Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Manjummel Boys (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Manjummel Boys (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8 4 votes
Feb. 22, 2024India135 Min.
Manjummel Boys (2024) | මෙන්න නියම මිතුරෝ

මේ චිත්‍රපටිය ගැන නම් අමුතුවෙන් රසිකයින්ට කියන්න ඕනෙ නෑ. මුලින්ම කියනව නම් මේක තමයි මලයාලි ඉතිහාසෙ එතෙක් මෙතෙක් වැඩිම ආදායමක් ලබපු චිත්‍රපටය. මලයාලි චිත්‍රපටයක් ඉන්දියානු රුපියල් කෝටි දෙසීය පන්නපු පළවෙනි අවස්ථාව. සාපේක්ෂව අඩු ජනගහනයක් ඉන්න කේරළයෙ කෝටි 50 පන්නනව කියන්නෙත් ලොකු ආදායමක්. ඒත් කෝටි 20 ක බජට් එකකින් කරපු මේක මේ වෙන කොට කෝටි 250ක ආදායමකට ළං කරලා. ප්‍රධානම හේතුව මේ චිත්‍රපටය හිට් උනේ කේරළයෙ පමනක් නෙමෙයි මේ වෙන කොට තමිල්නාඩුවෙ මේ කාර්තුවෙ වැඩිම ආදායම් ලබපු චිත්‍රපටයහ් මේක. ඒකත් ආයාලන්, කැප්ටන් මිලර් වගේ විශාල දමිළ නිශ්පාදනද අභිබවා ගිහින්. හේතුව පස්සෙ තේරෙයි. කොහොම උනත් මොලිවුඩය මේ කාලෙ දියත් කරන බොක්ස් ඔෆිස් පෙරහරේ හටියට මේ වාර්තා කොපමන කලක් රැඳී තියෙයිද කියන එක ප්‍රශ්ණයක්. (ප්‍රීතිවිරාජ්ගෙ ආඩුජීවිතම් යන විදිහට)

survival drama ඝනයට වැටෙන මේ චිත්‍රපටය ගැන අපූරු තොරතුරු ටිකක් කතා කරමු. ජාන් ඊ මන් අධ්‍යක්ෂණය කරපු චිදම්බරම්ගෙ දෙවන චිත්‍රපටය තමයි මේක. සුපිරි නළු සෞබින් සුහේර් සමග තවත් යොවුන් නළුවන් පිරිසක් තමයි මේකෙ රඟපාන්නෙ මේකට පසු බිම් වෙන්නෙ ඇත්ත සිද්ධියක්.

වර්ෂ 2006 දි කේරළයෙ කොචි ප්‍රදේශයේ මංජුමාල් (මංජුමෙල්) නම් කුඩා නගරෙක ක්‍රීඩා සමිතියක තරුණයො කණ්ඩායමක් ට්‍රිප් එකක් යනවා. ඒ තමිල්නාඩුවෙ කඳුකර පෙදෙසක් වන කොඩෙයිකානල් කියන ප්‍රදේශයට.එහි තිබෙන ‘යකාගෙ කුස්සිය’නමින් කලින් හඳුන්වනු ලැබූ පසුව ගුණා කේව්ස් නම ලැබුන ගුහා සංකීර්ණයක් නරඹන්න මේ පිරිස යනවා.1991 දි කමල් හසන් රඟපාපු ගුණා නැමැති එකල ජනප්‍රිය උන චිත්‍රපටයෙ එක් ජනප්‍රිය ගීතයක් (කන්මනි අන්බෝඩු කාදලන්) රූ ගත කරන්නෙ මෙතන. ඒ නිසාම මෙතනට ගුණා කේව් කියන නම පට බැඳෙනවා.තරුණ පිරිස යන්නෙ ඒ ස්ථානය බලන්න. එහි ඇති නතුරු දායක තත්වය මත එතන තහනම් ප්‍රදේශයක් කර තිබුනත් මේ කෙළිලොල් තරුණයින්ට ඒක බාධාවක් නෙමෙයි.ඒක අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. ඇයි අනතුරු දායක කියල හොයල බලන්න එපායැ.

