ගෞතම් හා ඉන්දු දෙන්නා කසාද ජෝඩුව, ඉන්දුට දරුවෙක් ලැබෙන්න ඉන්නෙ. ගෞතම් කියන්නෙ ජනප්‍රිය නවකතා රචකයෙක්, හැබැයි නවකතාවල මෙයාගෙ නම පාවිච්චි කරල තියෙන්නෙ අනුෂ්කු කියල. ඉන්දුගෙ මුල්ම ගම තමයි කාමරුට්ටු කියන්නෙ. එයා ඉපදෙන්නත් කලින් තමයි ඉන්දුගෙ සියා මුළු පවුලත් එක්කම ගම දාලා ඇවිත් තියෙන්නේ, ඒ එනකොට ගමේ එයාලට අයිතිව තිබුන කෝවිලේ රත්තරන් බඩුත් අරගෙන, එතෙක් කල් කරපු ශාන්තිකර්මත් නවත්තල තමයි ඇවිත් තියෙන්නෙ. ඊට පස්සෙ අවුරුදු 2ක් ඇතුළත ඉන්දුගෙ සියයි ආච්චියි මැරෙනවා. අම්මයි, තාත්තයි දෙන්නත් රිය අනතුරකින් මැරෙනවා. ඉන්දු හිතන්නෙ කෝවිලේ ශාන්තිකර්මෙ නවත්තපු නිසා තමයි මේ හැමදේම සිද්ධ වුනේ කියලා. ඒ හින්දම ඉන්දුගෙ හිතේ ලොකු බයක් තියෙනවා එයාගෙ පවුලෙ අනිත් අයට අත්වෙච්චි ඉරණමම එයාටත් අත්වෙයි කියලා. කොහොමහරි මේ ගැන ගෞතම්ටත් කියල, එයාවත් කැමති කරවගෙන කෝවිලේ රත්තරන් බඩුත් ආපහු දීල පරණ ශාන්තිකර්ම ආයෙත් පටන්ගන්න හිතාගෙන ඉන්දුයි ගෞතමුයි දෙන්නා කාමරුට්ටු ගමට එනවා.
කාමරුට්ටු කියන්නෙ මහ අද්භූත සිදුවීම් වෙන ගමක් ඒක ඔයාලට චිත්‍රපටිය බලනකොට ඔයාලටම තේරෙයි…මේ දෙන්නා කාමරුට්ටු ගෙදරට ආවට පස්සෙ අද්භූත සිදුවීම් කීපයක්ම සිද්ධවෙනවා. ඔය අතරෙ දවසක ඉන්දු අතුරුදහන් වෙනවා. ගෞතම් මේ ගැන පොලිසියට පැමිණිලි කරත් වැඩක් වෙන්නේ නෑ…ඔය අතරෙ අනුෂ්කුගෙ නවකතාවකින් චිත්‍රපටියක් හදන්න හිතාගෙන සන්ධ්‍යා කියල මාධ්‍යවේදියෙක් අනුෂ්කුව හොයාගෙන එනවා. ගෞතම් ඉන්දුව හොයන අතරෙ සන්ධ්‍යාත් ගෞතම්ට උදව් කරනවා. කොහොමහරි මෙයාලට දැනගන්න ලැබෙනවා ඉන්දු නැතිවුන විදිහටම පහුගිය අවුරුදු 12ක් තිස්සෙ ජුලි 7 වෙනිදා ගැබිණි කාන්තාවක් අතුරුදහන් වෙලා තියෙනවා කියලා..මීට වඩා කිව්වොත් ඉතින් ෆිල්ම් එක බලන එකේ ගතියකුත් නැතුව යනවා..ගෞතම්ට ඉන්දුව හොයාගන්න පුළුවන් වෙයිද කියලා දැනගන්න චිත්‍රපටිය අරගෙනම බලාගන්න..අනුෂ්කුව හොයාගෙන එන සන්ධ්යාගෙත් ගෞතම් එක්ක පරණ සම්බන්ධයක් තියෙනවා. ඒකත් මොකද්ද කියල ඔයාලටම බලාගන්න පුළුවන්
Quality | Size | Language | |
---|---|---|---|
HDRip 480p | 550 MB | Kannada | |
HDRip 720p | 1 GB | Kannada |
Quality | Size | Language | |
---|---|---|---|
HDRip 480p | 550 MB | Kannada | |
HDRip 720p | 1 GB | Kannada |