
IMDB දර්ශකයේ 7.3 ලබා ගන්න සමත් වුණු ගූගල් පරිශීලක මනාප 95% ලබා ගන්න පුලුවන් වුන ෆිල්ම් එකක් තමයි අද අරගෙන ආවෙ. මම දන්න තරමින් අළුත් අධ්‍යක්ෂක වරයෙක් වන අමීන් අස්ලාම් ගෙ කුළුදුල් අධ්‍යක්ෂණය තමයි මේ චිත්‍රපටිය. ඒ වගේම සක්කරියා ( වයිරස් -2019 ෆිල්ම් එකේ සක්කරියා කියන පලවෙනි නීපා රෝගියාගෙ චරිතය කරන පුද්ගලයා) තමයි චිත්‍රපටියේ තිර රචනය කරල තියෙන්නේ රංගනයෙන් දායක වෙන්නෙ අනූ සිතාර (මගේනම් ක්‍රශ් එකක්) , ජොනී ඇන්ටනී ,අනීශ් මෙනොන් වගේ නළු නිළියන්.
චිත්‍රපටියේ කතාව ගැන කියනවනම් මොමෝ කියන අපේ කතා නායකය ඩුබායි වල තියන බර්ජ් කලීෆා කුළුණ දකින්න තියන ආශාවත් එක්ක තමයි කතාව ගොඩ නැගෙන්නෙ. මෝමෝ ගෙ තාත්තා( මුත්තූට්ටි) රැකියාව කරන්නෙ ගල්ෆ් නැත්තම් ලංකාවෙ විදියට මැදපෙරදිග ඔහුගේ පියාට ඉන්දියාවට නිවාඩුවට එන්න නොලැබීමත් ඉන් පසුව මොමෝ සහ ඔහුගේ අනිත් අයට පියාව බැලීම සඳහා ඩුබායි යන්න ලැබීමත් එක්ක තමයි කතාව පටන් ගන්නෙ. එහෙනම් ඉතින් මොමෝ ට ඩුබායි ගිහින් බර්ජ් කලීෆා බලන්න පුළුවන් වෙයිද කියල බලන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා. ළමයින් මූලික කර ගත්තු තේමාවකින් ගොඩ නැගුනත් වැඩිහිටියන්ටත් ගන්න පුළුවන් ගොඩක් ආදර්ශ මේ ච්ත්‍රපටියේ අඩංගුයි. ඒ වගේම කියන්න ඕන චිත්‍රපටියේ ලස්සන ගීත කීපයකුත් අඩංගු වෙනවා. පැයකුත් විනාඩි තිස් හතක කාලයක් මලයාලම් රහ හොඳට දැනෙන ලස්සන හැඟීම් සමඟ ගලාගෙන යන ෆිල්ම් එකක් බලන්න කියල මම ආරාධනා කරනවා.