Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන් CS Player එකෙන් බලන්න පුලුවන්.
නොසැලකිලිමත් දෙමාපියන් නිසා වැනසුණු ජීවිත?
සුභ දවසක් වේවා. අද මම ඔයාලට අරගෙන ආවේ 2026 අවුරුද්දේ රිලීස් වුණ, දැනටමත් IMDb දර්ශකයේ 8.3 ක වගේ ඉහළම අගයක් කරා යන්න සමත් වෙච්ච සුපිරිම තෙළිඟු චිත්රපටයක් වෙන Hushar Pittalu සිනමාපටයයි. බික්ෂු කොයගුරගේ සුපිරි අධ්යක්ෂණයෙන් සහ තිර රචනයෙන් හැඩවුණ මේ නිර්මාණය ඇමසන් ප්රයිම් වීඩියෝ හරහා නිකත් කර තිබෙනවා මෙහි ප්රධාන චරිත රඟපෑමට ඇන්ෂ් තෝරට් එක්ක අලුත් නිළි වාසවී ගනේෂන් එකතු වෙනවා.
කතාව පැත්තට හැරුණොත් මේකෙන් කියවෙන්නේ එක එක වයස් මට්ටම්වල ඉන්න යොවුන් වියේ පසුවන ගැහැණු සහ පිරිමි ළමයින් දෙදෙනකු වටා ගෙතුණු අපූරු සිදුවීම් දාමයක්. තමන්ගේ නොමේරූ වයසත් එක්ක ඇතිවෙන ආකර්ෂණය, ආදරය සහ බාහිර සමාජයෙන් එන බලපෑම් නිසා මේ තරුණ ජීවිත මුහුණ දෙන අකරතැබ්බයන් වගේම ගැටුම් චිත්රපටයේ පළමු භාගයේදී බොහොම සැහැල්ලුවෙන් පෙන්නුවත්, දෙවැනි භාගය දිගහැරෙන්නේ හිතාගන්න බැරි තරම් සංකීර්ණ සහ අඳුරු පැත්තකටයි. නොසිතූ මොහොතක සිද්ධ වෙන එක සිදුවීමක් නිසා මුළු ගමම කැළඹිලා, ඔවුන්ගේ පවුල් ජීවිත උඩුයටිකුරු වෙන්නේ දෙමාපියන්ගේ වගකීම් සහ සමාජයේ බලපෑම් කොයිතරම්ද කියලා අපිට පසක් කරලා දෙමිනුයි.
ඉතින් cinesubz.lk අපේ වෙබ් අඩවියෙන් සිංහල උපසිරැසි තමයි සහිත වීඩියෝව ඩවුන්ලෝඩ් කරගෙන මේ සුපිරි අත්දැකීම විඳගන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.
ජයවේවා!