 

ගුනා 1991 චිත්‍රපටියෙ පෝස්ටරයක්

ඇත්ත මංජුමාල් කොල්ලොයි(එදා) නළු මංජුමාල් කොල්ලොයි

ඇත්ත මංජුමෙල් කොල්ලෝ දැන්.මෙහි මයික් එක අල්ලන් ඉන්නේ කුට්ටන්,ඔහුට දකුණු පසින් සුභාෂ්

ඉතිං එතනදි යම් සිදුවීමක් සිදු වෙනවා.ඒ සිදු වීම අවසන් වෙන්නෙ කොල්ලො ටිකට ලොකු ප්‍රසිද්ධියක් ලැබිලා.ඒ කාලෙ සමාජ මාධ්‍ය එතරම් ජනප්‍රිය නැති නිසා මේ සිද්ධිය දැන් වගේ වයිරල් වෙන්නෙ නෑ.කාලයත් එක්කම කතාව යටපත් වෙලා ගියත් කිහිප දෙනෙක්ම ඒක සිනමාවට ගේන්න තැත් කරනවා. ඒත් ඒක සාර්ථක කර ගන්නෙ චිදම්බරම්. ඉතිං දැන් ඔයාලට තේරෙනව ඇති ඇයි තමිල්නාඩු ජනතාව ආදරයෙන් මේක වැලඳ ගන්න හේතුව.මේක වැඩිපුර රූප ගත වෙන්නෙ තමිල්නාඩුවෙොවුන් ආදරය කරන කමල් හසන් සහ ගුනා මේකට පසුබිම් වෙනවා.කමල් හසන් මෙන්ම රජ්නිකාන්ත් පවා මේ චිත්‍රපටය සම්බන්ධයෙන් විශාල ප්‍රසංශාවක් දෙනවා.ඇත්තම කියනවා නම් චිත්‍රපටයක් නිකම් ජනප්‍රිය වෙන්නෙ නෑ. ඒත මේකෙ ත්‍රාසය, කුතුහලය නොඅඩුව රඳවාගෙන ඉතා තාත්විකව ඉදිරිපත් කරනවා. අපිට උනත් හිතෙන්නෙ අපේ කතාවක් වගේ දැනෙනවා.

චිත්‍රපටයෙන් පස්සෙ ජනප්‍රිය ඒකෙ පරණ කතාව නැවත උඩට ඇවිත් ඒ ඇත්ත තරුණයින්ටත් එදාටත් වඩා සෑහෙන ප්‍රසිද්ධියක් එනවා. ඔවුන් දැන් නිතරම විවිධ මාධ්‍යය ඔස්සේ දැක ගන්න පුළුවන් ඔවුන්ගේ සත්‍ය කතා පුවතත් එක්ක.අධ්‍යක්ෂක වරයා ප්‍රේක්ෂකයින්ට රහසක් ඉතුරු කරමින් කරපු අපූරු වැඩක් පසුව හෙළි උනා. ඒ තමයි ඒ ඇත්ත මංජුමෙල් කොල්ලො ටිකත් මේ චිත්‍රපටයෙ එක දර්ශනයකට සම්බන්ධ කර ගැනීම. මුල් හරියෙ මංජුමෙල් කොල්ලො එක්ක මගුල් ගෙදර වළියක් දා ගන්නෙත් ඊට පස්සෙ උන් එක්ක කඹ අදින්නෙත් මේ ඇත්තම මංජුමෙල් කොල්ලො ටික තමයි. ඒක කොයි වෙලාවෙදිවත් කිය වෙන්නෙ නෑ. ප්‍රේක්ෂකයින්ම තමයි හෙලි කර ගන්නේ. ඒ වගේම තමිල්නාඩුවෙ දැන් ගුණා චිත්‍රපටයට නැවත තිර ගත කිරීමකට විශාල ඉල්ලුමක් ඇති වෙලා තියෙනවා කියලත් ආරංචියි.

ඉතිං තව විස්තර අවශ්‍ය නෑ,

🚫මෙම ලබා දී ඇති පිටපත HD කැමරා පිටපතකි.මෙහි ශබ්ද හා වීඩියෝ වල  ගුණාත්මක බව අඩු වේ.මෙහි මෙය හදිසිකාරයන් වෙනුවෙන් පමණි. අවශ්‍යම නම් පමණක් ලබා ගන්න.ඉදිරියේදී ඔරිජිනල් වෙබ් පිටපත් නිකුත් වූ පසු නැවත යාවත්කාලින කරනු ලැබේ. රැදී සිටින්න අප සමගම 🚫

Subtiltes By

BANDULA K
(Baiscopelk)
IMDb Rating 8.7 6,440 votes
Manjummel Boys (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Manjummel Boys (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Manjummel Boys (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Manjummel Boys (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Manjummel Boys (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Chidambaram
Director

Cast

Soubin Shahir isSiju 'Kuttan' David
Siju 'Kuttan' David
Balu Varghese isSixen John
Sixen John
Ganapathi S Poduval isKrishnakumar 'Kannan'
Krishnakumar 'Kannan'
Lal Jr. isSiju John
Siju John

Similar titles

Tiger 3 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Elevator Game (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Wolf and the Lion (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mad Max Beyond Thunderdome (1985) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Reunion Escape from the Monstrous Snake (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Confidential Assignment (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hum Tumhare Hain Sanam (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
August Rush (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Box (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rock Dog (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Katharbasha Endra Muthuramalingam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Passengers (2008)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ=

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published