Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 480p [No Ads]
  • Player 02 720p [No Ads]
Star Wars: Episode 9 – The Rise of Skywalker (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Star Wars: Episode 9 – The Rise of Skywalker (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10 2 votes
Dec. 18, 2019United States142 Min.
Star Wars: Episode 9 – The Rise of Skywalker (2019) | ජෙඩායිවරුන්ගෙ අවසන් බලාපොරොත්තුව

හොඳයි එහෙනම් අද මේ සූදානම් වෙන්නේ තවත් අලුත්ම සිනමාපටයක් ඔබ වෙත ගෙන එන්නයි. මේක එසේ මෙසේ කතාවක් නම් නෙවෙයි. බොහොම පැරණි කතාවක්.. කොටින්ම කිව්වොත් අවුරුදු හතලිස් දෙකක කතාවක්. හැබැයි ලඟ පාත කතාවක්නම් නෙවෙයි. බොහොම දුර ඈත මන්දාකිණියක කතාවක්….. ඉතින් ඒ ඈත මන්දාකිනියේ කතාවේ අවසනයටයි මේ පැමිණිලා තියෙන්නේ.

1977… මේ වසර හොලිවුඩ් සිනමාවට කිසිදා අමතක කල නොහැකි වසරක්. සිනමා ඉතිහාසය උඩු යටිකුරු කරමින් වසර හතළිහකටත් වැඩ කාලයක් ලොව ආක්‍රමණය කල කතාවක ආරම්භය සිදු වූවා…මිලියන 11 ක් වියදම දරමින් නිර්මාණය වූ මේ සිනමාපටය නමින් Star Wars. වියදම සුළු වුවත් මේ සිනමාපටය තම ගමන අවසන් කරන්නේ මිලියන 775 ද අභිබවා යමින් දැවැන්ත ආදායමකට හිමිකම් කියමින්. එදා නම Star Wars වුවත් අද වන විට එහි නම Star Wars Episode IV – A New Hope ලෙසින් වෙනස් වී තිබෙනවා. George Lucas තම දුටු සිහිනය යතාර්ථයක් කරගන්නේ හොලිවුඩයේ ගැලවුම්කරුවෙක් වන සිනමාපටයක් එලෙස බිහි කරමින්. ඔහුගේම අදහසකට අනුව තිර රචනය සහ අධ්‍යක්ෂණය ඔහුම කරමින් නිමවුණු මේ සිනමාපටය අද වන විට හොලිවුඩයේ දැවැන්ත වෘක්ෂයක්ව වැඩෙමින් තිබෙනවා. Star Wars යනු හොලිවුඩයේ ආගමක් වැනි කතාන්දරයක්. සිනමාවෙන් එපිට සැබෑ ලොව තුලද එහි ආභාෂය දකින්න පුළුවනි. එමෙන්ම මේ වන විට මේ කතාන්දරය පරම්පරා තුනක රසිකයන් වටා ගොස් අවසන්. එතරම් දැවැන්ත රසික පිරිසක් සහිත මේ කතාන්දරය සිව්වන පරම්පරාව කරාද යන්නද පිඹුරුපත් සකස් වී අවසන්.

එදා 1977 දී අපිට තරුණ ලුක් ස්කයිවෝකර්, සුරූපී ලෙයා කුමරිය, නුවණැති ඔබිවක් කනොබි සමග C-3PO සහ R2-D2 සමඟ ඈත මන්දාකිණියක කරක් ගසන්නට ලැබුනේ හැඩකාර දඟකාර හාන් සොලෝ සමඟ ඔහුගේ ආත්මීය මිතුරෙක් බඳු චුවී සමඟ මිලේනියම් ෆැල්කන් යානයෙන්.. ඒ ගමන් අතරතුර දුෂ්ට ඩාර්ත් වේඩර්වද හමුවන්නට වූවා. ඉතින් මේ කතාන්දරය ගැන කියන්නටයි මේ සූදානම් වන්නේ.

