Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

ශාපලත් වීඩියෝව

භීතිය සහ කුතුහලය පිරුණු Horror, Mystery ගණයට අයත් The Convenience Store (2026) ජපන් චිත්‍රපටයේ සිංහල උපසිරැසිය අරගෙනයි මම අද Cineru.lk වෙතින් ඔබ හමුවට එන්නේ.
ලොව පුරා අතිශය ජනප්‍රිය වූ Chilla’s Art ගේ “The Convenience Store” (夜勤事件 – Yakin Jiken) නමැති Horror වීඩියෝ ක්‍රීඩාව ඇසුරින් Jirô Nagae විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයේ Kotona Minami, Terunosuke Takezai, සහ Tetta Seki යන නළු නිළියන් ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙනවා.
කතා සාරාංශය:
රාත්‍රී කාලයේ Convenience Store එකක (සුපිරි වෙළඳසැලක) අර්ධකාලීන රැකියාවක් කරන යුකිනෝ තසුරු කියන විශ්වවිද්‍යාල ශිෂ්‍යාව වටා තමයි මුළු කතාවම ගොඩනැගෙන්නේ. සාමාන්‍ය විදියට ගෙවී යන රාත්‍රී සේවය අතරතුර, ඇයට පාර්සලයකින් ලැබෙන අද්භූත SD කාඩ්පතක් නිසා මුළු කතාවම වෙනස් වෙනවා.
ඊටපස්සේ දිගින් දිගටම ඇයට ලැබෙන මේ SD කාඩ්පත්වල අඩංගු වෙලා තියෙන්නේ ඉතාම බිහිසුණු දර්ශන පෙළක්. මේ අතරතුර Store එකේ මැනේජර්ව ඝාතනය කරලා තියෙද්දී හම්බවෙන අතර, කඩේ වටේ සැකකටයුතු විදියට කැරකෙන මිනිස්සු සහ එකින් එක සිදුවන අද්භූත සිදුවීම් නිසා යුකිනෝගේ ජීවිතය සම්පූර්ණයෙන්ම අනතුරේ වැටෙනවා.
මේ SD කාඩ්පත් එන්නේ කොහෙන්ද? මේවා පස්සේ තියෙන බිහිසුණු රහස මොකක්ද? මේ SD කාර්ඩ් වල තියෙන්නේ මොනාද? මැනේජර්ගේ මරණය පිටුපස ඉන්නේ කවුද?
පැය 1යි මිනිත්තු 23ක් පුරා කුතුහලයෙන් යුතුව නරඹන්න පුළුවන් නියම ජපන් Horror අත්දැකීමක්!

Comments