Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන් CS Player එකෙන් බලන්න පුලුවන්.
Cast
Go Full Cast Pageඅප වෙන් කළ දෛවයම, අප එක් කළ අපූරුව
“දෛවය” හරිම පුදුමාකාරයිනේ? දෙදෙනෙක්ව මුණගස්සන්න ඕන වුණාම, කොහොම හරි ඒ දේ කරනවා. ඒ නිසානෙ, ඔයාගෙ ආදරවන්තයා හෝ ආදරවන්තියව, ඉස්සෙල්ලම හම්බවුණාම කියන්නෙ, “මං එයාව කළින් ඉඳන් දන්නව වගේ කියලා” ඒකනෙ දකින පළමු බැල්මනේම ආදරයක් ඇතිවෙන්නෙ…. ඒත් එහෙම දෙන්නෙකුට, ලේසියෙන් එකතු වෙන්න, අර කළින් කියපු ‘දෛවයම’ ඉඩ දෙන්නෙ නෑ නේද? ඒක එහෙම ලේසි පහසු වුණා නම්, ‘දෛවය’ කියන මාතෘකාව මෙච්චර රසවත් නොවෙන්න තිබ්බා. ‘දෛවය’ විසින්ම එවැනි ආදරයකට ‘අකුල්’ හෙළන තරමටම, බාධා වැඩි කරන තරමටම, ඒ ආදරය තව තවත් ශක්තිමත් වෙනව නේද? සමහර විට ඒ ආදරය මේ ජීවිතයේදී එකතු නොවෙන්නත් පුළුවන්. ඒත් ඊළඟ ආත්මයේදී, ඒ ආදරය පෙරටත් වඩා ශක්තිමත්ව, ආදරණීයව එකතු වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මං මුළින්ම කිව්වෙ, ‘දෛවය’ හරිම පුදුමාකාරයි කියලා….. “ඔබ සුරඟනන්ටත් වඩා අගනේය, මුළු ලොවටම ඔබ තරම් අයෙක් නොවේ, අවසන, අප මේ සටන ජයගත්තා.” එන්න…..අපි සැරිසරමු….සුන්දර කාෂ්මීරයේ, රමණීය කුඩා ගමක…. මේ කථාව ඔයාගෙ හදවතටම කථා කරනවා සහතිකයි…. මොකද මේක තවත් එක් ආදර කථාවක්ම නොවන හින්දා!





