අපි ජීවිතයේ කොච්චර නම් දේවල් අමාරුයි කම්මැලියි, මේක හිංදා මට ගොඩ යන්න පුළුවන් වෙයිද කියලා හිතලා අපේ ඉලක්ක කීයක් නම් අතාරින්න ඇත් ද, එහෙමත් නැත්නම් ඒ කාලය වටපිටාව අනුව අතාරින්න ඇත් ද?. එහෙත් අපිට අවශ්‍ය ඕන ම ඉලක්කයක් කඩයිමක් ජයගන්න පුළුවන් නොපසුබස්නා උත්සහය, අසීමිත කැපවීම හා අධිෂ්ඨානය තියෙනවා නම් එම ඉලක්ක සපුරා ගන්නවා කියන එක ඒ හැටි දෙයක් නෙවේ. මේ ෆිල්ම් එක බලනකොට ඔයාලටම තේරෙයි. ඔය කියන ලක්ෂණ තුනෙන් ජීවිතය ජයගන්න රුකුලක් වෙන හැටි බලාගන්න පුළුවන්.
මේ සිනමාපටය ගිය අවුරුද්දේ (2022) පෙබරවාරි මාසෙ පලවෙනිදා තිරගත වුනේ. මේ සිනමාපටය අධ්‍යක්ෂණය කලේ Wen Muye විසින්. නිෂ්පාදනය කලේ Ning Hao විසින්. මේ සිනමාපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ Jackson Yee විසින්. ඔහු නළුවෙක් වගේම දක්ෂ ගායකයෙක්. Tian Yu, Chen Halin, Qi Xi, Gong Lei, Xue Junchong යන නළු නිලියන් සෙසු චරිත රග දක්වනවා. ඒ වගේම imdb අගය 6.7 ක් ද ලබා ගෙන තියෙනවා. මිලියන 38 ක වියදමින් නිෂ්පාදනය කල මෙම සිනමාපටය මිලියන 211 ක ආදායමක් ලබා ගෙන අති සාර්ථක ලෙස තිරගත වුනි.
මං දැන් කතාව සැකවින් කියන්නම්. ජිංග් හාඕ කියන්නේ කියන්නේ ජංගම දුරකථන අලුත් වැඩියා ෂොප් එකක් කරන අවුරුදු 20 ක තරුණයෙක්. මෙයාගෙ නංගිට (ටොංග් ටොංග්) පිළිකාවක් හැදෙනවා. මේ නංගිගෙ දැන් වයස අවුරුදු 6 යි. ඉතිං දොස්තර කියනවා නංගිට අවුරුදු 8 වෙන්න කලිං මේ සැත්කම කරන්න ඕනෙ කියලා. ඉතිං මේ සැත්කමට ලොකු වියදමක් දරන්න වෙනවා. ඒ අතරම තම ජීවිතය ජය ගන්න ඕන කියන දැඩි අධිෂ්ඨානයත් හිතේ තියෙනවා. ඉතිං මේ දෙකම ජයග්‍රහණය කරන්න ජිංග් හාඕ කරන්නෙ මොකක් ද? මේ ඉලක්ක සපුර ගන්න උදව් කරන අය කවුද? මේ සිනමාපටය නැරඹුවොත් ඔයාලට පුළුවන් ජිංග් හාඔ කොහොමද තම ඉලක්ක්ක සපුරා ගන්නේ කියලා.