Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03 480p
  • Player 03 720p
Thupparivaalan (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Thupparivaalan (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.5 2 votes
Sep. 14, 2017India159 Min.
Thupparivalan (2017) | නුඹ බලන්නෙකි..මා සොයන්නෙකි

ධ්‍යක්ෂක මිස්කින්ගේ සහ විශාල්ගේ නවතම එළිදැක්ම තුප්පරිවාලන් (රහස් පරීක්ෂකයා). මේ චිත්‍රපටයේ හොඳ කොපියක් එන්න ටික කාලයක් ගියා මොකද නාට්‍ය සංගමයේ සභාපති විශාල් නිසා. කෙසේ නමුත් ඔන්න දීපාවලී වලට තෑග්ගක් විදියට අද හොඳ කොපි ගණනාවක් නිකුත් කර තිබුණා. ඉතින් ඒ හැම පිටපතකටම ගැළපෙන්න උපසිරසි අරන් ආවා.

විශාල් රංගනයෙන් දායක වෙන මේ චිත්‍ර‍පටයට සුපිරියි කියලා මම කිවුවේ පුරුද්දකට එහෙම නෙවෙයි. ඇත්තටම දමිළ සිනමාවේ වෙනස්ම මානයක් හොයාගෙන ගියපු චිත්‍ර‍පටයක්. විශාල්ගේ දැනට එළිදැක්වුණු හොඳම ෆිලුම කියලත් කියන්න පුළුවන්. අර මම කලින් දුන්නු කත්ති සන්ඩෙයි වගේ ගොන් පාට් එකක් එහෙම නෙවෙයි ඈ. විශාල්ටත් වඩා මිස්කින් චිත්‍ර‍පටයක් විදියට කට්ටිය පුරසාරම් දොඩපු නිසා මමත් යාපනය රාජා සිනමාශාලාවට ගියා තුප්පරිවාලන් බලන්න. පටන් ගැන්මෙන්ම තේරුණා මේක නම් සුපිරියක්ම තමයි කියලා. ඒකට හේතුව වුණේ පසුබිම් සංගීතය. හරියට හොල්මන් චිත්‍ර‍පටයක් බලන්න වාඩිවුණා වගේ දැණුනේ. මම එවෙලේම මේල් එකක් දාලා ෆිලුම ඉල්ලා සිටියා. අකුරු දාලා ඉවර වුණා. පසුබිම් සංගීතයෙන් මුළු සිනමා ශාලාවම නිහඬ කරලා. චිත්‍රපටය පටන් ගැන්මේදී අභිරහස් විදියට සිදුවෙන මරණ දෙකක් පෙන්වනවා..ඊට පස්සේ තමයි කතාව පටන් ගන්නේ.

විශාල් පුද්ගලික රහස් පරීක්ෂකයෙක්. නම කනියන් පූංගුන්රන් (කනී). ඔහුගේ සහායට ඉන්නවා ප්‍ර‍සන්න. (මනෝහර් නොහොත් මනෝ). හරියට ෂර්ලොක් හෝම්සුයි වොට්සනුයි වගේ. ඇත්තටම මේ ෆිලුමට ෂර්ලොක් හෝම්ස් කතා මාලාවෙන් බොහෝ ආභාෂයන් ලැබී තිබෙනවා.  උදේ පාන්දර අබිරහසක් හොය හොයා පිස්සුවෙන් වගේ ඉන්න කනියන් පූංගුන්රන්ට හම්බුණේ පොමනේරියන් බලු කේස් එකක්. පොඩි දරුවෙක් තමයි මේ කේස් එක කනියන් වෙත ඇරගෙන එන්නේ. ඒ බල්ලාගේ මරණය ස්වභාවික මරණයක් නොවන බවත්, කවුරුන් හෝ කෙනෙක් ඒ බල්ලාව මැරූ බවත් දරුවා පවසනවා. ඒ දරුවා එයට සාක්ෂි පවා ඉදිරිපත් කරනවා. බල්ලා මැරුවේ කවුද? කනියන් මේ බලු කේස් එක බාරගන්නවා. මේ බලු කේස් එක බාරගත්තු කනියන් අන්තිමට ගිහින් නතර වෙන්නේ මහ විශාල අබිරසක් ඇතුළත. මිනී මැරුම් දාමයක අත්වැරැද්දකින් ලීක් වුණ පොඩි හෝඩුවාවක් තමයි මේ මැරිච්ච බල්ලා. ඉන් එහාට සිදුවෙන්න යන ඒ ත්‍රාසජනක අත්දැකීම් සමුදාය විඳින්න ඔබට ආරාධනා කරනවා. ආසාවට සිංදුවක් නැති.. විකටයෙක් නැති..ආදරය කරන පෙම්වතුන් නැති පට්ටම සීරියස්.. කතාවක්. හැබැයි දෙයක් කියන්නම්..පළවෙනි විනාඩි දහයේ ඔබ විශාල්ගේ රඟපෑම, ඔහුගේ ඉරියවු හා ඇඳුම් විලාසිතා දැකලා මට දොස් කියනවා සත්තයි. මොන ගොං පාට් එකක්ද මේ කියලා ඔබට සිතෙයි. සිනමා ශාලාවේ පිටිපස්සේ කෙනෙක් කෑ ගැහුවා මතකයි..මේකාගේ විගඩම් බලන්නද අපි සල්ලි දීලා ආවේ කියලා. හැබැයි ටික වෙලාවක් ගියාම හැමෝම කට ඇරන් සද්ද නැතුව බලන් හිටියා ඔන්න.

