Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

පැටලුණු ඉරණම

2025 අවුරුද්දේ නිකුත් වුන “Blue” (파란) චිත්‍රපටය එහෙමත් නැත්නම් කොරියානු භාෂාවෙන් “파란” (Paran) කියන්නේ නළු ලී සූ හ්යුක් සහ නිළි හා යොන්ග් කියන දෙන්නා රඟපාන චිත්‍රපටයක්, මේ චිත්‍රපටය ජාත්‍යන්තරව “Lost” කියන නමින් හඳුන්වනවා, අපි එහෙනම් චිත්‍රපටය පැත්තට හැරමුකෝ…
“අපරාධකාරයෙක්ගේ පුතෙක් සහ වින්දිතයෙක්ගේ දුවක්”
තේ-හ්වා සහ මී-ජි කියන්නේ එකිකෙනාගේ ඉරණම පැටලුණ දෙන්නෙක්, සාමාන්‍යයෙන් එකිනෙකාට වෛර කරන්න ඕනේ වුනත්, කවදාවත් හිතවත් වෙන්න ඕනේ නොවුනත්, මේ දෙන්නා අන්තිමේදි මුණගැහෙනවා, ඒ අපරාධකාරයෙක්ගේ පුතෙක් සහ වින්දිතයෙක්ගේ දුවක් විදියට…
තේ-හ්වා ඇත්තටම අපරාධකාරයෙක්ගේ පුතෙක්ද?
මි-ජී ඇත්තටම වින්දිතයෙක්ගේ දුවක්ද?
තේ-හ්වාගේ තාත්තා ඇත්තටම අපරාධකාරයෙක්ද?
මි-ජීගේ තාත්තා ඇත්තටම වින්දිතයෙක්ද?
චිත්‍රපටය ඇත්තටම වෙනම පැත්තකට ඇදිලා යනවා, ඒක ඉතින් බලලාම දැනගන්නකෝ,

Comments