Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

The Birthday Boy (2024) | “අත් වැරදීමක්ද ? මිණීමැරුමක්ද ?”

 

ඔන්න පිටරට ඉගෙන ගන්න ගියපු හොදම යාළුවෝ පස් දෙනෙක් ඉන්නවා..මෙයාලගෙන් බාලු කියන කෙනාගේ උපන්දිනේ හින්දා මෙයාලා පාටියක් ලෑස්ති කරනවා..ඒකෙදි මෙයාලා කරන විහිළුවක් දුරදිග ගිහින් බාලු කියන යාළුවා මැරෙනවා..ඉතින් අනිත් හතර දෙනා පිස්සුවෙන් වගේ මොකද කරන්නේ කියලා හිතා ගන්න බැරුව ඉන්නකොට මෙයාලගේ අතරේ අර්ජුන් කියන කෙනාගේ අයියා ලෝයර් ඔෆිස් එකක වැඩ කරන හින්දා එයාගෙන් උදව් ඉල්ලන්න මෙයාලා තීරණය කරනවා..ඉතින් ඔන්න එතනින් එහාට මුකුත් කියන්න යන්නේ නෑ මම එතකොට කුතුහලය නැති වෙනවා..

ඇත්තටම අර්ජුන්ගේ අයියට මෙයාලව බේර ගන්න පුළුවන් වෙයිද ????

මේක අත් වැරදීමකින් වෙච්ච දෙයක්ද ????

නැත්තම් කවුරුහරි කරපු මිණීමැරමක්ද ????

එහෙනම් මේ හැමදේටම උත්තර හොයා ගන්න එක ඔයාලට භාරයි..කියන්න තියෙන්නේ මෙච්චරයි මේ ෆිල්ම් එක මග ඇර ගන්න එපා මොකද ඔයාලගේ හොදම ෆිල්ම් ලැයිස්තුවට එතකොට තව එකක් එකතු කර ගන්න තියෙන අවස්ථාව නැති වෙනවා..තව දෙයක් කියන්න ඕනේ..මේක සත්‍ය කතාවක්..

Comments