Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Simmba (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Simmba (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.5 6 votes
Dec. 28, 2018India159 Min.
Simmba (2018) | පොලිස් අයියෙක්…

හලා තියෙනවද සෑබෑම නිදහස භුක්ති විඳිම කියන්නෙ මොකද්ද කියාලා?

ඒක මෙහෙම නෙවෙයිද වෙන්න ඕන?

රටේ පුරවැසියෙක්ට ඕන වෙලාවක කිසිම බාධාවක් නැතුව රටේ තමන් කැමති තැනකට යන්න එන්න පුලුවන්, ඇයි තව ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස.! භාෂනයේ නිදහස.! රැස්වීමේ නිදහස.!

නිදහස කියන වචනය ගැන අර්ථකථනය කරන්න ගත්තොත් ඔන්න ඔය වගේ වචන වැකි ගොඩක් අහන්න පුලුවන්.! හැබැයි ඔතනම අපි කාටවත් නොපෙනෙන වැදගත් එකම එක දෙයක් තියෙනවා. හැබැයි හිතන්න බෑ නේද අර කිව්ව තැන එකකදිවත් මේගැන සඳහනක් වත් කරනවා ඇති කියලා.! ඒ මොකක්වත් නෙවෙයි කාන්තා හිංසනය, ස්ත්‍රී දූෂණය මෙන්න මේ දේවල් ගැන අහන්නත් මොකක්ද ව‍ගේ ඇති. ඉතින් ඇත්තටම නිදහසේ කාන්තාවකටත් ඔය කිව්ව විදියට යන්න එන්න පුලුවන්ද..? මේ ප්‍රශ්නය පොදුවේ අහන්න ඕන සමස්ත පුරුෂ පාර්ශව වලින් මොකද රජයකට, හමුදාවකට පුලුවන් වෙන්නෙ සතුරු කරදර විනාශ කරලා දාලා ජීවත් වෙන්නට සුදුසු පරසරයක් හදලා දෙන්න විතරයි ඒත් කාන්තාවන්ට තියෙන ආරක්ෂාව ගැන සහතිකය රජයට, පොදුවේ ආරක්ෂක අංශ වලට නම් දෙන්න අමාරු‍යි. හැබැයි පිරිමින් වන ඔබට ඒ සහතිකේ දෙන්න පුලුවන්.! ඒ කොහොමද .? තමන්ට වඩා වයසින් අඩු හෝ වැඩි කාන්තාවන් ගැන මේ ඉන්නේ මගේ අක්කා කෙනෙක් මේ මගේ නංගි කෙනෙක් ඇයි තව මේ ඉන්නේ මගේ දුවෙක් මේ මගේ අම්මා ඔන්න ඔය විදියට පුරුශයන් වන ඔබ හැමෝම හිතන්න පටන් ගත්ත දවසක සැබෑම නිදහස හම්බවෙයි ඒ මොකක්වත් නෙවෙයි නිතර කියන ප්‍රජාතන්ත්‍රවාදය කියන දේ අර්ථකථනය කරද්දි කාන්තවන්ට නිදහසේ රෑක උනත් පාරක යන්න පුලුවන් විදියේ පරිසරයක් හැදුන දවසට හැම පිරිමියාම කාන්තාවක් කියන්නේ තමන්ගේ වඟකීමක් කියලා හිතන්න ගත්ත දාට සැබෑම නිදහස භුක්ති විඳින්න පුලුවන් වෙයි..!

පහුගිය 2018 දෙසම්බර් මාසේ කියන්නේ සිනමාවට මොනතරම් වැදගත් වුනු මාසයක්ද කියලා ඔයාලා පහුගිය දවස් ටිකේ බයිස්කෝප් අඩවියේ පළවුණු ලිපි හැම කිහිපයකින්ම දකින්න ඇතිනේ. ඉතින් ඔන්න ඔය කියන දෙසැම්බර් මාසේ බොලිවුඩ් සිනමාවට දායක වුනු බ්ලොක්බස්ටර් සුපිරියක් තමයි අද මේ උස්සගෙන එන්නේ. බොලිවුඩයට පහුගිය දශකය තිස්සේ බ්ලොක්බස්ටර් ලේබල් ගොඩක් එක්කලා නිර්මාණ රැසක් දායක කරපු රෝහිත් ශෙට්ටි මහත්තයා තමයි මේ දැවැන්ත නිර්මාණයත් සිනමාවට අරගෙන එන්නේ. Reliance Entertainment සහ කරන් ජොහාර් ප්‍රමුඛ Dharma Productions දැවැන්ත ආයතන දෙකම එක්කාසු කරගෙන රෝහිත් ශෙට්ටි මහත්තයා මේ සැරේ එන්ටර් උනේ එසේ මෙසේ ප්‍රොජෙට් එකකට නෙවෙයි.