ජෝර්ජ් ලූකස් ගේ සිතේ එලෙස ඇතිවූ සිතුවිල්ල අවසන් වූයේ Star Wars ලෙසින් පැමිණෙමින්. එලෙස පැමිණි ගමන අද වන විට විවිද සිනමාපට, රූපවාහිනී කතා මාලා, වීඩියෝ ක්‍රීඩා, කොමික් පොත්, තේමා උද්‍යාන වැනි ඇති දැවැන්ත පරාසයක පැතිරී අවසන්. එමෙන්ම අද වන විට මේ Star Wars සීරිස් එක ගිනස් ලෝක වාර්තාවකටද හිමිකම් කියනවා. ඒ සාර්ථකම වෙළඳාම් කල හැකි සිනමා සීරිස් එක ලෙසටයි. 2020 වන විට Star Wars සීරිස් එකේ සම්පූර්ණ වෙළඳ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 70 ක් වන බවට ගණනය කර තිබෙනවා. එය මේ වන විට පස්වනුවට ඉහලම අදායම් ලද සිනමා සීරිස් එක බවට පත්ව තිබෙනවා.

පළමු සිනමා සිත්තමේ සාර්ථකත්වය මත එහි තවත් සිනමාපට ද්විත්වයක් නිර්මාණය වනවා. ඒ The Empire Strikes Back සහ Return of the Jedi (1983) ලෙසින්. පසුව මේ ද්විත්වය Episode V සහ VI එන නම්ද එකතු කරනු ලැබුවා. මේ සිනමාපට ත්‍රිත්වය අතිශය සාර්ථකත්වයට පත්වන්නේ එදා මේද තුර පැමිණි ඇති දැවැන්ත සාර්ථකම සිනමාපට ත්‍රිත්වයක් වෙමින්. මේ ප්‍රධාන සිනමාපට තුනට පසුව වසර 16 කට පසුව 1999 දී නැවත Star Wars සිනමාපටයක් එළිදක්වනවා. පලමු සිනමාපට වලට පෙර සිදුවීමක් අලලා එවර කතාව දිග හැරෙනවා. එනම් පෙර සිනමාපට වල සතුරා වූ ඩාර්ත් වේඩර්ගේ අතීත කතාව මූලික කරගෙනයි. එයද සාර්ථක වූ බැවින් සිනමාපට ත්‍රිත්වයක් කරා ගමන් කරනවා. Episode I: The Phantom Menace (1999), Episode II: Attack of the Clones (2002), සහ Episode III: Revenge of the Sith (2005) යනුවෙන් ඒවා නම් වනවා.. (එපිසෝඩ් කතාව පසුව කියන්නම්) මුල් ත්‍රිත්වය තරම් නොවුනද මෙවරද අති සාර්ථක ලෙස මේ සිනමාපට ත්‍රිත්වයද තිරගත වනවා. මේ සියල්ල ඇතුළුව Star Wars අයිතිය පැවතියේ ලුකාස් ට අයත් Lucasfilm Ltd. LLC සමගම වෙතයි. ඉතින් පසු කලෙක ඒ කියන්නේ 2012 දී ලුකාස් විසින් තම සමාගම ඩිස්නි ආයතනය වෙත විකුණනු ලබනවා. ඒ සමඟම ඔහු එහි අයිතියද අත්හරිනු ලබනවා. පසුව ඩිස්නි ආයතනය තීරණය කරනු ලබනවා තවත් සිනමාපට තුනක් නිර්මාණය කිරීමට. ඒ අනුව Episode VII: The Force Awakens (2015), Episode VIII: The Last Jedi (2017), සහ Episode IX: The Rise of Skywalker (2019) නිර්මාණය වනවා.. කෙසේ වෙතත් පෙර මෙන්ම ඇති දැවැන්ත නිර්මාණ ත්‍රිත්වයක් වුවත් පෙර මෙන් සාර්ථක සිනමාපට ත්‍රිත්වයක් වූවද යන්නනම් රසික ඔබම දන්නවා ඇති.