අධ්‍යක්ෂක මිස්කින් හුඟක් ප්‍ර‍සිද්ධ ත්‍රාසජනක ෆිලුම් අධ්‍යක්ෂණයට. මේ ෆිලුමත් ලෙසටම කරලා තියනවා. ඇඟ කිළිපොලා යන තාත්වික මිනීමැරුම්, ලේ වැගිරීම්, විශිෂ්ට සටන් ජවනිකා, කුතුහලය වගේම ඇසට කඳුළක් නංවන දර්ශන පවා ඉතාමත් අපූරුවට පටිගත කරලා තියෙනවා. මා හුඟක්ම සංවේදී වුණ දර්ශණයක් තිබුණා. දරුණු මිනීමරුවෙක්ගේ අවසානය ! ඔහු මිනීමරුවෙකු වුවත් අවසාන මොහොතේ තම බිරිඳ වෙත දැක්වූ සෙනෙහස, ඔබේ ඇසට කඳුලක් නංවනවා ඇති. ඒ වගේම සාහසික දර්ශන වලට මා ටිකක් තැති ගැන්වුණ නිසා මා අසළ සිටි සහෝදරයෙක් පැවසුවා..මල්ලි මිස්කින්ගේ චිත්‍ර‍පටි නම් ඉතින් මෙහෙම තමයි කියලා. මෙම චිත්‍රපටයේ වීශාල් සහ ප්‍ර‍සන්නට අමතරව, ඇන්ඩ්‍රියා ජෙරමියා, සිම්රන්, භාග්‍යරාජ්, විනායි (දුෂ්ටයා), ජෝන් විජය්, ජයප්‍ර‍කාශ් වගේ ජනප්‍රිය නළු නළියන් රැසක් රංගනයෙන් දායක වී තිබෙනවා. ඒ වගේම මල්ලිකාගේ චරිතය රඟ පෑ අනූ එමානුවෙල්..මේ සියළුම දෙනා හොඳ රංගනයන් ඉදිරිපත් කරනවා. ඒ වගේමයි අරෝල් කොරේලි ගේ පසුබිම් සංගීතයත්. ඉතින්..මේ ෆිලුම නරඹන්න කියලා ඔබ සැමට ආරාධනා කරනවා ! ජයවේවා !

Subtiltes By

ඉන්ද්‍රජිත් උදය කුමාර
(Baiscopelk)
IMDb Rating 7.5 4,908 votes
Thupparivaalan (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thupparivaalan (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thupparivaalan (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thupparivaalan (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thupparivaalan (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thupparivaalan (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thupparivaalan (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thupparivaalan (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thupparivaalan (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thupparivaalan (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Mysskin
Director

Cast

Vishal Krishna isKaniyan Poongundran
Kaniyan Poongundran
Prasanna isManohar
Manohar
Vinay Rai isJohn Richardson Holcha aka
John Richardson Holcha aka "Devil"
Simran isMrs. Dhivakar
Mrs. Dhivakar
John Vijay isKamalesh
Kamalesh
Ajay Rathnam isPolice Chief
Police Chief

Similar titles

Pirates of the Caribbean: On Stranger Tides (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ranam (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Tremors (1990) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Paayum Puli (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sicario (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jurassic World Dominion (2022) Sinhala Subtitles | ”මහා ව්‍යසනයකින් සිව් වසකට පසු නැවතත්….” | සිංහල උපසිරැසි සමඟ
Kung Fury (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Redemption Day (2021) Sinhala Subtitles
Natpe Thunai (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Original WEBRip | Black Adam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dharmadurai (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Finding ‘Ohana (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published