
මේ ෆිලුම එලියට බහින්නෙ Horror/Thriller කැටගරිය යටතේ තමා. ඒ කියන්නෙ අපි ගොඩක් ආසම කැටගරිය. Oscar සම්මානලාභී Russell Crowe ප්‍රධාන චරිතය, නැත්තම් භූතාරක්ෂකයාගේ චරිතයට පණ පොවන අතරෙම Daniel Zovatto, Alexandra Esso යන අය සෙසු චරිත වලට දායක වෙනවා. IMDB අගය ගැන කිව්වොත් මනාප 13K ප්‍රමාණයකින් 6.1/10 අගයක් තියාගන්න මේ ෆිලුම සමත් වෙලා තියනවා.
කතාව ගැන නම් නොකිය ඉන්න තරමට හොඳයි. ඒත් මං පොඩ්ඩක් මෙහෙම කියන්නම්. මේ කතාව යන්නෙ 1987 අවුරුද්ද පාදක කරගෙන. ෆාදර් ගේබ්‍රියෙල් කියන්නෙ වතිකානුවේ ඉන්න භූතාරක්ෂකයෙක්. ඒ කියන්නෙ අපේ රටේ නම් කට්ටඩි මහත්තයා කියන්නෙ මේ වගේ අයට තමා. ඉතින් මේ තනතුර පත් කරන්නෙ පාප් වහන්සේ විසින්. මේ තනතුරේ කාර්යබාරය තමා යක්ෂයන්ගෙන් මිනිසුන්ට වෙන කරදර නැති කරන එක. ඉතින් මේ කතාව යන්නෙ ඒ ගැන තමා. කිසිම කම්මැලි කමක් නැතුව ඊළඟට වෙන්නෙ මොනවද කියල දැනගන්නකම් ඉවසිල්ලක් නැතුව කුතුහලයෙන් බලන්න පුළුවන් ෆිලුමක් තමා මේක. Horror කිව්වම එහෙම වෙන්න එපැයි නේද.
තව එකක්, මේ කතාව සත්‍ය කතාවක් පදනම් කරගෙන හදපු ෆිල්ම් එකක්. මේ කතාවෙ එන ෆාදර් ගේබ්‍රියෙල් 2016 ඔහු මිය යන තෙක්ම වතිකානුවේ මේ තනතුරේ වැඩ කරල තියනව කියල තමා අන්තර්ජාලයේ සඳහන් වෙන්නෙ. එතුමා මේ තනතුරේ වැඩ කරද්දි සිද්ද උන සිදුවීම් අලලා පොත් ගණනාවක් රචනා කරල තියනවා. ඒ පොත් වල සඳහන් කතා කිහිපයක් මේ ෆිලුමට පදනම් කරගෙන තියනව කියල තමා විස්තර වල තියෙන්නෙ.