බොලිවුඩය තුල තමන්ගේ අධිරාජ්‍යය ගඩොලින් ගඩොල බැඳගෙන එන රන්විර් සිං එකතු කරගෙන 2018 ජූලි මාසේ විතර රෝහිත් ශෙට්ටි අලුත් වැඩේට බැස්සා. වැඩේ වෙන මොකක්වත් නෙවෙයි. මේ Simmba චිත්‍රපටිය. ඉතින් රන්වීර් එක්කලා රඟපාන්න රෝහිත් තෝරගෙන තිබ්බේ සුරූපී සාරා අලි කාන්ව. සාරා අලි කාන් කියන්නේ ඔබ අප කවුරුත් දන්න සයිෆ් අලී කාන්ගේ දූ සිඟිත්ත. ඔය ජෝඩුවට අමතරව මේ වැඩේ නග්ගලා ගන්න රෝහිත් තවත් දැවැන්තයෝ කීප දෙනෙක් සෙට් කරගත්තා. ඒ සෝනු සූඩ් සහ ආරාධිත රංගනයන් වෙනුවෙන් අජේ දේව්ගන් එක්කලා අක්ශේ කුමාර්.

 

2015 වසරේදී නිකුතු වුනු Temper (2015) චිත්‍රපටයේ යම් දර්ශන කිහිපයක්ද අනුකූල කරගනිමින් ඉන්දියානු රුපියල් කෝටි 80ක විතර වියදමින් තැනුණු මේ චිත්‍රපටියෙ වැඩ 2018 ජූලි මාසේ පටන් ගන්නවා. රෝහිත් ශෙට්ටි සඳහන් කරන විදිහට ඔහුට අවශ්‍යව තිබී ඈත්තේ Temper චිත්‍රපටයේ දර්ශන පහක් හයක් මේ සඳහා යොදාගන්නයි. නමුත් හොඳම දේ එහි අයිතිය ලබාගෙන එය සිදු කිරීම වඩාත් යෝග්‍ය බැවින් ඔහු Temper චිත්‍රපටයේ දර්ශන සඳහා රීමේක් අයිතිය ලබාගෙන තිබෙනවා. චිත්‍රපටියේ වැඩිහරියක් දර්ශන ගෝආ සහ කෝලහාපූරම් ප්‍රදේශ වල තමයි ෂූට් කරලා තියෙන්නේ. ඉතිරිය මුම්බායි මෙහ්බූබ් ස්ටුඩියෝ හිදී හයිද්‍රාබාද් රාමොජි ෆිල්ම් සිටි හිදී සිදුකරලා තිබෙන බවක් තමයි අහන්නට ලැබුනේ. 2018 ජූනි 29 වන දින හයිද්‍රාබාද් රාමෝජි සිනමා ගම්මානයේදී ” Simmba Aala Re Aala Simmba Aala” ගීතයේ රූගත කිරීම් සිදු කර තිබෙන අතර, එදින සමාජ ජාලා වෙත ඡායාරූප එක්කරමින් රන්වීර් සිං පවසා සිටියේ තම වෘතිය ජීවිතයේ දැවැන්තම ගීතය එදින රූගත කිරීම් කල බවයි. සාරා අලි කාන් මේ කාලයේ Kedarnath චිත්‍රපටයේ වැඩ කටයුතු වල යෙදී සිටීම සහ රන්වීර් සිං තමන්ගේ විවාහ මංගල්‍යය සඳහා සූදානම් වෙමින් සිටීම යන කරුණු නිසා මේ චිත්‍රපටයේ රූගත කිරීම් පහසුවෙන් සිදු කරගැනීමට රෝහිත් ශෙට්ටි ප්‍රමුඛ කණ්ඩායමට හැකි වන්නේ නෑ. කරදර බාධක මැද්දේ කොහොමින් කොහොම හරි රෝහිත් ඇතුළු Simmba කණ්ඩායම වැඩේ කෙසේ හෝ අවසන් කරනවා.

