Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Rebel Moon – Part Two: The Scargiver (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Rebel Moon – Part Two: The Scargiver (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 10
8.6 5 votes
Apr. 19, 2024United States123 Min.
Rebel Moon – Part Two: The Scargiver (2024) | මාතෘ භූමිය වෙනුවෙන් සංග්‍රාමයක්

ඔන්න එහෙනම් පෙරළිකාර අධ්‍යක්ෂවරයෙක්ගේ පෙරළිකාර නිර්මාණයක් ඔයාලට අරගෙන ආවා. කලින් චිත්‍රපටය නරඹපු අයනම් මේ කොටස එනකන් නොඉවසිල්ලෙන් ඉන්න ඇත්තේ. කලින් කොටස තාමත් බැලුවේ නැති කෙනෙක් ඉන්නවනම් ඉක්මනට ගිහින් Rebel Moon – Part One: A Child of Fire (2023) බලලා මේක නරඹන්න කියලා මතක් කරන්න ඕන. හොලිවුඩයේ සුපිරි අධ්‍යක්ෂවරයෙක් වන Zack Snyder මහත්මයගේ නවතම ව්‍යාපෘතිය තමයි මේ Rebel Moon Universe එක. මේ ඔස්සේ චිත්‍රපට මාලාවක්ම නිකුත් වෙන්න නියමිත බව සඳහන් වෙන්නේ. ආරංචියේ හැටියට මේ ව්‍යාපෘතිය ඔස්සේ අපිට චිත්‍රපට 6ක් බලාගන්න හැකි වෙනවා. වැඩි දේවල් කියන්න යන්නේ නෑ. එහෙනම් කලින් උන දේවල් පොඩ්ඩක් මතක් කරගෙනම මේ චිත්‍රපටයේ විස්තර බලමු නේද.

මව් ලෝකයේ පාලකයාගේ බලයට ඇති කෑදරකම නිසා බොහෝ ලෝක වලට මූණ දීමට උන අභියෝගත්, පසුව කුමන්ත්‍රණයකින් රජු සහ රැජිණව ඝාතනය කිරීමෙන් පසු ඇතිවුන බල ඝට්ටනයත් පලවෙනි කොටසෙදි අපිට දැනගන්න ලැබුනා. රජතුමාගේ මරණින් පස්සේ ඇතිවුන ප්‍රතිවිපාකයක් විදියට ඔහුගේ යටත් රාජ්‍යයන් තුළ කැරලි ගැසීම ආරම්භ උනා. මේ රාජ්‍ය අස්ථාවරබව ප්‍රයෝජනයට ගත්ත බැලිසාරියස් කියන සෙනෙට් නිළධාරියා කවුරුත් නොහිතපු විදියට බලය පැහැරගෙන රාජ්‍යාධිකාරවරයා හෙවත් උප රජතුමා බවට පත්වුනේ මේ අවස්ථාවෙදි තමයි. අනුකම්පා විරහිත පුද්ගලයෙක් උන බැලිසාරියස්, කැරළිකරුවන්ව සමූල ඝාතනය කිරීම සඳහා ඔහුගේ කෲරතම කමාන්ඩර්වරයා වන ඇටිකස් නෝබල්ව වෙනත් ලෝක වෙතට යවනු ලැබුවා. ඇටිකස් මේ ගමනෙදි මාරා කියන ග්‍රහලෝකයට අයත් වෙල්ඩ්ට් කියන චන්ද්‍රයෙක් වෙත එනවා. වෙල්ඩ්ට්වල වාසය කලේ අහිංසක ගොවි ජනතාවක්. ඇටිකස් ඔවුන්ට තර්ජනය කරලා තමන්ගේ හමුදාවේ ආහාර වෙනුවෙන් ඔවුන්ගේ අස්වැන්නත් බලෙන් ලබාගන්නවා. කලකට පෙර අධිරාජ්‍යයේ හමුදා නිළධාරිනියක් සහ රාජ්‍යාධිකාරී බැලිසාරියස් විසින් හදාවඩා ගත් දියණිය උන කෝරා, අධිරාජ්‍යයේ දුෂ්ට ක්‍රියා නිසා කලකිරිලා මව්ලෝකයෙන් පැනලා ඇවිත් රහසිගතව ජීවත් වෙලා හිටියෙත් මේ වෙල්ඩ්ට් කියන ගම්මානයේම තමයි.

