Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Unknown Saint (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Unknown Saint (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10 3 votes
Jan. 01, 2020Morocco100 Min.
The Unknown Saint (2019) | නොදන්නා දෙවියන්ගේ හාස්කම් (?)

මෙදා පාර අරන් ආවේ විදේශ භාෂාමය සලරුවක්. මේක මොරොක්කෝ රාජ්‍යයේ තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේක අරාබි භාෂාවෙන් යන සලරුවක්. Comedy | Crime | Drama ගනයට තමයි මේ සලරුව අයිති වෙන්නේ. ඇත්තම කිව්වොත් මේක Dark Comedy ගනයේ චිත්‍රපටයක්. මේක IMDB මීටරය 6.4 ක් හා කුණු තක්කලි අගය 93% ලෙස කැරකැවීමට සමත් වෙලා තියනවා. Alaa Eddine Aljem මෙහි Director සහ Writer හැටියට කටයුතු කරලා තියනවා. ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Younes Bouab යන නලුවා විසින්.The Unknown Saint (2019) Sinhala Subtitles

කතාව මෙහෙමයි. හොරෙක්, සල්ලි වගයක් හොරකම් කරලා කාර් එකකින් පැනලා යනගමන් ඉන්නේ. කාන්තාරයක් හරහා තමයි මිනිහා පැනලා යන්නේ. ඔහොම යන අතරේ තෙල් ඉවර වෙලා හුචස් ගාලා කාර් එක කාන්තාරේ මැද්දේ නවතිනවා. ඉතින් මේක ඉමක් කොනක් පේන්නැති විශාල කාන්තාරයක්. කාර් එක නවතින්නේ ලොකු පස් කන්දක් ගාව. ඉතින් මේ හොරා පොලිසිය එන්න කලින් අර කන්ද උඩට නැගලා, කන්ද මුදුනේ සල්ලි බෑග් එක වලළනවා. පොරට තැන මතක හිටින්න ලේසි වෙන්න පොර ඒක මිනියක් වලළපු තැනක් වගේ ලස්සනට ගල් තියලා එහෙම වටකරලා ආපහු කාර් එක ගාවට යනවා. එතකොටම පොලිසිය ඇවිත් හොරාව අල්ලගන්නවා. The Unknown Saint (2019) Sinhala Subtitles

ඊට පස්සේ අවුරුදු කීපයක් හිරේ ඉදලා හොරා ආපහු එනවා සල්ලි ටික හොයාගෙන අර කාන්තාරෙට. හොරාට සල්ලි ටික වලලපු කන්ද හොදට මතකයි. ඉතින් පොර එතනට යද්දි මහ පුදුම දෙයක් තමයි දකින්න ලැබෙන්නේ. කන්ද මුදුනට නැගලා බලද්දි සල්ලි ටික වලළපු තැන වටකරලා දේවස්ථානයක් හදලා. (සොහොන්ගෙයක් වගේ එකක්). ඒකෙ බෝඩ් එකක් ගහලා තියනවා “නොදන්නා මුණිවරයානන් වහන්සේගේ දේවස්ථානය” කියලා. මිනිස්සුත් එතන වතාවත් එහෙම කරනවා. වටපිට බලද්දි තමයි හොරාට තේරෙන්නෙ, මිනිස්සු කන්ද පාමුල අලුත් ගමක් හදාගෙන පදිංචි වෙලා කියලා.The Unknown Saint (2019) Sinhala Subtitles