 

සවුන්ඩ් ට්‍රැක් එක ගැන කියනවනම් Tanishk BagchiLijo George – DJ Chetas සහ S. Thaman දක්ෂයෝ සෙට් එක එක්කාසු වෙලා තමයි මේ චිත්‍රපටිය වෙනුවෙන් සංගීතය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. Shabbir AhmedRashmi ViragKumaar and Kunaal Verma යන අයගේ ගීත රචනා වලින් හැඩවුණු ලස්සන ගීත කිහිපයක්ම මේ චිත්‍රපටිය තුල දැකගන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන මේ චිත්‍රපටය සඳහා 1996 වසරේ නිකුත් වුනු ජනප්‍රිය චිත්‍රපටයක් වන Tere Mere Sapne චිත්‍රපටියේ Aankh Marey ගීතය නැවත නිර්මාණය කරලා රීමේක් වර්ෂන් එකක් මේ කස්ටිය චිත්‍රපටයට එකතු කරලා තියෙනවා. ඒ වගේම තමයි මං ඉහත සඳහන් කරපු Aankh Marey ගීතය මේ වනවිට යූ ටියුබ් අඩවියතුල මිලියන 450 කටත් වැඩි සංඛ්‍යාවක් නරඹා ඇති අතර එය යූ ටියුභි වැඩිම වාර ගණනක් නැරඹූ ඉන්දියානු ගීත අතලොස්ස අතරටද එක් වනවා.

ඉතින් කොහොමින් කොහොම හරි සියලු වැඩ කටයුතු අවසන් කර පසු පහුගිය 2018 දෙසැම්බර් 28 වැනිදා ඉන්දියාවේ රිදී තීරයන් 4020ක් සහ විදේශීය රිදී තීරයන් 963ක් ඇතුළු ලොවපුරා රිදිතිරයන් 4983ක තිරගතවීම ආරම්භ කරන මේ චිත්‍රපටිය ඉහල විචාරක පැසසුමක් සහ ප්‍රේක්ෂක ආකර්ශනයක් සමගින් බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවමින් තිරගත වන්නේ වසර අවසානයේ බොලිවුඩ් ප්‍රේක්ෂකයින් හට දැවැන්ත නිර්මාණයක් දායක කරමින්.

– චිත්‍රපටය වෙනුවෙන් ලැබුණු විචාරක ප්‍රතිචාර –

අතිශය සාර්ථක සිනමා ගමනක් ආරම්භ කල Simmba චිත්‍රපටය පළමු දිනයේම ඉන්දියාවේදී පමණක් ඉන්දියානු රුපියල් කෝටි 20ක ආදායමක් ඉපයූ අතර දින විසි හතරක් ඇතුලත ඉ.රු. කෝටි 237 ක් උපයමින් රෝහිත් ශෙට්ටිගේ නම ඉදිරියේ තිබු බ්ලොක්බස්ටර් චිත්‍රපටි ලැයිස්තුවට එක් වන්නට සමත් වන්නේ ඉහල ජනතා ප්‍රසාදයක් සහ විචාරක පැසසුමක් සමගින්. ඒත් සමගම බොලිවුඩයට පිට පිටම ඉන්දියානු රුපියල් කෝටි 100 ආදායම පසු කල චිත්‍රපටි 8ක් දායක කල එකම බොලිවුඩ් අධ්‍යක්ෂකවරයා වන්නට රෝහිත් ශෙට්ටි සමත් වන්නේ කෝටි 200 සීමාව පසු කල ඔහුගේ තුන්වන චිත්‍රපටය ලෙසින් Simmba චිත්‍රපටය බවට පත් වෙමින්. එමෙන්ම ඉන් එකක් වන චෙන්නායි එක්ස්ප්‍රස් චිත්‍රපටය රන්වීර් සිංගේ බිරිඳ දීපිකා පදුකෝන් සිංගේ චිත්‍රපටයක් වීමත් විශේෂත්වයක්.

ඉන්දියානු රුපියල් කෝටි 80කට ආසන්න මුදලකින් තැනුණු මේ චිත්‍රපටිය දින 40ක් අවසානයේ බොක්ස්ඔෆිස් ලයිස්තුවේ නතරවන්නේ ඉන්දියානු රුපියල් කෝටි 400 ආදායම් සීමාව පසු කරමින්. 2018 වසරේ බොලිවුඩයට කාන් මහත්වරුන්ගේ තුන්දෙනාගේම චිත්‍රපටි පැමිණියත් එම සියල්ලම අභිබවා යන්නට මේ චිත්‍රපටයට සමත් වන්නේ කිසිවෙකු නොසිතු විරු ලෙසින්. ඒ වගේම විශේෂ කාරණාවන් තමයි අක්ශේ කුමාර් මේ චිත්‍රපටයට ආරාධිත රංගනයෙන් දායකත්වය සපයන අතර, අක්ශේ, රෝහිත් ශෙට්ටි සමග වැඩ කරන පළමු අවස්ථාවද මෙය වනවා.

