Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 480p [No Ads]
  • Player 04 720p [No Ads]
Manikarnika: The Queen of Jhansi (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Manikarnika: The Queen of Jhansi (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10 1 vote
Jan. 25, 2019India148 Min.
Manikarnika: The Queen of Jhansi (2019) | නිදහස උදෙසා සඳලුතලයෙන් යුධපිටියට පැමිණි අභීත කුමාරිකාව

Bahubali සහ Bajarangi Bhaijaan සිනමාපටයන්හි රචක
විජේන්ද්‍ර ප්‍රසාද් විසින් ලියවුණු,
Vedam, Gabbar Is Back වැනි සිනමාපටයන්හි අධ්‍යක්ෂක
ඉන්දියන් ජාතික සම්මානයෙන් පිදුම්ලත්
රාධා ක්‍රිෂ්ණා ජගර්ලමුඩි සහ
ප්‍රවීණ නිළි කංගනා රනෞත්ගේ
සම අධ්‍යක්ෂණයෙන් නිර්මිත වූ
මනිකර්ණිකාව!

මේ වසරේ ජනවාරි මස 25 වන දින සිට
සිනමාහල් Housefull කරවපු
ඛාන්, කපුර්, සිං, දේව්ගන්ලගේ චිත්‍රපට වලට වගේම
ප්‍රේක්ෂයාගෙන් විසිල් නාද, අත්පොලසන් ලබපු
කෙල්ලෙක්ගේ කරමතින් දුවපු
මනිකර්ණිකාව!

ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 7.1ක අගයක් අරන්
විචාරක ප්‍රේක්ෂක නොමද ආදරයට පාත්‍ර වුණු
කෝපයෙන්, වේදනාවෙන් කවුරුත් මුසපත් කළ
මනිකර්ණිකාව!

ලොව වටා කෝටි 154ක ආදායමක් උපයා
එදා මෙදාතුර කාන්තා චිත්‍රපට වලින් වැඩිම ආදායමක් ලද
තුන්වන චිත්‍රපටය ලෙසත්,
වැඩිම එක්දින ආදායම ලැබූ කාන්තා චිත්‍රපට ලෙසත්
වැඩිම සතිඅන්ත ආදායම ලද කාන්තා චිත්‍රපටය ලෙසත්
අභිෂේකලත් ඒ සිනමාපටය
මනිකර්ණිකාව!

ජාන්සිහි ලක්ෂ්මිභායි රැජිණිය එහෙමත් නැත්තම් ඇගේ විවාහප්‍රාප්ත වෙන්නට පෙර නමින් හැඳින්වුවහොත් ‘මනිකර්ණිකා’, බ්‍රිතාන්‍යයින්ට එරෙහිව ඉන්දියාවේදී 1857දී සිදුවූ විප්ලවයන්ට පුරෝගාමී වූ රණශුරියක්, කුමාරිකාවක්, රැජිණක්. වරනාසියේ 1828දී ඇය උපත ලැබුවා. ඇය ගංගාධර් රාඕ රජතුමා සමඟ විවාහප්‍රාප්ත වෙනවා, ඉන්පසුවයි ඇය ජාන්සි රාජ්‍යයේ රැජිණිය වන්නේ. කුමාරිකාවක් කොහොමද රණශුරියක් වුණේ? ඒ කතන්දරේ මෙතන නොකියා චිත්‍රපටිය බලලාම දැනගන්න මං ඉඩහරිනවා. ඒ රසවත් කතාව ඔබේ මනසින්ම විඳගන්න.

අපි හැරෙමු චිත්‍රපටිය දිහාවට. චිත්‍රපටයට හිමිවුණු ධනාත්මක ප්‍රේක්ෂක විචාරක ප්‍රතිචාර වල නම් නිමක් නැහැ. එසේමයිපළමු සති දෙක තුළ වේගවත් ලෙස එය ආදායම් රැස් කරගත්තේ වාර්තා කිහිපයකුත් අලුත් කරමින්. දෙවන දින කෝටි 18.1ක ආදායමක් ලබමින් ඉන්දීය සිනමාවේ කාන්තාවක් කේන්ද්‍රකොටගත චිත්රපටයක් ලබාගත් වැඩිම එක්දින ආදායමේ වාර්තාව මනිකර්ණිකා තමන් සතු කරගන්නවා.

කංගනා රනෞත්ගේ චිත්‍රපටියක් එනවා කියන්නේ ඒත් එක්කම ආරවුල් ගණනාවක් පැටලිලා එනවා. මනිකර්ණිකාටත් ඒ කතන්දරේ වෙනසක් වුණේ නැහැ. කංගනා ලක්ෂ්මිභායි ජීවිත කතාව සිනමාවට නගන්න කලින් එකඟව සිටියේ කේතන් මෙහෙතා නම් අධ්‍යක්ෂකවරයා සමඟ. ඔහු තමා Mangal Pandey නම් සිනමාපටයේ අධ්‍යක්ෂක. නමුත් කවුරුත් පුදුමයට පත් කරමින්, විශේෂයෙන්ම කේතන්වද පුදුම කරමින් කංගනා, රාධා ක්‍රිෂ්ණා යන අධ්‍යක්ෂකවරයා සමඟ අත්වැල් බැඳගත්තා. කේතන් මේ නිසා කංගනාට විරුද්ධව නඩු පැවරුවා, තමන් මහන්සියෙන් රැස් කරගත්ත තොරතුරැ ඇය සොරාගත් බවට චෝදනා කරමින්. නමුත් ඒ නඩුවට වැඩිදුරක් යන්න ලැබුනේ නැහැ. නඩුව නිමාවුණේ කංගනාගේ පැත්තට වාසිදායක තීන්දුවක් සමඟින්. එහෙනම් ඒ ප්‍රශ්නය එතනින් ඉවරයි.