මොකක්ද මේ Episode කතාව. මුල්ම ත්‍රිත්වය පැමිණියේ මෙලෙස එපිසෝඩ් අංකයක් නොමැතිව.. නමුත් පසුව දෙවෙනි ත්‍රිත්වය පැමිණෙද්දී මෙලෙස එපිසෝඩ් අංකයක් ලබා දෙනු ලබනවා. ඒ දෙවන ත්‍රිත්වය අයත් වන්නේ මුල් සිනමපටයටත් බොහෝ කාලයකට පෙර සිදුවීමක් වටා නිසයි. ඉතින් ඒ නිසා කතාව ගල යන කාලය අනුව මෙලෙස එපිසෝඩ් අංක ලැබී තිබෙනවා. එනිසා මුල්ම සිනමාපටය නම් වන්නේ 4 වෙනි එපිසොඩය ලෙසයි. උඩ ලිස්ට් එක බලද්දී ඔයාලට එක පැහැදිලි වේවි.

රෝග් වන් සහ සොලෝ කියන්නේ මොකක්ද.. පලවෙනි ඩිස්නි සිනමාපටය, ඒ කියන්නේ The Force Awakens අති සාර්ථක වූ පසුව ඩිස්නි සමගම තීරණය කරනවා ප්‍රධාන කතාවෙන් පරිබාහිර සිනමාපට ත්‍රිත්වයක් ද නිර්මනය කිරීමට. එනම් spinoff කතා තුනක්. ඒ අනුව තම රෝග් වන සහ සෝලෝ නිර්මණය වන්නේ. මේ අතරින් රෝග් වන් තුලින් මුල්ම Star Wars සිනමාපටයට පෙර කතාවක් සහ සොලෝ තුලින් හාන සෝලෝ ගේ කතාවකුත් පැමිණියා.. ඉතින් මේ අතරින් සියල්ලන්ම පාහේ පිළිගන්න මතය තමයි රෝග් වන් තමයි ඩිස්නි යුගයේ පැමිණි අති සාර්ථකම Star Wars සිනමාපටය බව. විශේෂයෙන්ම මුල්ම සිනමාපට ත්‍රිත්වය හා එකට තැබිය හැකි මට්ටමේ ඇති සාර්ථක සිනමාපටයක් බවයි.. විශේෂයෙන්ම ප්‍රධාන Star Wars සිනමාපට වලට අයත් නොවන සිනමාපටයක් වුවත් අවසන් ත්‍රිත්වය පමණක් නොව දෙවන ත්‍රිත්වය පවා පරදවාලන Classic Star Wars රසය ලබාදෙන සිනමාපටයක් ලෙසට එය දක්වන්න පුළුවන්. නමුත් පසුව පැමිණි සෝලෝ සිනමාපටය අසාර්ථක නිර්මාණයක් වනවා. හේතු ගනනාවක් මත එය අසාර්ථක වන අතර ඒ නිසා නිර්මනය වීමට තිබු තෙවන spinoff සිනමාපටය අවලංගු කර දැමීමට තීරණය කරනු ලබනවා. කටකතා වලට අනුව එලෙස පැමිණීමට තිබුයේ ඕබි වන් කනෝබි පාදක කරගත් සිනමාපටයක්.

ඉතින් මෙන්න මේ ප්‍රධාන සිනමාපට 9 සහ spinoff සිනමාපට ද්විත්වය සමඟ සිනමාපට 11 තමයි ස්කයිවෝකර් සාගා යනුවෙන් නම් කර තිබෙන්නේ.. එයට හේතුව නම්, මේ සිනමාපට ත්‍රිත්වයන් තුනම ගොඩනැගෙන්නේ ස්කයිවෝකර් පරපුරේ කෙනෙක් වටායි. මුල්ම සිනමාපට පෙළ ගෙතෙනුයේ ලුක් ස්කයිවෝකචර් වටායි. දෙවෙනි ත්‍රිත්වය ගෙතෙනුයේ ලුක් ගේ පියා වූ ඇනකින් ස්කයිවෝකර් වටායි. එමෙන්ම තෙවෙනි ත්‍රිත්වය ගෙතෙනුයේ ලුක් ස්කයිවෝකර්ගෙ බෑනා වන කයිලෝ රෙන් හා රේ නම් කාන්තාව වටායි. අවසන් සිනමපටයේදී දැකගන්න පුළුවන් රේ කෙලෙසද ස්කයිවෝකර් පවුලට එකතු වන්නේ කියා. ඉතින් මේ විදියට ස්කයිවෝකර් වරු මූලික කරගත් කතාවක් නිසා මේ සියල්ල Skywalker Saga යනුවෙන් නම් කරනු ලබා තිබෙනවා. ඉතින් මේ පැමිණි රයිස් ඔෆ් ස්කයිවෝකර් තමයි මේ සාගා එකේ අවසන් සිනමාපටය.

