Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Flash (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Flash (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.8 23 votes
Jun. 13, 2023United States144 Min.
The Flash (2023) | විශ්වයම අවුල් කල ෆ්ලෑෂ්.

මේක තමයි DCEU හි අවසානය. මේ ෆිල්ම් එකෙන් DCEU එක reboot කරලා James Gunn ගේ අලුත් DCU එක පටන් ගන්නවා. දැනට නම් කියලා තියෙන්නේ මේකෙන් universe එකේ සමහර කොටස් විතරයි reboot වෙන්නේ කියලා. ඒ කියන්නේ මේක soft reboot එකක්. ඒත් සමහර විට මේකේ Box Office ප්‍රතිඵලයත් එක්ක ඒක hard reboot එකක් කරන්නත් ඉඩ තියෙනවා.

ෆිල්ම් එක ගැන පොඩ්ඩක් විස්තර කියනවා නම් මේකට Rotten Tomatoes දර්ශකයේ 64%ක අගයක් සහ IMDb දර්ශකයේ 7.2ක අගයක් අරගෙන තියෙනවා. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Andy Muschietti විසින්. Ezra Miller (Barry Allen), Ben Affleck (Batman), Sasha Calle (Supergirl), Kiersey Clemons (Iris West) ආදී නළු නිළියන් බොහොමයක් රංගනයෙන් දායක වෙනවා. මේ අතරේ Michael Keaton ව highlight නොකර කොහොමද. ඉතින් මේකෙන්ම පේනවා ඇතිනේ, අපිට හුරුපුරුදු මූණු කීපයක්ම බලාගන්න පුළුවන්.

ෆිල්ම් එකේ ඉතිහාසය ගැනත් පොඩ්ඩක් කියන්නම්. DCEU එකේ කොටසක් විදියට ෆ්ලෑෂ් මූවී එකක් එනවා කියලා මුලින්ම announce කළේ 2014 දී (ඉතින් දශකයක කාලයක් තිස්සේ මේක හදපු බව පැහැදිලියිනේ). ඒක release වෙන්න නියමිතව තිබුණේ 2018 මාර්තු 23 වෙනිදා. ඒත් ඒක කැන්සල් කරලා දැම්මා. ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරු, WB එක එක්ක තිබ්බ ගැටලු නිසා සහ Ezra Miller, Fantastic Beasts franchise එකට සම්බන්ධ වෙලා තිබුණු නිසා මේ ෆිල්ම් එක දිගටම delay වුණා. අන්තිමට 2020 දී Andy Muschietti මේක භාරගන්නවා. එයා වැඩ අවසන් කරලා තමයි අන්තිමට 2023 දී ෆිල්ම් එක රිලීස් වෙන්නේ.

ෆිල්ම් එක පාදක වෙලා තියෙන්නේ කොමික් ෆෑන්ස්ලා අතර ජනප්‍රිය, ෆ්ලෑෂ්ගේ හොඳම කතාවන්ගෙන් එකක් (නැත්නම් හොඳම කතාව) විදියට සැලකෙන Flashpoint කතා මාලාව පදනම් කරගෙනයි. කොහොම නමුත් මේක පදනම් කරගෙන ගහපු The Flashpoint Paradox animated movie එකට වඩා වෙනස් විදියට මේකට මල්ටිවර්ස් පැත්තත් ගාවගෙන තියෙනවා.

කතාව සරලවම කියනවා නම්, බැරී ඇලන් හෙවත් ෆ්ලෑෂ් අතීතයට ගිහින් එයාගේ අම්මාගේ මරණය නතර කරනවා. එයා ආපහු වර්තමානයට එනකොට එයා අතීතය වෙනස් කරපු නිසා වර්තමානයත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. උදාහරණයක් විදියට, crime alley එකේදී මැරෙන්නේ Bruce Wayne මිසක් එයාගේ දෙමව්පියෝ නෙමෙයි. Thomas Wayne හෙවත් බෲස්ගේ තාත්තා තමයි බැට්මෑන් වෙන්නේ. ඒවගේම Aquaman සහ Wonder Woman යුද්ධයක් පටන් අරන් ලෝකේ විනාශ කරන්නයි යන්නේ. ෆ්ලෑෂ් ඒක නවත්තලා ලෝකේ බේරගන්න උත්සහ කළාට ඒක කරගන්න බැරි වෙනවා. එයාට අන්තිමට කරන්න ඉතුරු වෙන දේ තමයි ආපහු අතීතයට ගිහින් එයාගේ අම්මට මැරෙන්න ඉඩ දෙන එක. ඒකෙන් ආපහු දේවල් තිබුණ විදියටම හරියනවා. හැබැයි මං කලිනුත් කිව්වා වගේ, The Flash (2023) මේක මත පදනම් වුණාට මේකට වඩා කතාව ගොඩක් වෙනස්.

