Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 480p [No Ads]
  • Player 03 720p [No Ads]
Living (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Living (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10 1 vote
Nov. 04, 2022United Kingdom102 Min.
Living (2022) | මැරෙනව කියල දැනගෙන ජීවත් වෙන්න.

විලියම් කියන්නෙ ලන්ඩන් නුවර සමාජ සේවා අංශයේ ප්‍රධානියා. ඒ කියන්නෙ අපේ කච්චේරිය වගේ කියල හිතුවොත් ඒකෙ එක අංශයක ලොක්කෙක් වගේ. ඉතින් විලියම් දැන් අවුරුදු ගානක් තිස්සෙ මේ රස්සාව කරන්නෙ. සමාජ සේවා අංශයේ කිව්වට ඉතින් මෙතනින් වෙන සමාජ සේවයක් නම් නෑ. ඒත් එක දවසක් විලියම් දැනගන්නවා තමන්ට හොඳ කරන්න බැරි ලෙඩක් හැදිල, තව බොහොම ටික කාලයයි ජීවත් වෙන්න තියෙන්නෙ කියල. එතකොට තමා විලියම්ට තේරෙන්නෙ තමන්ට ලැබුණු මේ වටිනා මිනිස් ජීවිතය කිසිම අරමුණක් නැති කිසිම වැඩක් නැති කා වෙනුවෙන් වත් කිසිම දෙයක් නොකරපු ජීවිතයක් කියල. ඒ නිසා තමන්ට ජීවත් වෙන්න ඉතිරි වෙලා තියන ටික කාලය පාවිච්චි කරල තමන්ට වගේම අනිත් අයටත් අර්ථවත් දෙයක් කරන්න විලියම් උත්සහ කරනවා. ඉතින් ඒ දේ කරන්න විලියම්ට පුළුවන් වෙයිද?

2022 නොවැම්බර් 04 දින එක්සත් රාජධානියේ සහ දෙසැම්බර් 23 දින ඇමරිකාවේ තිරගත කිරීම ආරම්භ කරපු වගේම Acadamy සම්මාන උළෙලේ සහ තවත් සම්මාන උළෙලවල් ගණනාවක් නියෝජනය කරපු Living සිනමාපටයේ උපසිරැසිය තමා අද මං බයිස්කෝප් වැසියන් වෙනුවෙන් අරගෙන එන්නේ. Oscar සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය සඳහා නිර්දේශ වෙන්න මේකෙ ප්‍රධාන චරිතයට පණ පොවන Bill Nighy සමත් වෙන්නෙ මේ සිනමාපටයේ සාර්ථකත්වයට ඔහුගේ රංගනය කොයි තරම් ඉවහල් උනාද කියන එක මනාව පසක් කරමින්. Pirate of the Caribbean චිත්‍රපට මාලාව ඇතුළු තවත් චිත්‍රපට සහ රූපවාහිනී කතා මාලා බොහෝ ප්‍රමාණයක වගේම ඔයාල දැකල ඇති Harry Potter චිත්‍රපට කිහිපයකත් Bill Nighy රංගනයෙන් දායක වෙලා තියනවා. ඔහුට අමතරව අපි අර ආසාවෙන් බලපු එකම අධ්‍යාපන කතා මාලාව වන 😉 Sex Education කතා මාලාවේ ඒමි ගෙ චරිතයට පණ දුන්න Aimée Lou Wood මේකෙ ප්‍රධාන නිලි චරිතයට පණ පොවනවා. Drama ගණයට වැටෙන මේ ෆිලුම IMDB අගය 7.3/10 වගේම කුණු තක්කාලි අගය 96% තරම් ඉහල මට්ටමක් ලබා ගන්නත් සමත් වෙනවා.

මේ චිත්‍රපටයට පාදක වෙන්නෙ 1952 දී ජපන් අධ්‍යක්‍ෂවරයෙක් වන Akira Kurosawa අධ්‍යක්ෂණය කරපු Ikiru නම් චිත්‍රපටයේ කතා තේමාවයි. ඒ වගේම එතනිනුත් ටිකක් ආපස්සට ගියොත් Ikiru චිත්‍රපටය හැදෙන්නේ රුසියානු නවකතා කරුවෙක් වන Leo Tolstoy (ලියෝ ටෝල්ස්ටෝයි) විසින් 1886 දී රචිත The Death of Ivan Ilyich කියන පොත ආශ්‍රයෙන්. ඒ වගේම කියන්න ඕනෙ මේක Drama ගණයට වැටෙන ෆිලුමක් නිසා අපේ Story type ෆිලුම් බලන යාළුවොන්ට තමා ගොඩක්ම ගැලපෙන්නේ. ඒත් අනිත් අයත් මේක බැලුව කියල කිසිම පාඩුවක් වෙන්නෙ නෑ මොකද මේකෙන් අපේ ජීවිතේට ගන්න දේවල් ගොඩක් තියනවා. මමත් ටිකක් සංවේදී උනා මේකෙ සමහර තැන් වලදී. ඇත්තටම මේ දේවල් අපිට උනත් වෙන්න පුළුවන්. මරණය කියන දේ කොයි වෙලේ අපිව හොයාගෙන එයිද කියල අපි දන්නෙ නෑ. සමහර අය ජීවත් වෙන්නෙ තමන් සදාකාලිකවම මේ ලෝකෙ ජීවත් වෙනව වගේ. සබ කරන්න ඉඩ දුන්න විමා සහෝට ස්තූති කරන ගමන් අන්තිමට කියන්න තියෙන්නෙ “මැරෙනව කියල දැනගෙන ජීවත් වෙන්න” කියල තමා. හැමෝම පරිස්සමින් ඉන්න.

Subtiltes By

සුජිත් ප්‍රියංකර
(Baiscopelk)
IMDb Rating 7.3 14,309 votes
Living (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Living (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Living (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Living (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Living (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Living (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Living (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Living (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Living (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Living (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Bill Nighy isWilliams
Williams
Aimee Lou Wood isMargaret Harris
Margaret Harris
Alex Sharp isPeter Wakeling
Peter Wakeling
Tom Burke isSutherland
Sutherland
Hubert Burton isRusbridger
Rusbridger
Zoe Boyle isMrs. McMasters
Mrs. McMasters

Similar titles

C U Soon (2020) Sinhala Subtitles
Little Forest (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Terror on the Prairie (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
All Is Well (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Befikre (2016 Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Posham Pa (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tezz (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kong: Skull Island (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Colour Photo (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Raid (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Deep Fear (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Polar (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published