරගත කරන්න නියමිතව තිබුනත් 2020 ආරම්භයේ පටන් පවතින කොරෝනා වසංගතය හේතුවෙන් එහි විකාශන අයිතිය ඇපල් ටීවී එකට හිමි උනා. ඉතින් නිසා වෙනදාටත් කලින් අපිට බලන්න පුළුවන් මට්ටමේ පිටපතක් ලැබිලා තියෙනවා. එහෙනම් මම පොඩ්ඩක් කතාවට පාදක උන විස්තර ටිකක් කියන්නම්. මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ 1955 නිකුත් වූ The Good Shepherd නමැති නවකතාවයි . එය ලියවී තිබෙන්නේ C. S. Forester අතින්. දෙවන ලෝක යුධ සමයේදී අත්ලාන්තික් සාගරය තුල සිදුවූ යුධ කටයුතු ගැන තමයි මේ මේ පොතෙන් කරුණු එලි දක්වනු ලැබුවේ. දෙවන ලෝක යුද්ධය ආරම්භයත් එක්ක ඇමෙරිකාව තම සහය මිත්‍ර පාර්ශව වූ එක්සත් රාජධානියට ලබා දීමත් එක්ක වෙළඳ නැව් ඇමෙරිකාව හරහා එංගලන්තය බලා පිටත් උනා. එත් ජර්මනිය මේ කටයුතු ව්‍යර්ථ කරන්න විවිධ උත්සාහයන් දැරුවා. විශාල වශයෙන් මේ නැව් සාගරය තුල විනාශ කරන්න ජර්මනිය ප්රමුඛ සතුරු පාර්ශව උත්සුක උනා. මේ හේතුව නිසාම අමෙරිකාවෙන් පිටත් වෙන වෙළඳ නැව් සඳහා ඇමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නැව් කණ්ඩායමක් ඉදිරියෙන් ගමන් කලා පරිවාර නැව් වල ආරක්ෂාව වෙනුවෙන්. ඉතින් එහෙම නැවක කතාවක් තමයි මේ ග්‍රේහවුන්ඩ් චිත්‍රපටයට පාදක වෙන්නේ.
අමෙරිකාවෙන් ගමන් ගන්න පරිවාර නැව් 37 කින් සමන්විත නැව් කණ්ඩායමක් එංගලන්තය කරා යන්න නාවික හමුදා ප්‍රහාරක නැව් 4කට පැවරෙනවා. ඒ නැව් හතරේ ප්‍රධානියා ග්‍රේහවුන්ඩ්. ඒ වගේම සහයට ඊගල්, ඩිකී සහ හැරී නමින් තවත් ප්‍රහාරක නැව් 3ක් මේ කණ්ඩායමට එකතු වෙනවා. මේ ගමනේදී අත්ලාන්තික් සාගරය තුලදී මේ කණ්ඩායමට හමුවෙන විශාලම බාධකය වෙන්නේ ජර්මානු සබ්මැරින් හෙවත් U-Boat යාත්‍රා විශේෂයි. ග්‍රේහවුන්ඩ් ප්රමුඛ කණ්ඩායමට එවැනි සබ්මැරින් කණ්ඩායමකට මුණ ගැහෙන්න සිදුවෙනවා. අපි බලමු ග්‍රේහවුන්ඩ් කොහොමද මේ බාධකය ජය ගන්නේ කියල. ඇත්තෙන්ම ටිකක් ප්‍රමාද උනා මේ උපසිරස කරාට වඩා හොඳයි සීමන් කෝස් එකක් කලානම් කියල හිතුනා. ඒ තරම් නාවික බාශාව. සමහර වචන නම් නාවිකයෝ භාවිතා කරන ඒවාට සමාන නැතුව ඇති. එත් නාවිකයෝ නොවෙන යට තේරෙන්න මම වචන භාවිතා කරල ඇති.