කෝරා යුද්ධයට අකැමති උනත් අධිරාජ්‍යයේ බලයෙන් වෙල්ඩ්ට් ආරක්ෂා කරන්න ඉදිරිපත් වෙනවා. වෙල්ඩ්ට්වල ඉන්නේ සටන් කරන්න නොදන්න ගොවියන් විතරක් නිසා ඔවුන්ව පුහුණු කරන්න සහය ලබාගන්න ඇය රණශූරයන් කණ්ඩායමක් එක්රැස් කරනවා. හිටපු ජෙනරාල්වරයෙක් වන ටයිටස්, විප්ලව හමුදාවේ නායක ඩාරියන් බ්ලඩ්ඇක්ස් සහ ඔහුගේ ජෙනරාල්වරිය මීලියස්, ප්‍රචණ්ඩ කඩු සටන්කාරියක් වන නෙමෙසිස් වගේම අයෝමය ටරක්ද සටනට එකතු වෙනවා. පාවාදීම් සහ නොසිතූ උදව් එක්ක ඇටිකස් නෝබල් සමඟ ද්වන්ධ සටනකින් ජයගන්න කෝරාට හැකිවෙනවා. අවසානයෙදි අපි දැක්කේ තුවාල ලබලා දිවි ගලවා ගන්න නෝබල්ව හමුවෙන බැලිසාරියස් උප රජු, කෝරාව ජීවග්‍රාහීව අල්ලගෙන එන්න කියලා නෝබල්ට නැවත අණ කරන විදියයි.

Rebel Moon– Part Two: The Scargiver චිත්‍රපටය මේ වෙද්දි 63%ක ගූගල් පරිශීලක කැමත්ත සහ 6.1ක IMDb අගයකුත් ලබාගෙන තියෙනවා. චිත්‍රපටය වර්ගීකරණය වෙන්නේ Action / Fantacy / Adventure /Sci-fi යන කාණ්ඩයන්ට තමයි. සුපුරුදු විදියටම Sofia Boutella කෝරා ලෙසත්, Mitchel Huisman ගුනර් ලෙසත්, Djimon Hounsou ජෙනරල් ටයිටස් ලෙසත්, Ed Skrein ඇටිකස් නෝබල් ලෙසත්, Staz Nair ටරක් ලෙසත්, ඔස්කාර් සම්මානලාභී Anthony Hopkins මහත්මයා ජීමී කියන රොබෝවරයට තම හඬ දායකත්වය ලබා දෙනවා. එහෙනම් කෝරා ඇතුළු වෙල්ඩ්ට් ගම්මානයට අධිරාජ්‍යයේ මොන වගේ තර්ජනයක් එල්ල වෙයිද? ඔවුන් ඒක කොහොම මූණ දෙයිද කියලා බලමු.

Subtiltes By

යුරාන් ධනුක
(Baiscopelk)
IMDb Rating 5.2 1,449 votes

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

Zack Snyder
Director

Cast

Similar titles

Bajirao Mastani (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ghajini (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Godfather (1972) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sarbjit (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Malaikottai Vaaliban (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
X-Men: The Last Stand (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jalsa (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The One (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
365 Days (2020)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ ඔන්ලයින් බලන්න , ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න
83 (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Spider-Man 2 (2004)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Golmaal Again (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Shivantha April 21, 2024 Reply

    Me tv series eka one

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published