“මේයි” කියන්නෙ පුංචි කාලෙම එයාගෙ තාත්ත දාල ගියපු කෙනෙක්. ඒ සිදුවීමෙන් පස්සෙ මේයිගෙ අම්මත් පාලුව මකා ගන්න රොබෝල එක්ක තමයි ජීවිතේ වැඩි කාලයක් ගත කළේ.. ඉතිං මේයි ටිකක් ලොකු මහත් වෙනකොට මේයි ලඟ ඉන්න එකම හිතවතා “මොමෝ” කියන බලු පැටිය විතරයි. දවසක් මේයි අම්ම එක්ක යනව IQ රොබටික් කියල ලොකු රොබෝල හදන ස්ථානයකට. එතනදි තමයි මේයිගෙ ජීවිතේ හැරවුම් ලක්ෂය සනිටුහන් වෙන්නෙ. ඒ යම් සිදුවීමකින් ඇයට “මෝඩ රොබෝ” හමුවෙන නිසා. ඒ හමුවීම හරි අපූරු හමුවීමක්. බලන්නකො ඒක වෙන විදිය. කොහොමහරි මෝඩ රොබෝ එක්ක මේයි ගිවිසුමක් ගහ ගන්නව. හැබැයි මේ දෙන්නගෙ සංයෝජනය නම් ටිකක් විනාශකාරීයි. කාලෙත් එක්ක ජස්ටින් පින් කියන අර මම මුලින් කිව්ව රොබෝල හදන තැන අයිතිකාරය ලෝකෙට ලොකු විනාශයක් ගෙනල්ල ලෝකය රොබෝ පාලනය යටතට ගන්න උත්සාහ කරනව.. ඒ විතරක් නෙවෙයි ඔහු ඒකට දරුණු සැලසුමක් දියත් කරනව. ඒ සැලසුම මොකද්ද? ඒ සැලසුමට එරෙහිව ඒ ආයතනයේම වැඩ කරපු රොබෝලව නිෂ්පාදනය කරන විද්‍යාඥයෙක් රහස් සැලසුමක් හදල තියෙනව. ඒ සැලසුම මොකද්ද? ඒක ක්‍රියාත්මක කරන්නෙ කොහොමද? හැබැයි මේ හැමදේකම අවසානය ආපහු මුලටම එන්න වෙන සිදුවීමකින් අවසන් වීම තමයි ඇත්තටම කණගාටුවට කරුණ.. ඔය ඔක්කොටම උත්තර මේ අපූරු සිනමා කෘතිය ඇතුළෙ අන්තර්ගතයි.
IMDb හි ප්‍රේක්ෂක මනාප 3500කට ආසන්න ප්‍රමාණයකින් 6.8/10ක ඉහළ ප්‍රතිචාර ලබාගත් Animation, Action, Adventure, Comedy වර්ගීකරණයට අයත් මේ චිත්‍රපටිය විකාශය කලේ අපි හැමෝම බොහොම ආදරේ කරන Netflix ආයතනය. පැය 1 විනාඩි 46ක ධාවන කාලයක් පුරා එක හුස්මට බලල ඉවර කරන්න හිතෙන විදියට මේක නිර්මාණය කරල තියෙනව.