Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

ආයුබෝවන් යාළුවනේ_ 👋🤍
අදත් අපි cinesubz.lk එකෙන් ඔයාලට අරගෙන ආවේ කිසිම ලොකු ප්‍රචාරයක් නැතුව ඇවිත් හැමෝගෙම හිත දිනාගත්ත අලුත්ම දෙමළ Family Comedy-Drama එකක් 🎬❤️ ඒ තමයි Modha Rathiri සිංහල උපසිරැසි එක්ක.
නමේ තේරුම: Modha Rathiri කියන්නේ දෙමළෙන් “මුල් රාත්‍රිය / මංගල රාත්‍රිය” (மொத ராத்திரி) කියන එකට. නමේ හැටියටම එකම මංගල රැයක් ඇතුලත වෙන කතාවක් තමයි මේක.
ලොකු තරු නැතත්, එක රැයක් ඇතුලත වෙනස්ම මංගල රෑ කතාවක්!
🎬 චිත්‍රපටයේ විස්තර:
Modha Rathiri කියන්නේ 2026 දී කිසිම ලොකු ප්‍රචාරයක් නැතුව තිරගත වුණු දෙමළ Comedy-Drama Family Entertainer එකක්. මේක Raja Karuppasamy ගේ පළවෙනි අධ්‍යක්ෂණය, කතාවයි තිර රචනයයි දෙකම එයාගෙමයි. ප්‍රධාන චරිත වලට Rishikanth (Maruthanayagam ලෙස), Anishma Anilkumar (Muthuchelvi ලෙස), Chethan (කෝවිල් පූසාරි ලෙස), Bhagavathi Perumal, Abdul Lee, A. Venkatesh වගේ අය ඉන්නවා. විශේෂම දේ තමයි Muthuchelvi ගේ පෙම්වතා විදියට අධ්‍යක්ෂ Raja Karuppasamy ම රඟපාන එක. මේක එකම රැයක් ඇතුලත, එකම මංගල ගෙදරක් ඇතුලත දිවෙන කතාවක් නිසා Bhagyaraj ගේ ෆිල්ම් වල වගේ Interval එකට ටිකක් කලින් තමයි අධ්‍යක්ෂකගේ නම Title Card එකේ එන්නේ කියලා වෙනස්ම විදියක් අත්හදා බලලා තියෙනවා.
📖 එහෙනම් කතාව පැත්තට යමු…
වෙන වෙන හේතු නිසා දෙන්නටම කසාද බඳින්න කිසිම කැමැත්තක් නෑ. ඒත් අවාසනාවට Muthuchelvi ටයි Maruthanayagam ටයි ලොකුවට Arrange කරපු මංගල්‍යයක් සිද්ද වෙනවා.
Muthuchelvi ගේ ප්ලෑන් එක මංගල රෑට කලින් තමන්ගේ පෙම්වතා එක්ක පැනලා යන එක. හැබැයි මංගල දවසේදි පෙම්වතා නිදාගන්නවා! 😂
එතනින් පස්සේ මංගල ගෙදර ඇතුලේ වෙන කලබල, දෙපාර්ශවයේ කතාවල්, ඇඳ හදන අයගේ විහිලු, ගෑණු පාර්ශවයේ කතාවල් එක්ක එකම රැයක ඇතුලත මොකද වෙන්නේ කියන එක තමයි මුළු ෆිල්ම් එකම.
Maruthanayagam තමන්ගේ බිරිඳ පැනලා යන්න හදනවා කියලා දැනගත්තම දෙන්න අතර වෙන Dialogue එක නම් සුපිරියක්.
මේක නිකන්ම Comedy එකක් නෙමෙයි. අද තරුණයෝ කසාදයක වගකීම, මුදල් ප්‍රශ්න නොදැන කොහොමද කසාද බඳින්නේ, කාන්තා අධ්‍යාපනය, ආර්ථික නිදහස, කුලය ගැන කතාව වගේ ගොඩක් දේවල් ලස්සනට කතා කරනවා. Nostalgia නමින් පරණ සින්දු දාන්නේ නෑ, Social Media Meme Dialogues දාන්නේ නෑ – ඒකම ලොකු දෙයක්!
පොඩි පොඩි අඩුපාඩු තිබ්බත්, පවුලේ සැමට එකට බලන්න පුලුවන් හොඳම Weekend Film එකක් තමයි Modha Rathiri.
ඉතින්, වෙනස්ම එක රැයක කතාවක් වෙන Modha Rathiri (2026) සිංහල උපසිරැසි එක්ක බලන්න දැන්ම අපේ cinesubz.lk වෙබ් අඩවියට එන්න 💻
බලලා ඔයාලට හිතෙන දේ යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා යාළුවනේ! 🌻

Comments