Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
The Outpost (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Outpost (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.7 6 votes
Jun. 24, 2020United States123 Min.
The Outpost (2020) | ත්‍රස්ථවාදයට එරෙහිව මනුෂ්‍යත්වය

යුද්ධය අපිට කියන්නේ අමුතු වචනයක් නෙමෙයි, තිස් වසරක් මුළුල්ලේම ජාතියක් වශයෙන් අපි යුද්ධයෙන් බැට කෑවා. ඒ වගේම ලෝකය පුරාම අදටත් යුද්ධයෙන් පීඩා විඳින රටවල් තියෙනවා. එක් මනුශ්‍යයන් පිරිසක් මිහිපිට දෙවියන් වෙද්දි තවත් පිරිසක් නොමිනිස් රාක්ෂයන් වෙනවා. මෙවැනි රාක්ෂයන්ගෙන් ලෝකය බේරාගැනිමේ එක පියවරක් ලෙස 2009 වසරේ ඇෆ්ගනිස්ථානයේ, කම්ඩේශ් ප්‍රදේශයේ ඇමරිකානු හමුදාව විසින් “කීටින්” නම් මුරපළක් පිහිටුවනු ලැබුවා. මෙය පිහිටුවීමේ අරමුණ උනේ ලෝකයේ අතිශය දරුණු ත්‍රස්තවාදීන් පිරිසක් වන තලෙයිබාන්වරුන්ගෙන් එල්ලවන තර්ජන මැඩලීම සහ දේශීය ජනතාවගේ අඩුපාඩු සොයාබැලීමයි. යුද විශ්ලේෂකයන් මෙම කඳවුර හැඳින්වූයේ මරු කපොල්ලක් ලෙසටයි, ඒ මක්නිසාද කිවහොත් මෙම කඳවුර පිහිටි භූ විෂමතාව ඇමරිකානු හමුදාවට බෙහෙවින් අවාසිදායක උනා. හින්දුකුෂ් කඳුවැටියෙන් සම්පූර්ණයෙන්ම වටවු තැනිතලා බිමක මෙම කඳවුර පිහිටා තිබු අතර ත්‍රස්ථවාදීන්ට සැඟවී සිට මේ කඳවුර නිරීක්ෂණය කිරීමට ඉතා පහසු උනා වගේම ඇමරිකානු භටයින්ව ඔවුන්ට පහසුවෙන් ගොදුරු කර ගැනීමට හැකි උනා. ප්‍රහාරයකදී ඇමරිකානු භටයන්ට කඳුකරයේ සැඟවී සිටින ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගැනීම කිසිසේත් කල නොහැක්කක් උනා. 2009, ඔක්තෝබර් මස 03 වෙනිදා කීටීන් කඳවුරේ සිටි ඇමරිකානු භටයන්ගේ ජීවීත සහමුලින්ම වෙන බව ඔවුන් කිසිසේත් හිතන්නේ නැතුව ඇති. ඇෆ්ගනිස්ථානු ඉතිහාසයේ තවත් එක් දරුණුතම සටනක් වන “කම්ඩේශ් සටන” සඳහා අවශ්‍ය පිඹුරුපත් ඒ වන විට සැකසෙමින් තිබුනා. 300කට අධික තලෙයිබාන් ත්‍රස්තවාදීන්ට එරෙහිව 130කට ආසන්න සුළු භට පිරිසක්, භු විෂමතා අවාසි සහිතව නොදන්න භූමීයක දිවි දෙවෙනි කර සටන් වැදුනා. වැඩිදුර තොරතුරු චිත්‍රපටය නරඹලා දැනගන්න කියලා ඉල්ලනවා, චිත්‍රපටය අවසානයේ එම අත්දැකීමට මුහුණ දුන් සැබෑ සොල්දාදුවන් සමඟ කරන ලද සාකච්ඡා නරඹන්න කියලත් ඉල්ලනවා ඒවාටත් උපසිරැසි නිර්මාණය කරලා තියෙන්නේ, එහෙනම් ඉතිං සොල්දාදුවන්ගේ කැපකිරීම්, ඔවුන්ගේ ජීවිත පූජා, ආදරය, වේදනාව, කඳුළු සියල්ලම කැටි කර නිපදවන ලද මේ සුපිරි සලරුව නැරඹීමට ඔබට ආරාධනා කරනවා.

