
මේ චිත්‍ර පටිය ගැන කියන්න තියෙන්නේ වැඩිය කට්ටිය දන්නේ නැති උනත් ගොඩක් ම සුපිරි චිත්‍රපටියක් කියල. ඔයාලට Avatar චිත්‍රපටියේ ප්‍රධාන චරිතෙන් හමුවෙච්ච Sam Worthington පවා රඟපෑමෙන් දායක වෙන මේ චිත්‍රපටිය IMDb දර්ශකයේ 6.2 අරන් තියනවා. සාමාන්‍යයෙන් සත්තු ඉන්න චිත්‍රපටියකට ඒක ලොකු අගයක්. මේක Unrated කියල තිබ්බට බය වෙන්න එපා. පවුලේ සැමටම මේක නරබන්න පුළුවන්, Action, Adventure, Horror ගණයට අයිති වෙන චිත්‍ර පටියක්.
කතාව ගැන කියනවා නම් උතුරු ඕස්ට්‍රේලියාවේ ජාතික වනෝද්‍යානයක ගඟක කිඹුල්ලු බලන්න යන සංචාරකයන් කණ්ඩායමක් මුහුණ දෙන සිදුවීම් පෙළක් තමා මේ චිත්‍ර පටියේ කතාව. එයාල යන බෝට්ටුවට අසාමාන්‍ය විශාලත්වයෙන් යුක්ත කිඹුලෙක් පහර දීම නිසා එයාලගේ බෝට්ටුව විනාස වෙනවා. එයාල බේරිලා ගඟ මැද තියන පොඩි දුපතකට යනවා. ඒත් ඒක ඊට වඩා ප්‍රශ්නයක්. මොකද ගඟේ වඩදිය නැගීම හින්ද ඒ දුපත දවසකට පාරක් යටවෙනවා. ඉතින් පැය කිහිපයයි තියෙන්නේ. වතුරේ ඉන්න කිඹුලත් යන පාටක් නැ. ඉතින් කිඹුලන්ගෙන් බේරිලා දුපතෙන් එගොඩ වෙන එක තමා කතාව. මුල ඉඳල අග වෙනකම් එක දිගට කම්මැලි නැතුව බලන්න පුළුවන් චිත්‍ර පටියක්. මම ඊළඟට අරන් එන්නේ කෘතිමව හදපු සර්පයෝ ගැන තියන විද්‍යා ප්‍රබන්ධයක්. 2009 අවුරුද්දේ නිර්මාණය උනත් ගොඩක් අය එච්චර දන්නේ නැති චිත්‍රපටියක්. ඉතින් එකත් අරගෙන එන්න බලන්නම්.