කංගනා සහ රාධා ක්‍රිෂ්ණා ජගර්ලමුඩි අධ්‍යක්ෂකතුමා
ඉවරයි කිව්වට ඉවරම නැහැ. බරපතලම ප්‍රශ්නය උද්ගත වුණේ ඊළඟට. අලුත් අධ්‍යක්ෂකවරයත් එක්ක. රාධා ක්‍රිෂ්ණා නියමිත දවසට පෙර චිත්‍රපටිය සම්පුර්ණ කරලා නිෂ්පාදකයින්ගේ අතට පත් කළත් කංගනා සහ නිෂ්පාදකවරුන් ඒ අවසන් නිමැවුම පිලිබඳ සෑහීමකට පත්වුණේ නැහැ. ඔවුන් කිව්වේ සමහර දර්ශන නැවත රූගත කළ යුතු බවයි. නමුත් ක්‍රිෂ්ණාට ඒ වෙනුවෙන් තවත් කැප කරන්න කාලය තිබුනේ නැහැ. ඔහු ඒ වන විටත් NTR Kathanayakudu සහ NTR Mahanayakudu සිනමාපට වෙනුවෙන් දින වෙන් කර තිබීම නිසා. මනිකර්ණිකාවට තවත් ප්‍රමාදවෙන්නට බැරි නිසා, කංගනා තීරණය කළා චිත්‍රපටියේ අධ්‍යක්ෂක කටයුතු තමන්ගේ අතට ගන්නට. කොහොමින් කොහොමින් හරි අය මේ චිත්‍රපටිය නිසියාකාරව අවසන් කරගත්තා. ඇය අධ්‍යක්ෂණය බාර ගත්තේ අඩුලුහුඩුකම් කිහිපයක් රූගත කිරීමට වුවත් චිත්‍රපටයේ 70%කට වැඩි ප්‍රතිශතයක් ඇයටඅධ්‍යක්ෂණය කිරීමට සිදු වූ බව ඇය මෙන්ම නිෂ්පාදකයන්ද කියා සිටියා. චිත්‍රපටිය නිකුත් වූ පසු කංගනා සහ ක්‍රිෂ්ණා අතර ඇතිවුණේ සීතල යුද්ධයක්. ඒ චිත්‍රපටියේ වූ දර්ශන වැඩිහරියක් රූගත කළේ ක්‍රිෂ්ණා විසින් වුවත් අධ්‍යක්ෂකගේ නම සඳහා ප්‍රථමව කංගනාද දෙවනුව ක්‍රිෂ්ණාවද යොදාතිබීම නිසයි. මේ යුද්ධයේදී කංගනාගේ පැත්තට නිෂ්පාදක මඩුල්ලද, අංකිතා, නිහාර්, සීෂාන් යන සහය නළු නිලියෝ ඉදිරිපත් වූවා වගේම ක්‍රිෂ්ණාගේ පැත්තෙන් මිෂ්ටි, උන්නති සහ චිත්‍රපටය මගදී හැරදා ගිය සෝනුසූඩ් ඇතුළු නළු නිලියන් සිටගත්තා. මිෂ්ටි ඇතුළු බහුතරයකගේ චෝදනාව වූයේ කංගනා විසින් තම තිර කාලයද අඩුකොට ඇති බවටයි. කෙසේ හෝ අවුල් වියවුල් මැද චිත්‍රපටය ඉතාමත් හෙමින් ඉන්දියාව තුළ කෝටි 104ක ආදායම පසු කළේ පිරිවැය කෙසේ හෝ ආවරණය කරගනිමින්.

චිත්‍රපටිය බලලම ඔබට තීරණය කරන්න පුළුවන් මේ හොඳ නරක. මගේ පුද්ගලික අදහස නම් ඉන්දීය සම්මාන ලාභී අධ්‍යක්ෂකවරයෙක් වෙන ක්‍රිෂ්ණා විසින්ම මෙය නිම කළා නම් මේ චිත්‍රපටය Super Hit හෝ Blockbuster එකක් ලෙස ලේබල්ගත වීම කාටවත් වළක්වන්න බැරිවෙන්න තිබුණා. කෙසේවෙතත් බහුතරය මනිකර්ණිකාව ආදරයෙන් වැළඳගෙන අවසන්.දැන් අවස්ථාව ශ්‍රී ලාංකික ඔබටයි, ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමී ලක්ෂ්මිභායි රැජිණගේ වික්‍රමාන්විත අරගලය නරඹන්නට.!

Subtiltes By

මැක්ෂිමස්
(Baiscopelk)
IMDb Rating 6.4 15,846 votes
Manikarnika: The Queen of Jhansi (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Manikarnika: The Queen of Jhansi (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Kangana Ranaut isManikarnika / Rani Lakshmibai
Manikarnika / Rani Lakshmibai
Danny Denzongpa isGhulam Ghous Khan
Ghulam Ghous Khan
Suresh Oberoi isPeshwa Of Bithoor
Peshwa Of Bithoor
Atul Kulkarni isTatya Tope
Tatya Tope
Jisshu Sengupta isGangadhar Rao
Gangadhar Rao
Zeeshan Ayub isSadashiv Rao
Sadashiv Rao
Ankita Lokhande isJhalkaribai
Jhalkaribai
Richard Keep isGeneral Hugh Rose
General Hugh Rose

Similar titles

Charlie (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rise of the Planet of the Apes (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vadh (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lake Placid: Legacy (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fortuner (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Noah (2014) Sinhala  Subtitle | සිංහල උපසිරැසි සමඟ
Vichitram (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
After Earth (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhediya (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
August Rush (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ghostbusters (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Action Replayy (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published