මේ වසරේ නිකුත් වූ නවතම යුධමය සිනාමාපටයේ පෙරවදන තමයි ඉහත දැක්වෙන්නේ. සත්‍ය සිදුවීම් ඇසුරින් Jake Tapper විසින් රචනා කරන ලද The Outpost: An Untold Story of American Valor නම් ග්‍රන්ථය ඇසුරින් නිර්මාණය කරන ලද මෙම සිනමාපටය අධ්‍යක්ෂනය කරන්නේ Rod Lurie. 2020 ජුනි මස 24 දා තිරගත කිරීම අරඹා මේ වන විට 6.7ක් ඉහල IMDb අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය ගූගල් පරිශීලකයන් අතර 88% මනාපයකුත් කුණු තක්කාලි අගය 91%කුත් ලබාගැනීමට සමත් වෙලා තියෙනවා. සැබෑ චරිත වලට ගැලපෙන ආකාරයෙන් තමයි නළු නිළියන් තෝරගෙන තියෙන්නේ. ප්‍රධාන චරිත වන සාජන් “ක්ලින්ට් රොමේශා” ලෙස සුප්‍රකට නළු Clint Eastwood ගේ පුතු වන Scot Eastwood රංගනයෙන් දායක වන අතර “කැප්ටන් කීටින්” ලෙස The Lord of the Rings චිත්‍රපට මාලාවේ “ලෙගොලස්” ලෙස ලොවපුරා අතිශය ජනාදරයට පත් Orlando Bloom විසින් නිරූපනය කරනවා. X-Men First Class (2011) චිත්‍රපටයේ “බැන්ෂී” ලෙස රංගන දායත්වය දැක්වු Caleb Landry Jones “ටයි කාටර් ” ලෙසත් සුපිරි නළු Mel Gibson ගේ පුතු වන Milo Gibson “කැප්ටන් රොබට් යෙලෙස්කස්” ලෙසත් දැකගන්නට පුළුවන්. එහෙනම් වැඩි විස්තර කියන්නේ නෑ උපසිරැසිය අරගෙන කොමෙන්ටුවක් දාගෙන යන්න කියලා ආදරයෙන් මතක් කරනවා. පළමු කඩයිම වෙනුවෙන් මට මේ චිත්‍රපටිය හොයලා වෙන් කරලා දුන්න අපේ ඇඩ්මින්වරයෙක් වෙන විමා සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. අපේ රටේ කොරෝනා ව්‍යසනය තවමත් පහවෙලා නැති නිසා ඔයාලා පරිස්සමින් ඉන්න. මම දනුවා.. ජය වේවා !!

ස්වර්ගයට සහ අපායට ඇත්තේ එකම දොරටුවකි…..

Subtiltes By

යුරාන් ධනුක”
(Baiscopelk)
IMDb Rating 6.8 34,834 votes
The Outpost (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Outpost (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Outpost (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Outpost (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Outpost (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Outpost (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Outpost (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Rod Lurie
Director

Cast

Scott Eastwood isStaff Sergeant Clint Romesha
Staff Sergeant Clint Romesha
Caleb Landry Jones isSpecialist Ty Michael Carter
Specialist Ty Michael Carter
Orlando Bloom isCPT. Benjamin D. Keating
CPT. Benjamin D. Keating
Ernest Cavazos isSgt. Armando Avalos
Sgt. Armando Avalos
Taylor John Smith isLt. Andrew Bundermann
Lt. Andrew Bundermann
Cory Hardrict isSergeant Vernon Martin
Sergeant Vernon Martin
Milo Gibson isCPT. Robert Yllescas
CPT. Robert Yllescas
Bobby Lockwood isKevin Thomson
Kevin Thomson
Jacob Scipio isStaff Sgt. Justin T. Gallegos
Staff Sgt. Justin T. Gallegos
Jack Kesy isSgt. Josh Kirk
Sgt. Josh Kirk

Similar titles

Pudhupettai (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hera Pheri (2000) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Maha Samudram (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ  ඔන්ලයින් බලන්න , ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න
Kaappaan (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kutty Story (2021) Sinhala Subtitles
X-Men (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
It’s a Boy Girl Thing (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
High Heat (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Heart of the Hunter (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
X (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Resident Evil: Extinction (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Theeviram (2020) With Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published