
Udhayanidhi Stalin,Aathmika ,Prasanna,Srikanth,Bhumika වැනි ජනප්රිය රංගන ශිල්පීන් රංගනයෙන් දායක වෙන මේ චිත්රපටිය තමයි Kannai Nambathey…
ඉතින් කතාව ගැන කිව්වොත්.. අරුන් කියන්නේ හැමෝටම උදව් කරගෙන ජීවත්වෙන හිත හොද කෙනෙක්,ඉතින් දවසක් මෙයා යාලුවෝ එක්ක ඩ්රින්ක් එකක් දාන්න බාර් එකකට ගිය වෙලාවේ,අනතුරක් සිද්ධවෙනවා දකිනවා..ඉතින් ගිහින් බලපුවාම ඒ අනතුර සිද්ධවුන කාර් එක ඇතුලේ ඉන්නේ කාන්තාවක්,එයා මොකක් හරි ප්රශ්නෙක ඉන්නවා කියල තේරුන අරුන්,එයාගෙන් විස්තර අහනවා..ඉතින් ටික වෙලාවකට පස්සෙ ඒ කාන්තාව අරුන්ගෙන් උදව්වක් ඉල්ලනවා..ඒ තමයි එයාව ගෙදරට ඇරලවන්න පුලුවන්ද කියල…ඉතින් කොහොම හරි අරුන් ඒ කාන්තාව ගෙදරට ඇරලවනවා..එදා හොදටම වැහි දවසක් නිසා,කාන්තාව කියනවා,එයගේ වාහනෙ අරගෙන ගිහින් උදේට ගෙනත් දෙන්න කියල..ඉතින් නන්නාදුනන කෙනෙක් මෙහෙම තමන්ගේ වාහනේ අරගෙන යන්න දෙන එක ගැන පුදුම වෙන අරුන්,ඒ ගැන ප්රශ්න කරත්,ඒ කාන්තාව කියන්නේ කමක් නෑ අරගෙන යන්න කියල,ඉතින් අරුන් කාර් එකත් අරගෙන යනව… ඉතින් පහුවදා උදේ කාර් එක ආපහු දෙන්න යන්න හදද්දි දකින දෙයින් අරුන් විමතියට පත්වෙනව.කාර් එකේ ඩිකියේ ,ඊයේ රෑ එයා උදව් කරල ගෙදරට ඇරලවපු කාන්තාවගේ මිනිය තියෙනවා..ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ කියල බලන්න,අරගෙන බලන්නකෝ එහෙනම් Kannai Nambathey…(දෑස් විශ්වාස කරන්න එපා)