Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

සුබ දවසක් ඔයාලා හැමෝටම මම අද ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නෙ 2026 අලුතින්ම රිලීස් වුන Mango Pachcha කියන කන්නඩ move එකක්. මේ movie එකේ ප්‍රධාන චරිතයට රග පාන්නේ සංචිත් සංජීව් එයාගේ පලවෙනි movie එක තමයි මේක එතකොට ප්‍රධාන නිලිය කාජල් කුන්දර් රංගනයෙන් දායක වෙනවා.මේ movie එක crime drama ගනයට තමයි අයිත් වෙන්නේ. අපි යමු කතාවට.
​කතාව ගොඩනැගීලා තියෙන්නේ  2001 – 2011 කාලවකවානුව තුළ මයිසූර් (Mysuru) නගරය පදනම් කරගෙනයි.ප්‍රශාන්ත් (පච්චා) කියන්නේ CD කුලියට දෙන කඩයක් කරගෙන යන සාමාන්‍ය තරුණයෙක්. හැබැයි එයාගේ තාත්තා අභාවයෙන් පස්සේ. එයාගේ අයියා නාගප්පා වගේම තාත්තගේ හවුල් කාරයා වුන මහේන්ද්‍රා එක්ක අකමැත්තෙන් වුනත් ගංජා ව්‍යාපාරයට සම්බන්ද වෙනවා. මේ ගංජා ව්‍යාපාරය පච්චා හොදින් කරගෙන යනවා මේ අතර පච්චගේ මල්ලී ශාමා ගංජා හේනේ ඉන්න වෙලාවක පොලිසියේන් පනිනවා ගංජා හේනට මේ වෙලාවේ ශාමා පොලියට අහුවෙනවා…. මේ එක්කම තමයි කතාව හරියටම පටන් ගන්නේ. මොකද නාගප්පාට කලින්ම පනිවුඩේ ලැබුනත් පච්චව හිරේ යවන්න ඕනී නිසා මේ ගැන කියන්නේ නෑ මේක දැන ගන්න පච්චා මේ කන්ඩායමෙන් අයින් වෙනවා…
අයින් වුන පච්චාට ඉස්සරහට මොනවගේ අබියෝගවලට මුහුන දෙන්න වෙයිද?
එයා සාර්තක වෙයි ද?අසාර්තක වෙයිද?
මේ ගමන ඇතුලත මොන මොන දේවල් එයාට අහිමි වෙයිද?
මේ දේවල් නම් දැනගන්න වෙන්නේ කතාව බලලම තමයි.පවුලේ හැමෝටම එකට ඉදන් බලන්න පුලුවන් කුතුහලය,සංවේදී අවස්තා සහිත ලස්සන කතාවක්. මම ඔයාලා හැමෝටම ආරාධනා කරනවා මේ කතාව බලන්න කියලා. ඔයාලා හැමෝටම සුබ දවසක්.

Comments