හොරා සල්ලි බෑග් එක වලළලා ඒක මිනියක් වලළපු තැනක් වගේ ලස්සනට ගල් තියලා එහෙම වටකරලනේ ගියේ. එහෙම කලේ පොරට තැන හොයාගන්න ලේසි වෙන්න සහ මිනියක් වලළපු තැනක් කවුරුත් ආපහු හාරලා බලන්නෙ නැති නිසයි. මරුම වැඩේ කියන්නේ දැන් මේ ඉන්න මිනිස්සු ටික හිතන් ඉන්නේ ඒක කවුරුහරි ශුද්ධවූ සාන්තුවරයෙක් හෝ මුණිවරයෙක්ව වලළපු ශුද්ධවූ සොහොනක් කියලා. ඒක හින්දා මේ මිනිස්සු ඒ සොහොන වටකරලා දේවස්ථානයක් හදලා. ඒක තමයි එයාලා දැන් අදහන්නේ. මිනිසුන් හිතන්නේ එතන හාස්කම් සිද්ද වෙන නැනක් කියලා. ඉතින් මිනිසුන් ඒ දේවස්ථානය මූලික කරගෙන දැන් ඒ අවට ගමක් හදාගෙන පදිංචි වෙලා, වෙනම ආගමක් වගේ අර නොදන්නා මුණිවරයාව අදහනවා. ඒකයි මේකට The Unknown Saint කියලා නම තියෙන්නේ.The Unknown Saint (2019) Sinhala Subtitles

හොරා ආවෙ ඉතින් සල්ලි ටික ආපහු අරන් යන්නනේ. පොර හීනෙකින් වත් හිතපු නැති දෙයක් තමයි දැන් සිද්දවෙලා තියෙන්නෙ. දේවස්ථානයට ඉබ්බෙක් එහෙම දාලා මුරකාරයෙක් එහෙමත් ඉන්නවා. ඉතින් දැන් කොහොමද සොහොන හාරලා ආපහු සල්ලි ටික ගන්නෙ. මොකද දැන් මේක අර මිනිසුන්ගෙ ආගමික සිද්ධස්ථානයනෙ.The Unknown Saint (2019) Sinhala Subtitles

ඉතින් මං ඔය කිව්වේ චිත්‍රපටයේ මුල් විනාඩි දෙක තුන අතර වෙන සිද්ධිය විතරයි. මේ චිත්‍රපටයේ තියෙන්නෙ හොරා ආපහු අර සල්ලි ටික ගන්න ගහන ගේම් එක ගැන.The Unknown Saint (2019) Sinhala Subtitles

එතකොට මෙතන හාස්කම් නැද්ද? ඇත්තටම මෙතන සල්ලි විතරක් වලලපු තැනක්ද?, නැත්තං ඇත්තටම මෙතන ශුද්ධවූ සාන්තුවරයෙක්/මුණිවරයෙක් වලලපු හාස්කම් තියන තැනක්ද? තීරණය නරඹන ඔබ සතුයි. එහෙනම් මම ගිහින් එන්නම්. බයිස්කෝප් වාසීන්ට ජය……The Unknown Saint (2019) Sinhala Subtitles

පහත විස්තරය කැමති අය විතරක් කියවන්න.

Disclaimer –
චිත්‍රපටය ගැන මගේ අදහස නම් මේකයි. (කැමති අයට මේ ටික කියවන්න පුලුවන්. ස්පොයිල් වෙනවා වගේ නම් මේ ටික නොකියවා ගියාට මගෙ අමනාපයක් නෑ.)

මේක Dark Comedy වර්ගයේ සලරුවක්නෙ. ඉතින් මේකෙ තියෙන්නෙ හොරා ආපහු සල්ලි ටික ගන්න කරන උත්සාහය ගැනම විතරක් නෙවෙයි.

