Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Magamuni (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Magamuni (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 10
10 2 votes
Sep. 06, 2019India157 Min.
Magamuni (2019) | මගා සහ මුනි

මේ වසරේ දකුණු ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ දමිළ සිනමාවෙන් නිර්මාණය වුන Drama/Mystery/Thriller වර්ගීකරණයට අයත්වන තවත් ‧ සුවිශේෂි චිත්‍රපටයක් තමයි Magamuni කියන්නේ.! ඇත්තටම මේ චිත්‍රපටයක්ද..? නැතිනම් ජිවිතයේ මඟපෙන්වන තවත් විදියක දේශනාවක්ද..? ඔය ප්‍රශ්නයට උත්තර චිත්‍රපටය බලන විටදි පවා සොයාගැනීමට අපහසුවෙයි.! (මා‍ගේ පෞද්ගලික අදහස) ඉතින් ඒ වගේ සුවිශේෂිවු සිනමා නිර්මාණයක් නැතිනම් සාම්ප්‍රදායික නොවන සිනමා නිර්මාණයක් ගැන සාම්ප්‍රදායික පුරුදු විදියට විස්තර කිරිම යෝග්‍ය වන්නේ නැති යැයි සිතා වෙනස් ආකාරයකින් සිනමාපටය ගැන විස්තර ඉදිරිපත් කිරිමටයි මේ සුදානම.! එසෙනම් චිත්‍රපටය ගැන සමාලෝචනයක් ( Review) කියවීමට සුදානම් වෙන්න.

අධ්‍යක්ෂකවරයා ගැන….
හැම සාර්ථක සිනමා නිර්මාණයකම මුදුන්මල්කඩ වන්නේ තිරපිටපතම බව මනාව පසක් කරමින් මේ සිනමාපටයෙ අධ්‍යක්ෂකවරයා මෙන්ම රචනයද කල ඔහු නමින් සාන්තකුමාර් ය. මේ ඔහුගේ දෙවැනි සිනමා අධ්‍යක්ෂණයයි ඔහුගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය සහ රචනය Mouna Guru 2011 සිනමාපටය වේ. පලමු සිනමාපටයෙන් අනතුරුව දිගු නිහැඬියාවකින්ද පසු ඇති තරම් කාලය ගෙන මෙවර ඔහු පැමිණ ඇත්තේ ඉතාමත් විශිෂ්ඨ අද්විතීය සහ උසස් මට්ටමේ සිනමා නිර්මාණයක් සමඟින්.! චිත්‍රපටයේ චරිත නිරෑපණය,චරිතයන් සඳහා ලබාදී තිබෙන එක් එක් කාර්ය්‍යභාර්ය්‍ය,සුක්ෂම දෙබස් සහ චිත්‍රපටයෙන් සමාජයට නිකුත් කරන ගැඹුරු පණිවිඩය යන දේවල් ඉතා උසස් තියුණු සහ දැඩි තීරණාත්මකව නිර්මාණය කර තිබෙන බව පැවසීය යුතුම කාරණාවක් වේ.කිසිඳු විටක ඔහු තම කතාව පැවසීමට ඉක්මණ්වී නැති බවත් පෙනෙන කරුණක්.!

ආර්යාගේ අද්විතීය රංගනය.!
මේ සිනමාපටය අර්යාගේ රංගන දිවියේ එක හැරවුම් ලක්ෂයක්ම වන බව අවිවාදයෙන්ම කිව යුතු කරුණක්.! බොහො දෙනාද පවසා ඇත්තේ මේ ඔහුගේ රංගන දිවියේ හොඳම රංගනය මෙය බවය. ද්විත්ව චරිතයන් රඟදක්වන ආර්යා මින් පෙර ඔහු විසින් රඟපෑ සිනමාපටවල තමන් හොබනවන ලද චරිතයන්ට වඩා හාත්පසින්ම වෙනස්ම ආරකින් තම ප්‍රේක්ෂකයින් හමුවට මෙවර පැමින තිබෙනවා. ඔහුගේ එම සුවිශේෂිම රංගනය චිත්‍රපටයේ් කතාවට හොඳින් සම්බන්ධ වී විශාල පෙරලියක්ද ඇති කර තිබෙනවා.ආර්යා මහත් සංයමයෙන් තම චරිතයට හොඳ සාධාරණයක්ද ඉටුකර තිබෙන බව හොඳින්ම දකින්නට ලැබෙනවා.

පසුබිම් සංගීතය….
චිත්‍රපටයේ පසුබිම් සංගීතයද තිරපිටපත,අධ්‍යක්ෂණය සහ චරිත නිරූපණය යන දේවල් සමඟ සමාන්තර ලෙසින් ගලාගෙන යනවා S. Thaman නම් වු සංගීත අධ්‍යක්ෂකවරයා‍ විසින් මේ චිත්‍රපටය සඳහා සකසන ලද පසුබිම් සංගීතය නිසාවෙන් චිත්‍රපටය තවත් ඔපමට්ටම් වී ඉතාමත් හොඳ අලංකාරත්වයක්ද එකතු කොට ඔහුද චිත්‍රපටයේ තමන්ට පැවරි තිබෙන වඟකීම අකුරටම ඉටුකිරිමට සමත්ව තිබෙනවා.එමගින් චිත්‍රපටයේ කතාවට හොඳ අරුතක් ගෙන එන බවද කිවයුතුම කරුණක්..!

නිලියන් සහ අනෙකුත් සහය නළුවන්..!
ප්‍රධාන කාන්තා චරිතයන් හොබවන Indhuja Ravichandran සහ· ‎Mahima Nambiar යන නිලියන්ද තම චරිතයන් සහ ඒවායේ භූමිකාව හොඳින් වටහාගෙන තම තමන් නිරූපණය කරනා චරිතයන්ට මහඟු ලෙස සාධාරණයක් ඉටුකිරිමට හොඳින් වඟබලාගෙන තිබෙනවා.සෙ‍සු සහය නළුවන්ද තම චරිතයන් මැනැවින් වටහාගෙන තමන්ගේ චරිතයන්ට සාධාරණයක් ඉටුකරමින් ඔවුනට පැවැරුන වඟකීම අකුරටම මෙන්ම සාර්ථකවද ඉෂ්ට සිද්ද කර තිබෙනවා.

Subtiltes By

ඉන්ද්‍රජිත් උදය කුමාර
(Baiscopelk)
IMDb Rating 7.6 2,531 votes
Magamuni (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Santha Kumar
Director

Cast

Similar titles

Pathaam Valavu (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Lift (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Circle (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
John and the Hole (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
xXx: State of the Union (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Thursday (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kodiyil Oruvan (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Heads & Tales (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lady Macbeth (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yaara (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Promised Land (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Unforgivable (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

CAMCAM

Closing in 5 seconds