ඒත් කතාවේ ප්‍රධාන තේමාව දෙකේම එකයි. අපි හැමෝටම අපි කැමති සහ අකමැති දේවල්වලින් සමන්විත අතීතයක් තියෙනවා. සමහර වෙලාවට අපට හිතෙනවා ඒ අපි අකමැති දේවල් ආපහු ගිහින් වෙනස් කරන්න ක්‍රමයක් තිබුණා නම් කියලා. ඒත් අපටත් ෆ්ලෑෂ් වගේ අතීතයට ගිහින් ඒ සිද්ධවුණු දේවල් වෙනස් කරන්න හැකියාවක් සහ අවස්ථාවක් තියෙනවා නම්, අපි එහෙම කරනවද? මොකද ඒ අතීතයේ සිද්ධවුණු හොඳ හෝ නරක දේවල් නිසා තමයි අද අපි මෙතන ඉන්නේ. ඉතින් ප්‍රශ්නය අපි එහෙම කරනවද කියන එකම නෙමෙයි; ‘අතීතය වෙනස් කළ යුතුද?’ කියන එකයි.

ඉතින්… මේක Box Office ඉතිහාසයේ ලොකුම flops වලින් එකක් බව මේ වෙනකොට රහසක් නෙමෙයිනේ. ඒකට ප්‍රධාන වශයෙන්ම හේතු වෙලා තියෙන්නේ දැන් DCEU එක ගැන කිසිම hype එකක් නැති වීම සහ Ezra Miller ගේ අපරාධ කියලයි මට නම් හිතෙන්නේ. මොකද කතාව පැත්තෙන් ගත්තාම මේක සාමාන්‍යයෙන් හොඳම මට්ටමේ කතාවක්. මුල ඉඳලා අගට යනකම් කිසිම අවුලක් නැතුව බලන් ඉන්න පුළුවන් , ඒ වගේම DC විශ්වය රී-බූට් කරවන්න හොඳ අවස්ථාවක් මේකෙන් ලබා දෙනවා. විශේෂයෙන්ම මාවල් DC භේදයක් නැතුව කොමික් පාදක කරගත්ත ෆිල්ම් රසිකයෙකුට මේක හරිම අපුරු සිනමාපටයක් වේවි…

මෙම චිත්‍රපටය ඔරිජිනල් BluRay පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

Subtiltes By

ශාන් විමුක්ති [විමා]
(Baiscopelk)
IMDb Rating 6.8 155,799 votes
The Flash (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Flash (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Flash (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Flash (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Flash (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Flash (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Flash (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Flash (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Flash (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Flash (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Ezra Miller isBarry Allen / The Flash
Barry Allen / The Flash
Sasha Calle isKara Zor-El / Supergirl
Kara Zor-El / Supergirl
Michael Keaton isBruce Wayne / Batman
Bruce Wayne / Batman
Michael Shannon isGeneral Zod
General Zod
Ron Livingston isHenry Allen
Henry Allen
Maribel Verdú isNora Allen
Nora Allen
Antje Traue isFaora-Ul
Faora-Ul
Rudy Mancuso isAlbert Desmond
Albert Desmond

Similar titles

Back to the Future (1985) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sneakerella (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Crater (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Underworld: Blood Wars (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maa Tujhhe Salaam (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Alien (1979) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alienoid (2022) Sinhala Subtitles | “Alien + Human: Part 1 ” | සිංහල උපසිරැසි සමඟ
Prem Ratan Dhan Payo (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Action Jackson (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Darr (1993) With Sinhala Subtitles | සාහසික ආදර කතාවක්.. [සිංහල උපසිරසි සමඟ]
The Batman vs. Dracula (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ditched (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published