
මෙවර කතාව ආරම්භ වෙන්නේ VII – The Force Awakens (2015) අවසානය එක්කමයි… හැමෝම ප්‍රියකරන සෝලෝ මරු වැළදගෙන, කුමරිය වියෝ දුකෙන්… රේ ගුරුවරයෙක් සොයා ගොසින්… පෝ වීරයෙකු ලෙස හිස ඔසවමින්… කයිලෝ ලොවක් හඬවලා… කිසිවක් කියන්නට සුදානමක් නැහැ නමුත් සත්තයි මෙය මට වගේම ඔබටත් හැගුම්බර කතාවක අවසානයක් වේවි. මොකද මේ වතාවේ දකින චරිත කිහිපයක් අපි නැවත තාරකා සටනේ නොදකින්නට පිළිවන්…
විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ලොවින් සමුගත් කුමරිය Carrie Fisher හා R2D2 ලෙස අප හා එක්වුණ Kenny Baker. එහෙනම් මෙවර ඔස්කා සම්මාන 4 වෙනුවෙන් නිර්දේශ වුණ මේ අපුරු නිර්මාණය ඔබට බාරයි… නැවතත් 2018 Solo: A Star Wars Story සමඟ හමුවෙමු.