දැන් මේ මිනිස්සු මේ හද්ද කාන්තාරෙ අර කන්ද පාමුල ගමක් හදාගෙන වතුරවත් හරියට නැතුව මෙතනම ලැගන් ඉන්නේ ඇයි? මොකද, එයාලා තදින්ම විශ්වාස කරනවා අර කන්ද මුදුනේ තියන සිද්ධස්ථානය ගැන. ඒක තමයි එයාලා දැන් අදහන්නේ. දැන් ඇයි මේ සිද්ධස්ථානය හදලා තියෙන්නෙ. මොකද, මිනිස්සු තදින් විශ්වාස කරනවා එතන වලදාලා තියෙන්නෙ ශුද්ධ වූ කෙනෙක්ගෙ සිරුරක් කියලා සහ ඒ මුණිවරයට හාස්කම් සිද්ද කරන්න පුලුවන් කියලා. ඒ විශ්වාසය පදනම් කරගෙන තමයි එයාලා මේ සොහොන වට කරලා දේවස්ථානයක් හදාගෙන ඒකෙ තියන හාස්කම් මත විශ්වාසය තියාගෙන ඒක අදහගෙන මේ කට්ට කාන්තාරෙ ජීවත් වෙන්නේ. මිනිස්සු ලෙඩ සනීප කරගන්න පවා එන්නෙ මේ සිද්ධස්ථානයට.

ඒ සොහොනේ තැන්පත් කරලා ඉන්න නොදන්නා මුණිවරයාගෙ තියන හාස්කම් බලයෙන් ලෙඩ හොදවෙනවා කියන විස්වාසය මේ මිනිස්සු අතර තදින් තියනවා. දැන් ඔක්කොටම හේතුව මේ සොහොනනෙ. කොහෙන්ද මේ කන්ද මුදුනට සොහොනක් ආවේ. ඔව්, අර හොරානෙ සල්ලි ටික වලළලා බොරු සොහොනක් වගේ ගල් තියලා වටකරලා ගියේ. පස්සෙ කාලෙකනෙ අර මිනිසුන් ඒ සොහොන දකින්න ඇත්තේ. එහෙම බැලුවොත් මේ මිනිස්සුන්ගෙ ගම හා එයාලා අදහන දේ බිහිවෙන්න හේතුව වුණේ අර හොරා. ඌ ඔය සල්ලි ටික වලලපු නිසානෙ මේ ඔක්කොම බිහිවුනේ. හොරාටත් හිතාගන්න බෑ මේ වෙලා තියන දේ. හිරේ ඉදන් එන කාලේ ඇතුලත අලුත් ගමකුයි ආගමකුයිත් පටන් අරන්.

මේ සලරුවේ, දේව සංකල්ප බිහිවීම, ආගම් ඇදහීම සහ ආගමක් නිර්මාණය වෙන්න පුළුවන් හැටි, දේව සංකල්පයක් බිහිවෙන්න පුළුවන් හැටි, මිනිස්සු ඒක මත පදනම් වෙලා ජීවිතය ගෙනියන හැටි, කිසිදු ප්‍රශ්න නැගීමකින් තොරව හුදෙක් ම තමාගේ හදවතට එකඟව එම විස්වාසය මත පමනක්ම පදනම් වන හැටි, ඒවත් එක්ක ගැටෙන හැටි ආදිය පිළිබඳවත් හෙමින් සීරුවේ හිතන්න යමක් දෙනවාදෝ කියලා මට හිතෙනවා. දේව සංකල්ප ආදිය ගැන හීනියට උපහාසයට නගනවා සහ ඒ පිලිබදව හරි සරල ඒත් ගැඹරු තැනකින් සාකච්චා කර බැලීමට ඉඩක් විවෘත කර තිබෙනවා. ඒකයි මේක Dark Comedy ගනයට අයිති සිනමා පටයක් වෙන්නේ. හැබැයි ඔය උඩ කිව්ව සංකල්ප ගැන විස්තර විචාර දෙන්න තරම් නම් මම ඔස්තාර් කෙනෙක් නෙවෙයි හොඳේ.The Unknown Saint (2019) Sinhala Subtitles

