Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

Hercules (2014) | සූරවීර දේවපුත්‍රයා…

 

සියුස් දෙවියන් පෘථිවියට ඇවිත් මනුෂ්‍යය දුවක් සමගින් එකතුවෙලා ඔවුන්ට පුතෙක් ලැබෙනවා. ඉතින් මේ පුතාට ඔහුගේ මව නම තියන්නේ සියුස් කියලා. සියුස් දෙවියන්ගේ පුතා උනාට මොහුට කිසි දෙයක් ලැබෙන්නේනම් නෑ. ඒ කියන්නේ මිළ මුදල් ඔහුට නෑ. ගොඩක් දුක් විදිනවා ජීවත් වෙන්න. නමුත් සියුස්ගේ දියළු ලෝකේ සිටින බිරිඳ වන හේරා හර්කියුලිස්ට කරන්න වැඩ 12ක් දෙනවා. මේ වැඩ දොලහ නිසා මොහු ආදරය කරන බිරිඳයි, දරුවන් තිදෙනයි මොහුට අහිමි වෙනවා. නමුත් සිද්ධ උනේ මොකක්ද කියලා ඔහුට තේරුම් ගන්න බෑ. ඒ ඔහුට ඒ දේවල් මතක නැති නිසා. ඒ වගේම හර්කියුලිස් ඔහුගේ එක් වීරක්‍රියාවක් සිදුකරමින් පැමිණෙන විට ඔහුට තානායමකදී එක් කාන්තාවක් මුණගැහෙනවා. ඇය ඔහුගෙන් උදව් ඉල්ලාගනෙයි පැමිණෙන්නේ. ඒ ඇගේ රටේ ඇති සිවිල් යුද්ධය අවසන් කරලා දෙන්න කියලා. ඉතින් හර්කියුලිස් මේ කාන්තාවත් එක්ක ඇගේ රටට යන්න පිටත් වෙනවා.

ඉතින් එහාට ගියාට පස්සේ මොකද වෙන්නේ කියලා ඔයාලම බලාගන්න. ඒවගේම මේ රටට යෑම නිසාවෙන් තමන්ගේ පවුලේ අයට උනේ මොකක්ද කියලා හර්කියුලිස්ට දැනගන්න ලැබෙනවා. ඒ වගේම මොහුට ඇබැද්දි රාෂියකට මුහුණ දෙන්න වෙනවා. හැමදාම කියනවා වගේම, කතාව ලියන්න මම දක්ෂ නෑ

Comments