Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2413 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Karwaan (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Karwaan (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.3 11 11 votes
Aug. 03, 2018India125 Min.

Karwaan (2018) | ජීවිතයෙ අරමුණ සොයා යන ගමනක්

ෆිල්ම් එක ගැන කියනවා නම් මේක imdb වල 8.1ක් වැනි ඉතාම ඉහළ අගයක් ලැබිලා තියෙන ෆිල්ම් එකක්. ඒ වගේම මෙක comedy/drama ෆිල්ම් එකක්. ඉතින් මේක පොදු තැනක ඉඳගෙන මේක බලන්න එපා, මොකද ඔයාලට හිනහා ගියොත් මිනිස්සු බලයි මේ මොකද කියලා.

සාමාන්‍යයෙන්  සමහර comedy ෆිල්ම් තියෙනවනෙ අපිට බල කරලා හිනස්සවන්න හදන. ඒවට හිනා යන්න තමන්ම කිති කවා ගන්න ඕන. මේක ඒ වගේ විකාර තියෙන එකක් නම් නෙවෙ. සාමන්‍ය විදියට ගලාගෙන යන යම් තේරුමක් තියෙන කතාවක්. ඉතින් ඒක, එක හෙතුවක්  වෙන්න ඕන මම හිතන විදියට මේකට ඉතා ඉහළ රේටින් අගයක් ලැබිලා තියෙන්නෙත්.

තව හේතුවක් තමයි මම හිතන විදියට මෙහි ඉර්ෆාන් ඛාන් රඟපාන ශෞකට් චරිතය. ඒ චරිතය අපිත් එක්ක ඉන්න එක් යහළුවෙක්ගෙ චරිතයක් නිරූපණය කරනවා. ඒ කියන්නෙ අපිට ඉන්නවනෙ අපි සීරියස් වෙලා ඉන්න වෙලාවක අඟට පතට නොදැනී කට කැඩිච්ච කතා කියන යහලුවෙක්. ඉතින් ඒ වෙලාවට අපිට හිතෙන්නෙ හොම්බට දෙකක් අනින්න. ඒ වගේම කොහේ හෝ ගියාම ඕනම කෙනෙක් එක්ක යාලු වෙනව ඉක්මනටම. ඕනම නම් පිටසක්වල ජීවියෙක් උනත් විනාඩියෙන් යාළු කරගන්නවා. ඒ වගේම හිත හොඳයි, සංවේදි, බොක්ක උනත් දෙන කෙනෙක්. ඒ වගේම අපි සමහර වෙලාවට අමරුවෙ වැටෙනවා ඒ යාලුවත් එක්ක වැඩක් කරන්න ගියාම. ඒ වගේම අපිට කරගන්න අමාරු සමහර වැඩ ලේසියෙන්ම ගොඩ දාලාත් දෙනවා. ඉතින් මේ වගේ චරිතයක් තමයි ඉර්ෆාන් රඟපාන්නෙ. එතකොට මෙකෙ ඉන්න සීරියස් චරිතය තමයි අවිනාශ්.

කතාව ගැන කියනවා නම් අවිනාශ් කියන කෙනාගේ තාත්තා වන්දනා ගමනක් යද්දි අනතුරකට මුහුණ දීලා මිය යනවා. ඉතින් ට්‍රැවල් ඒජන්සියෙන් තාත්තගෙ සිරුර ගුවන් තොටුපලට එවනවා. මේ සිරුර ගෙන්න අවිනාශ් සහය ගන්නෙ ශෞකට්ගෙන්. සිරුර අරගෙන අවිනාශ් තීරණය කරනවා ඒක පුච්චන්න. පුච්චන්න අදාහනාගාරයට ගියාම තමයි අවිනාශ් සහ ශෞකට් දැන ගන්නෙ ඒ තාත්තගෙ සිරුර නෙවේ කියලා. ඉතින් අවිනාශ් සහ ශෞකට් තීරනය කරනවා මේක අදාල පුද්ගලයින්ට ගෙනිහින් දීලා තාත්තගෙ සිරුර අරගෙන එන්න. ඉතින් ඔවුන්ට ඉතා දීර්ඝ ගමනක් යන්න වෙනවා. ඒ යන ගමන අතරවාරයේ තමයි සේරම අවුල් ටික සිදුවෙන්නෙ. මෙය comedy ෆිල්ම් එකක් වගේ ආර්ම්භය සිදුවුනාට අවසානයට යනවිට සංවේදි වෙන්න පටන් ගන්නවා. අවසානයේ කියන දෙය අපිටත් ආදේශ කර ගත්තොත් සමහර අයට තේරුම් යයි මේ කියන්නේ අපි ගැන නේද කියලා.

එහෙනම් අවිනාශ්ට සහ ශෞකට්ට තාත්තගෙ සිරුර හොයා ගන්න පුළුවන් වෙයිද? ඔවුන් ඒ වික්‍රමය සිදු කරන්නෙ කොහොමද? ඔවුන්ට සිදුවන කරදර ජරමර මොනවද? අවසානයේ මේ දීර්ඝ ගමන නිසා අවිනාශ් සහ ශෞකට් තම ජීවිතයේ අරමුණ සොයා ගනීද? කියලා බලන්න ෆිල්ම් එක බලන්න වෙනවා.

Subtiltes By

තාරක නුවන්

(Baiscopelk)

IMDb Rating 7.6 17,022 votes
Karwaan (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Karwaan (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Karwaan (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Karwaan (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Karwaan (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Karwaan (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Karwaan (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

HDRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Munna Bhai M.B.B.S. (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Zoya Factor (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Shabaash Mithu (2022) Sinhala Subtitles | “නිල් පැහැයෙන් සැරසුණු කාන්තාවෝ” | සිංහල උපසිරැසි සමඟ
Congrats My Ex! (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thor: Ragnarok (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Parasite (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Planet of the Apes (2001) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Union (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Iron Man 3 (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Singapore Saloon (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Duplicate (1998) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hero (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ (Re – Uploaded)

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published