මේ අවුරුද්දේ මාර්තු 31 වෙනිදා තිරගතවුණු උණුසුම වියැකෙන්න පෙරාතුව, බාගයක් දුරට නින්දකුත් නැති දින දෙකක ඇවෑමෙන්, සබ ගහල, ටයිමින් හදල, SubRip Sequence Numbering එක්කත් ඔට්ටු වෙලා, මගේ කලින් වේගයට ආපහු එන්න ලැබීම ගැන සතුටුයි. Taron Egerton (හෙන්ක්), Nikita Efremov (අලෙක්සී), Mara Huf (ට්‍රේසි), Toby Jones (ස්ටයින්), Togo Igawa (යමඋචි-සන්), Oleg Stefan (බෙලිකොව්), Rick Yume (එඩී), Kanon Narumi (මායා), Ayane Nagabuchi (අකෙමි), Roger Allam (රොබට්), Anthony Boyle (කෙවින්… සොරි. “මිස්ටර්” මැක්ස්වෙල්), ආදී නැවුම් නළුනිළි කැළකගෙන් වර්ණවත් වුණු Tetris, Apple TV+ දොරට වැඩුමක්. අධ්‍යක්ෂණය Jon Baird. මිනිත්තු 138ක් පුරාවට ප්‍රවේගකාරී කුතුහලයකින් ඔබ පුරවාලන්නට සමත් මේ සලරුවේ තරමක හාස්‍ය රසයකුත් කැටිවෙනවා. ප්‍රේක්ෂකයන් 13000කට ආසන්න ප්‍රමාණයක ප්‍රතිචාර අනුව IMDb ශ්‍රේණිගත කිරීම්වලින් 7.4/10 ක මධ්‍යන්‍ය ලකුණකුත්, තක්කාලි මාපකයෙන් 81%ක “Certified Fresh” ප්‍රතිචාරයක් සහ 91%ක Audience Score එකකුත් මේ සලරුවට හිමියි. හුදු අපවාදාත්මක බස් වහර නිසාවෙන් MPAA (US) R පන්තියට ඇතුළත් වුණත් බ්‍රිතාන්‍යය ප්රමුඛ රටවල් කිහිපයක් 15+, 6+, 13+, 12+, ආදී වූ අඩු වැඩි වශයෙන් වයස් පරතර ලිහිල් කරලා තියෙනවා. Biography, Drama, Thriller, History ආදී ශානරවලට Tetris අයත්. Fun Fact: රුසියාවේ දර්ශන අන්තර්ගත වුණාට මොකද මේ සලරුව රූගත කළ වගට සඳහන්වෙන්නේ ස්කොට්ලන්තයේ හා/හෝ බ්‍රිතාන්‍යයේ පමණයි.