වැදගත්ම දේ තමයි මේ හොරාගෙ සල්ලි සිද්ධිය අස්සේ මේ සලරුවේ අපිට දකින්න පුළුවන් තවත් පැතිකඩක් තමයි මේ ගම සහ එහි ඉන්න අහිංසක මිනිස්සු ගැන දෙන හැඟීම. ගමේ අයගේ ඡීවිත කටුක අයුරින් ගෙවෙන හැටි, එයාලා කොච්චර කට්ට කාගෙන මේ කාන්තාරේ ඡීවත් වනවද කියන හැටි, අර සිද්ධස්ථානය මෙයාලගෙ ඡීවිතයට හොද හෝ නරක හෝ කිනම් විදිහට හෝ විශාල බලපෑමක් කරන හැටි ගැන වහෙන් ඔරෝ මේකෙන් පෙන්නලා තියනවා. කෙනෙක්ට සිද්ධස්ථානය ලෙඩ සුව කිරීමට හැකි හාස්කම් පිරුන තැනක් හැටියටත්, තවත් කෙනෙක්ට මේක මිත්‍යාවක් සහ කරදරයක් හැටියටත් බලපාන්න පුලුවන් හැටි මේකෙදි පෙන්නනවා.

ඒකයි සමහරු ලෙඩ සුවකරගන්න එන අතරේ අතරේ බ්‍රහීම් ඇවිත් දේවස්ථානයට ශාප කරමින් ඒක කඩලා දාන්න හදන්නේ. ගමට අලුතෙන් ආපු දොස්තරයි එයාගෙ සහයකයයිත් මේ දේවස්ථානයට විරුද්ධයි වගේම එයාලගෙ ඩිස්පෙන්සරියේ වෙන සිද්ධි ටිකෙනුත් වෙනම පැතිකඩක් පෙන්නලා දෙනවා. සහ මෙතෙක් කල් දේවස්ථානයේ හාස්කම් ගැන පමණක් විස්වාස කරපු මිනිස්සු ටික දැන් දොස්තරගේ වැඩ ගැනත් ක්‍රමයෙන් විස්වාස කරන්න ගන්නවා.

හැබැයි චිත්‍රපට බලන් යද්දි අර දේවස්ථානයේ හාස්කම් නෑමයි කියලා කියන්නත් බෑ. හැබැයි ඇති හාස්කමකුත් නෑ. හැබැයි නැත්තෙත් නෑ. හොරා හොදටම දන්නවා එතන කාගෙවත් මිනියක් නෑ සහ හාස්කමක් එතන නෑ කියලා. ඒත් හොරාට පවා අන්තිමට යද්දි හිතෙන්න ගන්නවා මෙතන මොකක් හරි හාස්කමක් තියනවද දන්නෙත් නෑ කියලා.

එතනදි මට නම් හිතුනේ, සමහර කරුණු කාරනා සහ සිද්ධි වලදී එය පිලිබදව හොදටම දන්න කෙනෙකුට පවා ඒක පිලිබදව දෙගිඩියාවක් ඇතිවන හැටි හා ඒක ඇත්තක් හෝ නැත්තක් වෙන්න ඇති කියන විස්වාසයක් හෝ සැකයක් රෝපණය කරන්න මෙම විස්වාස වලට පුලුවන් බවයි. ඒක මේකෙදි හොඳටම පෙන්නලා දීලා තියනවා. ඒකයි අන්තිමට හොරා උනත් “අද හිතට හරිනෑ හෙට එමු කියලා යන්නෙ” කියලයි මට හිතෙන්නේ.සමහර තැන්වල දි හොරාත් කන්ෆියුස් අපිත් කන්ෆියුස් වෙන තැන්වලට ඇදගෙන එනවා. හාස්කමක් තියනවද නැද්ද කියලා හිතාගන්න බැරි නොදන්නා (Unknown) තැනකට තමයි අන්තිමේදි හොරා පත්වෙන්නෙ.