එක දෙයක් කියන්නම්. සමහරු කියයි එපිසෝඩ් පිළිවෙලට බලන්න, සමහරු කියයි සමහර සිනමාපට අතහැර බලන්න කියා.. නමුත් ඔබට නියම Star Wars රසිකයෙක් වීමට අවශ්‍ය නම් මේ සියල්ල පැමිණි පිළිවෙලට නරඹන්න. පැමිණි පිළිවෙලට නැරඹීමෙන් තමයි ඒ රසය නියමාකාරව ලබාගන්න හැකි වන්නේ. ඒ වගේම දැනට විකාශය වන මැන්ඩලෝරියන් කතා මාලාවත් නරඹන්න. එයත් මේ සිනමා පට වලට අයත් කතාවක් ලෙසයි නිර්මාණය වන්නේ.

මේ වසර ගණනාව පුරාවටඔබ ඇතැමෙක් ලූක් එක්ක සුහද වෙන්නට ඇති, තව කෙනෙක් ලේයා හා පෙමින් වෙළෙන්නට ඇති. චුවී හා වෙන් කල නොහැකි මිතුරා හාන් සොලෝ එක්ක මිලේනියම් ෆැල්කන් මතින් මන්දාකිණිය තරණය කරන්නට ඇත.. ඇනකින් දරුණු දුෂ්ටයා වන අයුරු ඇසිපිය නොහෙලා බලා සිටින්නට ඇත. ඔබි වන් කනොබි කොයි තරම් අයෙකුද යන්න දැනගන්නට ඇත. C-3PO සහ R2-D2 යන්ත්‍ර වුවද කෙතරම් මිතුදමකින් මිතුරන් හා එක්වූවාද යන්න දැකගන්නට ඇත. අවසාන වියපත් වූ ලුක් සහ ලේය සමඟ මිතුරන් අවසන් වරටද මන්දාකිනිය සතුරාගෙන් මුදවාගන්න අයුරු මෙලෙස බලා සිටිනවා ඇත.

ඉතින් එක්වන්න.. වැඩි කතා අවශ්‍ය නැත.. ඔබ මේ නරඹන්නට යන්නේ පරම්පරා තුනක් එක්කල කතාන්දරයක අවසානය හා එක්වීමටයි.. එන්න අපි එක්ව නරඹමු…

Subtiltes By

චාමර සම්පත්
(Baiscopelk)
IMDb Rating 6.5 461,103 votes
Star Wars: Episode 9 – The Rise of Skywalker (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Star Wars: Episode 9 – The Rise of Skywalker (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Star Wars: Episode 9 – The Rise of Skywalker (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Star Wars: Episode 9 – The Rise of Skywalker (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Star Wars: Episode 9 – The Rise of Skywalker (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Star Wars: Episode 9 – The Rise of Skywalker (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Star Wars: Episode 9 – The Rise of Skywalker (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Star Wars: Episode 9 – The Rise of Skywalker (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Star Wars: Episode 9 – The Rise of Skywalker (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Star Wars: Episode 9 – The Rise of Skywalker (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

J.J. Abrams
Director

Cast

Carrie Fisher isGeneral Leia Organa
General Leia Organa
Mark Hamill isLuke Skywalker
Luke Skywalker
Adam Driver isKylo Ren / Ben Solo
Kylo Ren / Ben Solo
Oscar Isaac isPoe Dameron
Poe Dameron
Domhnall Gleeson isGeneral Hux
General Hux
Richard E. Grant isAllegiant General Pryde
Allegiant General Pryde

Similar titles

Warcraft (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Roy (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sherlock Holmes: A Game of Shadows (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Cruella (2021) Sinhala Subtitles | Watch Online
Kaatera (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Force 2 (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Indiana Jones and the Temple of Doom (1984) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
TRON: Legacy (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rim of the World (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Green Lantern (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anjaan (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bloody Hell (2020) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published