Artificial Intellegence එහෙමත් නැත්තම් කෘතිම බුද්ධිය කියන්නේ වර්තමානයේ ඉතා බෙහෙවින් ජනප්‍රිය තාක්ෂණයක්. මීට අවුරුදු ගණනාවකට පෙර චිත්‍රපට වලට පමණක් සීමා උන මෙම AI තාක්ෂණය යථාර්ථයක් බවට පත් කරන්න විද්‍යාඥයන් සමත් වෙලා තියෙනවා. ඉතිං මේ AI තාක්ෂණය නිසා යහපත් දේවල් මෙන්ම අයහපත් දේවලුත් සිද්ධ වෙන්න ඉඩකඩ වැඩියි. මෑතකදි AI නිසා හොලිවුඩයේ සිද්ධ උන දැවැන්ත වැඩ වර්ජනය ඊට කදිම නිදසුනක්. ඉතිං මේ සංකල්පය යොදාගෙන නිපදවපු ඉතා ජනප්‍රිය නිර්මාණ වෙන A.I. Artificial Intelligence (2001) Terminator, The Matrix, Blade Runner වගේ චිත්‍රපට ඔබට මතක ඇති කියලා හිතනවා. ඉතිං මේ ජාතීයෙ ෆිල්ම් බලන්න ආස අය ඉන්නවනම් අද තමයි ඔයාලගේ වාසනාවන්ත දවස මොකද අද මම අරගෙන ආවේ මේ AI තාක්ෂණය සම්බන්ධ නවතම සලරුවයි.
නික් කියන්නේ ඉදිකිරීම් සමාගමක ෆෝමන්වරයෙක්. එයාට අයිලා කියලා කුඩා දුවෙකුයි මැක්ස් කියලා බිළිඳු පුතෙකුයි ඉන්නවා. නික්ගේ බිරිඳ මැගී හදවත් රෝගියෙක්. ඇය හදවත් බද්ධ කිරීමේ සැත්කමකට මූණ දෙන්න බලාපොරොත්තුවෙන් ගැලපෙන හදවතක් ලැබෙනකන් රෝහල් ගත වෙලා ඉන්නේ. ඉතිං නික්ට රස්සාවකුත් කරගෙන ළමයි බලාගන්න බැරි නිසා එයා වෙළඳ පලේ ඉන්න AI රොබෝවරියක් මිලදී ගන්නවා. ඒ වගේම කියන්න ඕන මේ AI රොබෝවරු මීට වසර 15ට පෙර හඳුන්වා දීලා මේ වෙනකොට ඉතා සීග්‍රයෙන් ජනප්‍රිය වීමත් එක්ක රෝහල්, පාසල් වගේම බාර් වල වැඩට පවා මොවුන්ව යොදාගෙන තිබෙනවා. මේ රොබෝවරු තමන්ගේ මූලීක පරිශීලකයගේ විධාන වලට ඉතා කීකරුයි වගේම පරිශීලකයගේ සෞඛ්‍ය, ආරක්ෂාව සහ හැගීම් කියන අංශ ඉතා හොඳින් වටහා ගන්නවා. ඉතිං නික් මිලදී ගන්න රොබෝවරියට “ඇලිස්” කියලා නමකුත් දාලා එයාව නිවසේ වැඩ වලට පුහුණු කරලා නික් සුපුරුදු පරිදි රාජකාරි කරගෙන යනවා. ඒ අතරතුර තමයි දවසක් නික් අනවශ්‍ය විදියට “ඇලිස්ව” රීබූට් එහෙමත් නැත්තම් නැවත ක්‍රියාත්මක කරන්නේ. මේ ක්‍රියාවලියෙන් පස්සෙ ඇලිස් වගේම නික්ගේ ජීවිතෙත් ගොඩක් වෙනස් වෙන්නේ කවුරුත් නොහිතපු විදියටයි.
Thriller/Sci-Fi කාණ්ඩයට අයත් වෙන Subservience චිත්‍රපටය මේ වෙද්දි 5.0ක IMDb අගයක් සහ 87%ක ගූගල් මනාප ලබාගන්න සමත් වෙලා තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Scott Dale විසින්. Transformers චිත්‍රපට මාලාවෙන් අතිශය ජනප්‍රියවූ සුරූපී නිළි Megan Fox ඇලිස් විදියට රංගනයෙක් එකතු වෙනවා වගේම Michele Morrone නික් ලෙසත්, Madeline Zima මැගී ලෙසත් Matilda Firth අයිලා ලෙසත් Atanas Srebrev ලුවිස් ලෙසත් රංගනයෙන් දායක වෙනවා.
Quality | Size | Language | |
---|---|---|---|
WEBRip 480p | 600 MB | English | |
WEBRip 720p | 1.2 GB | English | |
WEBRip 1080p | 2.3 GB | English |
❤️