ෆිල්ම් එකේ හොරාගෙ නමක් සදහන් වෙන්නෙ නෑ. ඌ හොරාම තමා . මේක ඇවිල්ලා හරිම සන්සුන් කිසි කලබල ගතියක් නැති හුදකලා ගතියක් තියන නිස්කලංක ගතියක් තියෙන හෙන සරල ඒත් හෙන ගැඹුරු තැනකින් අපිට හිතන්න විවෘත කරලා තියන සලරුවක් කියලයි මට නම් තේරුනේ.

මේකෙ විෂේශ තැන් කීපෙකට ඇරෙන්න වෙන කිසිම තැනක Background Music භාවිතා වෙන්නෙ නෑ. අනික මේකෙ තියෙන්නෙ කාන්තාර පසුබිමක් සහිත දර්ශන නිසාදෝ මන්දා හරිම නිහඩ නිස්කලංක හෙන සරල ගතියක් ෆිල්ම් එක පුරාවටම තියෙනවා. මේකෙ මහ ලොකු plot twists එහෙම මොකුත් නෑ. හෙනම සරල, කාටත් තේරෙන කතාවක්.
ඒ උනාට අමුතු ආතල් එකක් නැත්තෙත් නෑ. අනේ මන්දා ඒකත් හෙන නොදන්නා ( Unknown ) තැනක තමයි තියෙන්නේ .

මේක අරාබි භාෂාවෙන් තියෙන නිසා වැඩිය හුරු පුරුදු මිහිරි ගතියක් නැති වෙන්නත් පුළුවන්.
සමහර විට කෙනෙක්ට හිතෙයි කෝ මේක comedy කිව්වට කොයි කෑල්ලටද දැන් හිනාවෙන්න ඕනෙ කියලා. කෝ මේ ෆිල්ම් එකට හිනායන්නෙ නෑනෙ කියලා කෙනෙක්ට හිතෙයි. ඔව්, ඒක වෙන්න පුළුවන්. ඔයාගෙ හේතුව සාධාරණයි. තවත් කෙනෙක්ට මේක හොඳට හිතේ හැටියට හිනායන පට්ට ෆිලුමක් වෙන්න පුළුවන්. ඔව් එයාගෙ හේතුවත් සාධාරනයි. ඒ කොහොම වෙතත් මේකෙ හෙන අමුතු ආතල් එකක් නැතුවාම නොවේ ඈ. මේක Dark Comedy ගනයට අයිති වෙන්නේ ඒකයි.

මම මේ මේක මාරම මාර තද කොර ෆිල්ම් එකක් කියලා එහෙම නෙවෙයි කිව්වේ. සමහරෙක්ට සෙට් වගේම සමහරෙක්ට මේක සෙට් නැති වෙන්න පුළුවන්. මං මේ කිව්වේ මේ චිත්‍රපටිය ගැන මට හිතෙන මගෙ පුද්ගලික අදහස් විතරයි ඕං. සමහර විට මං මේ චිත්‍රපටය තේරුම් අරන් තියෙන විදිහ සම්පූර්ණ වැරදිත් ඇති. සමහර විට මං මේ කියපු විදිහේ මගුලක් මේකෙ නැතුවත් ඇති. මමත් මේවා ගැන ඔස්තාර් කෙනෙක් නමේනෙ මචං, උබලා වගේම ආතල් එකට ෆිලුමක් බලාගෙන ඉන්න කෙනෙක් .

Subtiltes By

සුදර්ශන (king suu)
(Baiscopelk)
IMDb Rating 6.4 1,480 votes
The Unknown Saint (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Unknown Saint (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Unknown Saint (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Unknown Saint (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Unknown Saint (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Younes Bouab isThe thief
The thief
Ahmed Yarziz isThe hairdresser / dentist
The hairdresser / dentist

Similar titles

Insidious: Chapter 3 (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
My True Fairytale (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
We Have a Ghost (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bad Genius (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vijetha (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Purple Hearts (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maara (2021) Sinhala Subtitles
In Our Prime (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Unfaithful (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Don’t Tell a Soul (2020) Sinhala Subtitles
P.S. (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kingdom: Ashin of the North (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published