Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01
  • Player 03 720p
  • Player 04 480p
  • Player 04 720p
House of Gucci (2022) Sinhala Subtitles | 18+

House of Gucci (2022) Sinhala Subtitles | 18+

Your rating: 0
10 1 vote
Nov. 24, 2021United States158 Min.
House of Gucci (2022) Sinhala Subtitles | ලොව අංක එකේ වෙළඳ සන්නාමය [සිංහල උපසිරසි] 18+

House of Gucci (2022) Sinhala Sub
House of Gucci (2022) Sinhala Subtitle
House of Gucci (2022) Sinhala Subtitles

 

GUCCI මේ නම අහල නැත්තන් දැකල හරි ඇති. විලාසිතා ලෝකේ ඉහළින්ම වැජඹෙන Gucci සන්නාමේ සුඛෝපභෝගී සමාජේ ආදරේ ගෞරවේ හිමි කරගන්නේ සියවසක කාලයක පටන්මයි. 1921 දී ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරයෙන් ආරම්භවෙන Gucci ආයතයේ කතෘවරුන් බවට පත්වෙන්නෙ විලාසිතා නිර්මාණ ශිල්පී Guccio Gucci සහ ඔහුගේ දෙටු පුත්‍ර Aldo Gucci. එතැන් පටන් පවුලේ ව්‍යාපාරයක්ව පැවතුණු Gucci ආයතනයේ හිමිකාරිත්වය අද පවතින්නේ Gucci පවුලෙන් පරිබාහිරවයි. මෙන්න මේ කාරණාව සිදුවෙන්න මූලිකව බලපෑම් කළ ඛේදජනක සිදුවීම් මාලාවයි House of Gucci චිත්‍රපටයට පාදක වෙන්නෙ.

Gucci නාමය 1921 පටන් අද වන තුරුම ලොව විලාසිතා සමග නිතර කියවෙන නමක්. ඉතාලියේ ෆ්ලෝරන්ස් හී ඇරඹෙන Gucci ඉතා කෙටි කාලයක් ඇතුලත ලොව පුරා දැවැන්ත විලාසිතා වෙළද නාමයක් ලෙස ඉදිරියට පැමිණියා. කෙසේ නමුත් චිත්‍රපටයට පාදක වනුයේ හැත්තෑව දශකයේ අගබාගයේ සිදු වූ Maurizio Gucci ගේ හා Patrizia Reggiani ගේ ආන්දෝලාත්මක විවාහයත් . ඉන් පසුව Gucci පවුල තුල සිදුවන අභ්‍යන්තර ව්‍යාපාර කොටස් අර්බුධ සමග Gucci පවුලට අත්වෙන ඛේදවාචකයයි. මෙය මෙලෙස සත්‍ය කතාවක් වුවද The House Of Gucci A Sensational Story Of Murder කෘතිය පාදක කරගෙන චිත්‍රපටයේ පිටපත රචනා වූ බව සදහන් .

House of Gucci සෑහෙන අවධානයක් දිනාගන්න එක් හේතුවක් වෙන්නෙ මෙය AlienBlade RunnerGladiatorThe Martian වැනි අතිවිශිෂ්ට ගණයේ චිත්‍රපට නිර්මාණය කළ Sir Ridley Scott ගේ අධ්‍යක්ෂණයක් වීම. දෙවන කාරණය Lady Gaga, Adam Driver, Al Pacino, Jared Leto, Jeremy Irons, Salma Hayek වැනි සුපිරි නළුනිළි කණ්ඩායමක් චිත්‍රපටයට රංගනයෙන් දායකවී තිබීම. Gucci ලෝකයේ අංක එකේ වෙළඳ සන්නාමයක් වීමත් මේ චිත්‍රපටයට මේ තරම් අවධානයක් හිමි වෙන්න හේතුවන්න ඇති. ඉතින් එවැනි කණ්ඩායමක දායකත්වයෙන් බිහිවෙන නිර්මාණයකට ලැබෙන්න ඕන කොහොම ප්‍රතිචාර ද? කණගාටුවට කාරුණ House of Gucci ඒ තරම් යහපත් ප්‍රතිචාර ලබාගත් චිත්‍රපටයක් නොවීම. චිත්‍රපටයට ලැබුණේ මිශ්‍ර ප්‍රතිචාර. අඩුපාඩුවක් විදිහට මම දුටු දේ නම් චරිත ගොඩනැංවීම තවත් ප්‍රබල ආකාරයෙන් සිදුවෙන්න තිබුණ බවයි. උදාහරණයක් විදිහට Jerad Leto රඟදැක්වූ චරිතය අපි දකින්නෙ අන්තිම අනුවණ මනුස්සයෙක් විදිහට. ඔහුගේ චරිතය ඒ සීමාවට කොටුවී තිබුණු බවක් දකින්න ලැබුණා. Lady Gaga රඟදැක්වූ චරිතයත් තවත් මතු වුණානම් හොඳ බවක් මට දැනුණෙ. ඒ වගේම විශේෂයෙන් හොලිවුඩයේ නැගී එන තරුවක් වෙන Leto තමන්ගේ බාහිර ස්වරූපය පවා වෙනස් කරගෙන චරිතයට අනුගත වී තිබුණු ආකාරය අතිවිශිෂ්ටයි. මේ වැනි දස්කම් දක්වමින් ප්‍රේක්ෂකයන් ගේ හදවතේ රැඳුණු අයට ඉන්නෙ Christian Bale, Gary Oldman, Johnny Depp වැනි ටික දෙනයි. Jerad Leto ඒ අතරට පැමිණෙන්න නියමිතයි. House of Gucci සිනමාකරණයත් රූපමය ගොඩනැංවීමත් ආකර්ෂණීය මට්ටමක් තිබුණ. විලාසිතා සම්බන්ධ තේමාවක් නිසා රූපමය ආකර්ෂණය අඩුවක් නැතිව චිත්‍රපටයෙන් අත්විඳගන්න පුලුවන්. සමස්තයක් විදිහට කොයිතරම් ඍණාත්මක ප්‍රතිචාර ලැබුණත් House of Gucci ඇහැට බොහෝම ප්‍රිය සහ රසවින්දනාත්මක සිනමා අත්දැකීමක් බව කිවහැකියි.

