CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3435 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
The Quiet Girl (2022) Sinhala Subtitles

The Quiet Girl (2022) Sinhala Subtitles

May. 13, 2022Ireland94 Min.
Your rating: 0
9.3 3 votes
The Quiet Girl (2022) Sinhala Subtitles | පුංචි දැරිවියකගේ නිහැඬියාව! [සිංහල උපසිරැසි]

(The Quiet Girl (2022) Sinhala Sub , The Quiet Girl (2022) Sinhala Subtitle , The Quiet Girl (2022) Sinhala Subtitles)

කොහොමද කට්ටියට! මේ පාර උපසිරැසි අරගෙන ආවේ මෑතකදි නිකුත්වුණ අයර්ලන්ඩ් චිත්‍රපටයක්. අපේ අය අතර මේක වැඩිය ප්‍රසිද්ධ නොවුණත් මේක ගොඩක් හොඳ ඉහල ප්‍රතිචාර ලබා ගත්තු චිත්‍රපටයක්. මේක නිකුත් වෙන්නේ 2022 මැයි 12 වෙනිදා. මේකෙ පිටපත් අන්තර්ජාලයට නිකුත් වුණේ මේ ලඟකදි. මේ චිත්‍රපටය අධ්‍යක්ශනය සහ තිර රචනය කරන්නේ Colm Bairéad විසින්. රංඟනයෙන් දායක වන්නේ Catherine Clinch(කායිට්) / Carrie Crowley(අයිලීන්) / Andrew Bennett(ශෝන්) / Michael Patric(ඩෑන්) / Kate Nic Chonaonaigh වැනි අයයි.

මං වැඩිය දෙයක් චිත්‍රපටය ගැන කියන්න යන්නෑ මොකද මුහුණ පොතේ අසංක ශ්‍රීනාත් සහෝදරයා හොඳ ලිපියක් ලියල තිබුන නිසා.

අසංක ශ්‍රීනාත් සහෝදරයාගෙ ලිපිය:-

The Quiet Girl – 2022
(Ireland – Irish)

පුංචි දරුවෙක් වැඩියෙන්ම ආස කරන්නෙ මොනවටද? සෙල්ලම් බඩු වලටද? පාට පාට ඇඳුම් වලටද? රසම රස කෑම වලටද? ඔව්, ඔය දේවල් වලටත් දරුවො ආසයි තමයි. හැබැයි ඔය භෞතික දේවල් වලට වඩා දරුවො වැඩියෙන්ම ආස කරන්නෙ, දරුවන්ට වැඩියෙන්ම උවමනා වෙන්නෙ, අම්මගෙයි තාත්තගෙයි ආදරය. අම්මගෙයි තාත්තගෙයි කරුණාව, ආදරණීය වචන. හැම දරුවෙක්ම කැමතියි අම්මගෙන් තාත්තගෙන් රළු වචන, බැනුම් අහන්නෙ නැතුව තමන්ට ගොඩක් ආදරෙන් කතා කරනව නම්.

ඇත්තටම දරුවො ඉන්න දෙමව්පියො තමන්ගෙ දරුවන්ට තියෙන ආදරය හිතේ විතරක් තියාගෙන තේරුමක් නෑ. දරුවන්ට තමන්ගෙ අසීමිත ආදරය පෙන්නන්න ඕන. වරදක් වුණත් ආදරෙන් කියල දෙන්න පුලුවන්නම් දරුවෙක්ට ජීවිතේ දින්නන ලස්සන පාරක් හදල දෙන එක අමාරුත් නෑ.

අනිත් අතට තමන්ගෙ කුසින් දරුවො බිහිකලා කියල, දරුවන්ව හැදුව කියල හැම කෙනෙක්ම අම්මෙක් තාත්තෙක් වෙන්නෙත් නෑ. තමන්ගේ දරුවන්ට වගේම , ඒ හා සමානව ඕනම දරුවෙක්ට ආදරය කරුණාව දෙන්න පුලුවන් අය තමයි සැබෑ මව්වරු පියවරු වෙන්නෙ.

