Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
The Godfather Part 2 (1974) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Godfather Part 2 (1974) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
7.8 4 votes
Dec. 20, 1974United States202 Min.
The Godfather Part 2 (1974) | පිය උරුමයේ සිරගතව…

ජාලගත සිනමා දත්ත සමූහයේ (IMDb)’හි දෙවැනි තැන හිමිකර ගත් Godfather චිත්‍රපටය 1972 වසරේ තිරගත වීමෙන් පසු එය ලැබූ අතිශය උත්කෘෂ්ඨ ජනාදරයත්, ජනාකර්ශනයත් නිසා කොපොල්ලා’ගේ සහ පුසෝ’ගේ දායකත්වය සහිතව එහි දෙවැනි කොටසක් නිෂ්පාදනය කරන්නට තීරණය වෙනවා. ඒ අනුව කොපොල්ලා සහ පුසෝගේ සම රචනා දායකත්වයෙන් යුතුව කොපොල්ලා විසින්ම අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කරනු ලබන මෙම චිත්‍රපටය ලොව ඉතාමත්ම කලාත්මක සහ මනාව ඉදිරිපත් කරන ලද චිත්‍රපට අතරෙහි පෙරමුණම ‍රැ‍ඳෙන්නට සමත් වෙනවා.

2003 වසරේ තිරගත වීම ආරම්භ වූ ‘The Lord of the Rings‘ චිත්‍රපට පෙළෙහි ‘The Return of the King‘ සිනමා පටය හොඳම චිත්‍රපටය සඳහා වන Academy සම්මානය දිනා ගැනීමට පළමුව සමස්ත Academy Awards ඉතිහාසය තුළ හොඳම චිත්‍රපටය යන සම්මානයෙන් පිදුම් ලබන්නට සමත් වූ ප්‍රථම සහ එකම චිත්‍රපට පෙළ බවට පත් වූයේ කොපොල්ලා‘ගේ මෙම Godfather චිත්‍රපට පමණයි. (කොපොල්ලාගේ සහ පුසෝගේ ප්‍රකාශයන්ට අනුව 1990 වසරේ නිකුත් වූ මෙහි අවසාන චිත්‍රපටය හෙවත් Godfather III යනු මෙම චිත්‍රපට පෙළට අයත් වන්නක් නොවෙයි! එය පළමු චිත්‍රපට දෙකට එක්කළ අපරකථනයක් පමණයි!)

මෙහි පළමු චිත්‍රපටයෙන් ලත් ආභාෂයත් පන්නරයත් පෙළඹවීමත් ඔස්සේ මුල පුරන මෙම චිත්‍රපටය එහි පූර්වයා අනුවම යමින් ඊට පහළ ස්ථානයේ අභිමානනීයව වැජඹෙන්නට වරම් ලබා ගන්නවා IMDb‘හි Top 250 වර්ගීකරණය තුළ. එනම් මුල් චිත්‍රපටය එහි දෙවැනි තැන ‍රැ‍ඳෙද්දී, මෙය තුන් වැනි තැනට පත් වෙනවා. ඇමරිකානු සිනමා ඉතිහාසය තුළ බිහිවූ ඉතාමත්ම සංවිධිත සහ ප්‍රශස්ථතම චිත්‍රපටයක් ලෙසටත් අති විශිෂ්ටතම නිර්මාණ කාර්යයක් ලෙසටත් අද දක්වාම මේ චිත්‍රපටය ගරු සැලකිලි ලබනවා. එමෙන්ම ලොව බිහි වූ වඩාත් වටිනාම සහ උසස්ම චිත්‍රපට කිහිපය අතුරින් එකක් ලෙස මෙය ඇගැයීමට පාත්‍ර වනවා.

මේ කතාවේ දිව යන්නේ තම පියාගේ මරණින් පසු කොර්ලියෝනි අපරාධ හවුලේ අධිපතිත්වයට පත්වන මයිකල් කොර්ලියෝනි හෙවත් පවුලේ බාල පුතු සිය පියා ගොඩනැගූ අපරාධ අධිරාජ්‍ය ව්‍යාප්ත කරන ආකාරය. මයිකල් ගේ අතීතාවර්ජන ලෙස පියා එම වැඩ කටයුතු අරඹන ආකාරය සහ ඒ ඔස්සේ ඉහළටම නැගයන ආකාරයත් ඔහුගේ අඩි පාරේ යමින් මයිකල් එම හවුල පුළුල් කරමින් එහි අගරජ පදවිය පිරිසිඳින ආකාරයත් අතරින් ඒ ඔස්සේ ඔහු අත්විඳින ඉරණම සහ ඛේදය පිළිබඳවත් කියැවෙන අනර්ග කතාවක් මෙහි අඩංගුයි. නොසරුප් සමාජයේ පෙළඹවීම සහ බලකිරීම නිසාම බිහිවන, සමාජ පංතියක ආරම්භය සහ පැතිරීම වටා මෙහි කතාව දිගහැරෙනවා. මේ චිත්‍රපටය තුළ Al Pacino මයිකල් කොර්ලියෝනි ලෙසත් Robert De Nero තරුණ වීටෝ කොර්ලියෝනි ලෙසත් (මයිකල්ගේ පියා) අනර්ඝ රංගනයක නිරත වනවා.

Subtiltes By

උදා
(Baiscopelk)
IMDb Rating 9 1,352,174 votes

සිංහල උපසිරැසි චිත්‍රපටයට ස්ථිරවම (Hardcode) කර ඇත. උපසිරැසි පමණක් ලබා ගත නොහැක.

Downlaod කිරීමට පිටුවේ පහලට යන්න 👇👇👇

The Godfather Part 2 (1974) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Godfather Part 2 (1974) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Godfather Part 2 (1974) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Godfather Part 2 (1974) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Godfather Part 2 (1974) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Godfather Part 2 (1974) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Godfather Part 2 (1974) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Godfather Part 2 (1974) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Godfather Part 2 (1974) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Godfather Part 2 (1974) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Al Pacino isDon Michael Corleone
Don Michael Corleone
Robert Duvall isTom Hagen
Tom Hagen
Diane Keaton isKay Corleone
Kay Corleone
Robert De Niro isVito Corleone
Vito Corleone
John Cazale isFrederico 'Fredo' Corleone
Frederico 'Fredo' Corleone
Talia Shire isConstanzia 'Connie' Corleone
Constanzia 'Connie' Corleone
Lee Strasberg isHyman Roth
Hyman Roth
Michael V. Gazzo isFrank Pentangeli
Frank Pentangeli
G. D. Spradlin isSenator Pat Geary
Senator Pat Geary

Similar titles

Enemy (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
A Loud House Christmas (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Shabaash Mithu (2022) Sinhala Subtitles | “නිල් පැහැයෙන් සැරසුණු කාන්තාවෝ” | සිංහල උපසිරැසි සමඟ
Ordinary People (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Meow (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Aadhaar (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rasavathi (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Minamata (2020) Sinhala Subtitles | [සිංහල උපසිරැසි සමඟ]
Iddari Lokam Okate (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhaje Vaayu Vegam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pindam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
After We Collided (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Adults only Movie

මෙම චිත්‍රපටයේ වැඩිහිටියන්ට පමණක් සුදුසු දෙබස් හා දර්ශන ඇතුලත් විය හැක.

Closing in 5 seconds