ධන තන්හාව හා නොසිදෙන ආශාවන් මිනිස්සුන්ව අරන් යන්නෙ හැම වෙලේම ඛේදවාචකයකට. ඒකට සමාජයේ තරාතිරම හෝ ස්ත්‍රීපුරුෂ භාවය අදාල වනුයේම නැහැ. කාන්තාව යන සාධකය හැමවෙලේම දෙපැත්ත කැපෙන පිහියක් . ඔවුන්ගේ අන්තවාදී ආකල්ප දැඩි විනාශකාරීයි. Gucci පවුලේ ඛේදවාචකය ලොවට කියන්නෙ ඒ විනාශයේ කතාවයි.

කෙසේ නමුත් චිත්‍රපටය පුරා ඇඩම් ඩ්‍රය්වර් , අල් පචීනෝ , ලේඩි ගාගා මෙන්ම ජෙරඩ් ලෙටෝ ගේ රංගනය පැහැදිලිවම චිත්‍රපටයේ ධනාත්මක අංගයක්. හැත්තෑව දශකයේ ඉතාලිය මෙන්ම විලාසිතා චිත්‍රපටය තුල ඉතාම සාර්ථක මෙන්ම ආකර්ශනීයව නිර්මාණය කරන්නටත් නිර්මාණකරුවන්ට හැකිව තිබීමත් මෙහි ධනාත්මක ලකුණක්. රිඩ්ලි ස්කොට්ගේ සෙසු චිත්‍රපට මෙන්ම මෙහිද සිනෙමැටොග්‍රැෆි හා සංගීතය ඉතාමත් ඉහල මට්ටමක තිබූ බවත් කිවයුතුමය් . විශේෂයෙන් මෙහි භාවිත කොට තිබූ ගීත චිත්‍රපටය මුල සිටම රැකගෙන ආ ස්ටය්ලිෂ් බවට පැහැදිලිවම එල්ල කලේ ඉහල බලපෑමක්.

ඉතින් හැමෝටම ආරාධනා කරනවා චිත්‍රපටිය රසවිදින්න කියලා.

Subtiltes By

‍ලක්ෂාන්
(Baiscopelk)
IMDb Rating 6.6 130,269 votes
House of Gucci (2022) Sinhala Subtitles | 18+
House of Gucci (2022) Sinhala Subtitles | 18+
House of Gucci (2022) Sinhala Subtitles | 18+
House of Gucci (2022) Sinhala Subtitles | 18+
House of Gucci (2022) Sinhala Subtitles | 18+
House of Gucci (2022) Sinhala Subtitles | 18+
House of Gucci (2022) Sinhala Subtitles | 18+
House of Gucci (2022) Sinhala Subtitles | 18+
House of Gucci (2022) Sinhala Subtitles | 18+
House of Gucci (2022) Sinhala Subtitles | 18+

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Ridley Scott
Director

Cast

Lady Gaga isPatrizia Reggiani
Patrizia Reggiani
Adam Driver isMaurizio Gucci
Maurizio Gucci
Jared Leto isPaolo Gucci
Paolo Gucci
Al Pacino isAldo Gucci
Aldo Gucci
Jeremy Irons isRodolfo Gucci
Rodolfo Gucci
Salma Hayek isGiuseppina
Giuseppina "Pina" Auriemma
Jack Huston isDomenico De Sole
Domenico De Sole
Camille Cottin isPaola Franchi
Paola Franchi
Reeve Carney isTom Ford
Tom Ford
Mãdãlina Ghenea isSophia Loren
Sophia Loren

Similar titles

Friendship (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bunty Aur Babli (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Unknown Saint (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Deewane Huye Paagal (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Italian Job (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Wandering Earth 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lone Survivor (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aaradugula Bullet (2021)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Saw III (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Khamoshi: The Musical (1996) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Humpty Sharma Ki Dulhania (2014) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Through My Window (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Adults only Movie

මෙම චිත්‍රපටයේ වැඩිහිටියන්ට පමණක් සුදුසු දෙබස් හා දර්ශන ඇතුලත් විය හැක.

Closing in 5 seconds