රන්වීර්සාරා සහ සෝනු සූඩ්ට අමතරව චිත්‍රපටය වෙනුවෙන් අශුතෝෂ් රානාසිද්ධාර්ත් ජයදේව්, එහෙමත් මේ සඳහා රංගන දායකත්වය සපයලා තියෙනවා. ඒ වගේම ආරාධිත රංගනයෙන් අජේ දේව්ගන්අක්ශේ කුමාර්තුශාර් කපූර්ශ්‍රේයාෂ් තල්පඩේඅර්ශාඩ් වර්ෂි සහ කරන් ජොහාර්ද මේ සඳහා රංගන දායකත්වය සපයල තියෙනවා. අවසානයේ Yunus Sajawal සහ Sajid Samji ගේ තිර රචනයෙන්, Bunty Nagiගේ සංස්කරණයෙන්, රෝහිත් ශේට්ටිගේ අධ්‍යක්ෂණයෙන් මිනිත්තු 159ක් පුරා දිවෙන මේ චිත්‍රපටය පහුගිය දෙසැම්බර් 28 සිට සිනමාලෝලීන් හට නැරඹීමේ අවස්ථාවා විවර වූවා.

පොලිස් නිලධාරියෙකු වටා ගෙතුනු කතාවක් සමගින් තමයි චිත්‍රපටය ගොඩ නැගී තිබෙන්නේ. විශේෂ දෙයක් කියන්න ඕන.. ඔබට මතක ඇති දමිල සිනමාවේ අතිශය සාර්ථකත්වයට පත් සිංගම් චිත්‍රපටයද රෝහිත් ශෙට්ටි විසින් අජේ දේව්ගන් යොදාගෙන නිපදවූවා. එදා ඒ චිත්‍රපටය නිකුත් වෙද්දී ආපෝ සූර්‍යගෙ සිංගම් එකමනේ කියලා අවතක්සේරු කරත්, පස්සෙ පස්සෙ ඔය කාට කාටත් රෝහිත් හදපු අජේගෙ සිංගම් චිත්‍රපටයත් නොබල ඉන්න බැරිවුනා. ඒ වගේම ඒ චිත්‍රපටයේ කියන්න තරම් අඩුපාඩුවක් දකින්නත් නොලැබුනා. ආදායම් අතිනුත් සාර්ථක වුනා. ඒ වෙන මොකක් නිසාවත් නෙවෙයි.. රෝහිත් ශෙට්ටිගෙ රීමේක් කිරීම නිකම්ම නිකම් රීමේක් කිරිල්ලක් නොවෙන හිංදා, රෝහිත්ගෙ රීමේක් එකේ මොක්ක්හරි විශේෂයක් තියෙන හින්දා. ඉතින් යාලුවනේ මෙතනදීත් ආපෝ ටෙම්පර් එකමනේ කියල අත අරින්න හදනවනම් එයයි ඔබ වරද්දගන්නා තැන. බුද්ධිමත්ව හිතලා තීරණය කරන්න. අඩු කොපියක් හරි අරගෙන බැලුවාට පාඩුවක් නැත. එකහෙලාම කියන්න පුලුවන් ටෙම්පර් චිත්‍රපටයට වඩා වැඩි යමක් මේ චිත්‍රපටයෙන් ඔයාලට දැකගන්න පුලුවන් කියලා. ඒ වගේම කාලෙකින් ඔබට රන්වීර් සිංගේ ක්‍රියාදාම එක්ක කොමඩිය එක්වුනු රංගනයක් දකින්නට ලැබෙන්නෙ නැතුව ඇති. ඉතින් මේ චිත්‍රපටයෙන් රන්වීර් සිංගේ මතක හිටින රංගනයක් ඔයාලට දැකගන්නත් පුලුවන් වේවි.

Subtiltes By

තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර
(Baiscopelk)
IMDb Rating 5.5 21,566 votes
Simmba (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Simmba (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Simmba (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Simmba (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Simmba (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Simmba (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Simmba (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Rohit Shetty
Director

Cast

Ranveer Singh isSangram 'Simmba' Bhalerao
Sangram 'Simmba' Bhalerao
Sara Ali Khan isShagun Sathe
Shagun Sathe
Sonu Sood isDurva Ranade
Durva Ranade
Ashutosh Rana isNityanand Mohile
Nityanand Mohile
Ashwini Kalsekar isJudge Smita Palukar
Judge Smita Palukar
Vijay Patkar isAlok Borkar
Alok Borkar
Arun Nalawade isVaman Rao
Vaman Rao
Uday Tikekar isHome Minister
Home Minister

Similar titles

Saw V (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sympathy for Mr. Vengeance (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mister (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Bricklayer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bumblebee (2018)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hotel Transylvania (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sword of the Stranger (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Chirutha (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Into the Storm (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Deep Fear (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Article 370 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Apex (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published