මේ කතාවෙ කතානායිකාව, Cáit කියන්නෙ සුරංගනාවියක් වගේ ලස්සන පුංචි කෙල්ලෙක්. අයර්ලන්තෙ ඈත ගමක දුප්පත් පවුලක තව සහෝදරියො කීපදෙනෙක් එක්ක ජීවත් වෙන අහිංසක පුංචි කෙල්ලෙක්. සුරංගනාවියක් වගේ ලස්සන වුනත්, මුව පැංචියක් වගේ අහිංසක වුණත් Cáit තමන්ගෙ ගෙදර ගෙවන ජීවිතේනම් ඒ තරම් සුන්දර නෑ. හැබැයි ඉස්කෝලෙ නිවාඩු කාලෙක Cáit යන එක ගමනක් එයාගෙ ජීවිතේ වෙනස්කරනව. The Quiet Girl චිත්‍රපටය Cáit ගෙ මේ කතාව අපිට කියනව.

The Quiet Girl කියන්නෙ සරල නමුත් ගැඹුරු කතාවක් අපිට කියන ලස්සන චිත්‍රපටියක්. විනාඩි 94 ක් පුරා තිරයෙ දිගහැරෙන, ඉංග්‍රීසි භාෂාව නිසා ක්‍රමයෙන් වියැකෙන අයිරිෂ් භාෂාවෙන් කරපු ලස්සන වැඩක්. විශේෂයෙන්ම අයර්ලන්තයෙ ග්‍රාමීය සුන්දරත්වයත් අපේ ඇස් ඉදිරියෙ මවන, හිතට වගේම ඇසටත් ප්‍රිය උපදවන පරිපූර්ණ සිනමා නිර්මාණයක්.

The Quiet Girl අධ්‍යක්ෂණය Colm Bairéad. මේ ඔහුගෙ මංගල චිත්‍රපටි අධ්‍යක්ෂණය. ප්‍රථම චිත්‍රපටියෙන්ම ඔහු තමන්ගෙ හැකියාව පෙන්නල තියෙනව. Foster කියන නවකතාවක් පාදක කරගෙන තමයි මේ චිත්‍රපටිය හදල තියෙන්නෙ. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන චිත්‍රපටියෙ Cinematography ගැන. Cáit චරිතය රඟපාන පුංචි දැරිය ඒ චරිතය වෙනුවෙන් 100% ක්ම සාධාරණයක් කරනව.

The Quiet Girl , 2022 Berlin International Film Festival ඇතුලු අන්තර්ජාතික සිනමා උළෙල කීපයකදිම සම්මානයට පාත්‍ර වෙලා තියෙනව. ඒ වගේම The Quiet Girl ,මෙවර ඔස්කා සම්මාන උළෙලෙ හොඳම විදෙස් භාෂා චිත්‍රපටිය වෙනුවෙන් අයර්පන්තයෙ නිල ඉදිරිපත් කිරීම.

The Quiet Girl කියන්නෙ 2022 වසරෙ නිකුත් කරපු චිත්‍රපටි අතරින් නැරඹිය යුතුම චිත්‍රපටියක්. විශේෂයෙන්ම drama genre එකට සහ ඉංග්‍රීසි නොවන විදෙස් භාෂා චිත්‍රපටි වලට කැමති අයට.

Ratings :
IMDB – 8.0/10
Rotten tomatoes – 100%
Letterboxd – 4.1/5

The Quiet Girl (2022) Sinhala Subtitles
The Quiet Girl (2022) Sinhala Subtitles
The Quiet Girl (2022) Sinhala Subtitles
The Quiet Girl (2022) Sinhala Subtitles
The Quiet Girl (2022) Sinhala Subtitles
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම Bimsara Yashan (ඔලිව) (Baiscopelk)
IMDb 8 /10 1,064 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Soorarai Pottru (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
From Me to You (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Koi… Mil Gaya (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Polite Society (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kochaal (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
3096 Days (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Nightmare Alley (2021) Sinhala Subtitles
Yugi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bharathanatyam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aan Devathai (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ottaal (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Photographer of Mauthausen (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published