Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
Titanic (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Titanic (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 10
9.4 33 votes
Nov. 18, 1997United States194 Min.
Titanic (1997) | මහ සයුරේ ආදර අන්දරය

1997 අවුරුද්ද සිනමා ලෝකයට සුවිශේෂ වසරක්! අපේ යාළුවො කවුරුත් ඒක හොදටෝම දන්නවා. ලෝකය පුංචි වැඩියි කියලා කියන්න තරම් විශාල වුණු නැවකුයි ඒ නැවේ කතාවයි යළි වරක් මුළු ලෝකයේම අවධානය දිනාගන්නට සමත් වුණේ ඒ වර්ෂයෙදි වීමයි ඊට හේතුව. මෙහෙම කියනකොටම කට්ටිය මටත් වඩා හොදට දන්නවා මම මේ කියන නැව මොකද්ද කියන්න. ඒ වගේම ඒ නැවේ කතාව මොකද්ද කියන එකත් දන්නවා කියන එක මට හොදටම විශ්වාසයි. ඔව් ඔබ හරියටම හරි. ඒ තමා ‘ටයිටැනික්’.

මුළු ලෝකයම මරණයේ වේදනාවෙන් කම්පනය කරලන්නට වගේම ආදරයේ වේදනාවෙන් මුසපත් කරවන්නටත් සමත් වුණු මේ මහා සිනමා කාව්‍ය එදා මෙදා තුර බිහිවූ උත්කෘෂ්ටතම පෙම් පුවතක් බවයි පොදුවේ කාගේත් පිළිගැනීම. සම්මාන පිට සම්මාන දිනමින් සහ සම්මාන උළෙලවල් පවා දෙවනත් කරවන්නට ඒ ඔස්කාර සම්මාන 11 තවත් ජයග්‍රහණ 81 ලබන්නට තරම් මේ මහා නිර්මාණය සමත් වුනා.. එමෙන්ම මේ බයිස්කෝප් එක එකරැයින් හොලිවුඩ් සුපිරි තරු යුගලක් බිහි කරන්නට තරම් සමත්කමක් දැරුවා.ඒ විතරක් නෙමෙයි හොලිවුඩයේ ඒ ලෙස නළු-නිළි තරු යුවලක් බිහි කරවද්දී ගායන ලෝකයටත් තව තරුවක් බිහි කරන්නට තරම් සුපිරිතම ගීතයක් පවා මේ තුළ අන්තර්ගත වුණා.

එය ඔබේත් මගේත් හදවත් අදටත් සසල කරවන්නට හැකි ඒ ගුණය එකලෙස සුරකිනවා. මේ ගීය අදටත් හරියට පෙම්වතුන්ගේ නිල ගීතය වගෙයි කිව්වත් වැරැද්දක් නොවන තරමට ආදරයේ අරුත කැටිකරගත් ගීයක්.

අදාරයේ සැබෑ අරුත ලොවට පසක් කර දෙන්නට නිර්මල පෙම මේ යැයි පවසන්නට මේ නිර්මාණය තරම් මගේ සිත් ගත් වෙන නිර්මාණයක් නැති තරම්..ඒ වගේම මගේ උපසිරස ගමනේ අසීරුම උපසිරස ගන්වන්නට ලැබුණු නිර්මාණයද මේකයි.අසීරු වූයේ අන් කවර හේතුවකටවත් නෙමේ මෙහි දෙබස් සංයෝජනය කිරීම ඇත්තටම ඉතාමත් දුක්බර මෙන්ම හදවත නැවත නැවතත් කදුළු වලින් පුරවන්නට වූ නිසාවෙන්ය…

අනික් දේ පුරා වසර 10 ක් එක ලෙස වැඩිම ආදායම් වාර්තා අතර පළමු තැන තිබු මේ සිනමාපටය නැවතත් 2 වෙනි තැනට පත් වූයේ මේ අනර්ඝ නිර්මාණයත් බිහි කල ලොව සුවිශේෂී නිර්මාණ කරුවා James Cameron විසින් නිපදවූ Avatar (2009) බයිස්කෝප් එකයි.ඔහු විසින් නිපදවූ චිත්‍රපටය නැවතත් 2 වෙනි තැනට පත් කරන්නට පත් වූයේ ඔහුගේ නිර්මාණ වල අද්විතීය බව ලොවට පසක් කරමිනි..

අපේ 1000 සැමරුම වෙනකොටත් මේක සිංහල උපසිරැසි සහිතව ලබා දී නොතිබුණු නිසා ඒ අඩුව පුරවන්නට වගේම ඒ රසය බෙදන්නටත් මෙය සිංහල මුසු කරල ගෙන එන මේ කටයුත්ත සිදු කළේ අවංකවම ඔබට හොද දෙයක් ලබා දෙන්න තිබෙන කැමැත්ත නිසාවෙන්මයි. සිංහල උපසිරස එක්ක කොපමණ බයිස්කෝප් ලබා දුන්නත් මේ බයිස්කෝප් එක නැතුව එය සම්පුර්ණ වූයේ නැතය යන්න මගේ අදහසයි..උදා සහෝවත් මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ ඔහුටත් මගේ ස්තූතිය.එහෙමනම් ඔබට ආරාධනා කරනවා James Cameron ගේ අධ්‍යක්ෂණයෙන්, Lenardo Decaprio සහ Kate Winclet ගේ තාත්වික රංගනයෙන් වගේම Celine Dione ගේ මනමත් වූ ගායනයෙන් සංගීතයෙන් හැඩවුණු මේ අද්විතීය සිනමා සිත්තම ඔබත් නරබන ලෙස……. ජය වේවා~!

විශේෂ ස්තූතිය : තිලාන් සුචරිතරත්න සහෝට

Subtiltes By

විකියා
(Baiscopelk)
IMDb Rating 7.9 1,222,438 votes
Titanic (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Titanic (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Titanic (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Titanic (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Titanic (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Titanic (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Titanic (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Titanic (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Titanic (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Titanic (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Kate Winslet isRose DeWitt Bukater
Rose DeWitt Bukater
Billy Zane isCal Hockley
Cal Hockley
Kathy Bates isMolly Brown
Molly Brown
Frances Fisher isRuth DeWitt Bukater
Ruth DeWitt Bukater
Victor Garber isThomas Andrews
Thomas Andrews
Bill Paxton isBrock Lovett
Brock Lovett
Bernard Hill isEdward Smith
Edward Smith
David Warner isSpicer Lovejoy
Spicer Lovejoy

Similar titles

Goat (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Human Centipede (First Sequence) (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Don Jon (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ted 2 (2015) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
SriKrishna@gmail.com (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Maamannan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Novice (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
To the Forest of Firefly Lights (2011) AKA Hotarubi no mori (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Autorickshawkkarante Bharya (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
My Little Pony: A New Generation (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Don’t Click (2020) With Sinhala Subtitles
Mister (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • NUWAN June 26, 2023 Reply

    Titan එකෙන් පස්සේ ටයිටැනික් ආයෙ බලන්න හිතුනා

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published