Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන් CS Player එකෙන් බලන්න පුලුවන්.
Cast
Go Full Cast Pageආයුබෝවන් යාළුවනේ_ 👋🤍
අදත් අපි cinesubz.lk එකෙන් ඔයාලට අරගෙන ආවේ 2026 ආපු අලුත්ම Tamil Romantic Comedy Family Entertainer එකක් 🎬❤️ ඒ තමයි Kavin සහ Nayanthara ප්‍රධාන චරිත වලින් රඟපාන Hi සිංහල උපසිරැසි එක්ක.
නමේ තේරුම: Hi කියන්නේ අපි හැමෝම දන්න “හායි / ආයුබෝවන්” කියන එකටම තමයි. එක Hi එකකින් පටන් ගත්ත ආදර කතාවක් ඇතුලත ලොකුම අවුලක් වෙන විදිය තමයි මේකේ තියෙන්නේ.
🎬 චිත්‍රපටයේ විස්තර:
Hi කියන්නේ 2026 අගෝස්තු 28 තිරගත වෙලා සැප්තැම්බර් 25 ZEE5 OTT එකේ ආපු Tamil Romantic Comedy-Drama එකක්. මේක Vishnu Edavan ගේ අධ්‍යක්ෂණයක්. සංගීතය Jen Martin ගෙන්.
ප්‍රධාන චරිත වලට Kavin (Mayilsamy ලෙස), Nayanthara (Devayani ලෙස), Prabhu, K. Bhagyaraj, Radikaa Sarathkumar, Adithya Kathir, Sathyan, Febsi Vijayan, Qureshi, Kavya Arivumani වගේ ලොකු පිරිසක් ඉන්නවා. K. Bhagyaraj ගේ අවසන් චිත්‍රපට වලින් එකක් විදියටත් මේක විශේෂයි. කැමරාව Rajesh Shukla ගෙන්, සංස්කරණය Philomin Raj ගෙන්.
📖 ඉතින් අපි දැන් කතාව පැත්තට යමු…
ආදරයේදි හැමදාම Fail වෙන Mayilsamy (Kavin) ගේ එකම ප්‍රතිඥාවක් තියෙනවා – “Arrange Marriage නෑ, ආදරේ කරලම තමයි බඳින්නේ” කියලා. ඒ නිසාම ගෙදරින් එලියට ඇවිත් චෙන්නායි වලට එනවා.
අනිත් පැත්තෙන් Devayani (Nayanthara) තමන් අකමැති කෙනෙක්ට බන්දන්න හදන නිසා පවුලෙන් පැනලා චෙන්නායි වලට එනවා.
චෙන්නායි වලදි Devayani ව දකින Mayil එයාට ආදරේ කරන්න ගන්නවා. හැබැයි එයා ආදරේ කියන්න යන්න කලින්ම දෙන්නගෙම පවුල් දෙන්නව හොයාගෙන චෙන්නායි වලට එනවා! 😅
පවුල් වලින් බේරෙන්නත්, Devayani ට ආදරේ කියන්නත් Mayilsamy එක පොඩි බොරුවක් කියනවා. ඒ බොරුව බේරගන්න කියන බොරු එක්ක, පවුල් දෙකම ඒ බොරු ඇතුලේ පැටලෙන හැටි තමයි Hi කියන්නේ.
Mayil ගේ යාලුවා විදියට Adithya Kathir ගේ Counter Comedy සුපිරියටම වැඩ කරනවා. Bhagyaraj, Radikaa, Prabhu වගේ Senior ලා එයාලගේ චරිත වලට ලොකු ශක්තියක් දෙනවා. ගොඩක් චරිත හිටියත් හැමෝටම මතක හිටින තැනක් තියෙනවා කියන එකම ලොකු දෙයක්.
Jen Martin ගේ ‘Rasagulla’, ‘Kudikara Nenju’ වගේ සින්දුයි, Background Music එකයි මේ Light Feel එකට හරියටම ගැලපෙනවා.
මේක Colorful Family Entertainer එකක් නිසා ඒ අඩුපාඩු එච්චර දැනෙන්නේ නෑ. Feel Good Climax එකක් එක්ක පවුලේ සැමට බලන්න පුලුවන් ලස්සන ෆිල්ම් එකක්!
ඉතින්, එක බොරුවකින් පටන් ගත්ත ආදර කතාවක් වෙන Hi (2026) සිංහල උපසිරැසි එක්ක බලන්න දැන්ම අපේ cinesubz.lk වෙබ් අඩවියට එන්න 💻
බලලා ඔයාලට හිතෙන දේ යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා යාළුවනේ! 🌻




