”අංකල් බක්, එහෙමත් නැත්තම් බක් මාමා” 1989 වසරේ සිට මේ දක්වා බොහොමයක් එකල දෙනාගේ සිත් ඇදගත්, හාස්‍යජනක චිත්‍රපටියකි. ජෝන් හියුස් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයේ විනෝදකාමී තරබාරු බක් මාමාගේ ප්‍රධාන චරිතයට රංගනයෙන් පණ පොවන්නේ ජෝන් කැන්ඩි විසිනි. මේ වෙද්දි නම් මෙයා අපි අතරේ නෑ. වයස අවුරුදු 43ක් වගේ බොහොම කෙටි වයසකින් මෙයගේ ජීවිත ගමන අවසන් වෙලා තියනවා. ඒ හදිසියේ ඇතිවුන හෘදයා බාධයකින්. කොහොමවුනත් මේ අංකල් බක් චරිතය අදටත් හොලිවුඩ් සිනමා රසිකයින් බොහෝ දෙනෙකුගෙ මතකයේ සුන්දරව රැදිලා තියනවා.
කවුද මේ අංකල් බක් කියන්නේ ?
අංකල් බක් කියන්නේ බොහොම ආකර්ශනීය පෙනුමක් තියන විනෝදකාමී, තරබාරු, මැදිවියේ ඉන්න තනිකඩයෙක්. ගොඩක්ම මෙයා වගකීම් විරහිත හා නොසැලකිලිමත් ලෙස වැඩ කරන්න හුරු වුන කෙනෙක්. මෙයාට මෙහෙම අඩුපාඩුකම් තිබුනා වුනත් මෙයාට රත්තරන් හදවතක් හා ජීවිතයේ අභියෝග හමුවේ ඊට මුහුණ දීමට බොහොම අපූරු අද්විතීය හැකියාවක්ද තියනවා.
කතාව ගැන කෙටියෙන් පුංචි විස්තරයක්,
බොබ් සහ සින්ඩි යන යුවලට ළමයි 3 දෙනෙක් ඉන්නවා. ගැනු ළමයින් දෙන්නයි, එක පිරිමි ළමයයි. මෙයාලගේ දෙන්නෙක් හරිම පොඩියි, ඒ තමා මයිල්ස් සහ මේයිසි. ලොකම කෙනා වයස අවුරුදු 15ක නව යොවුන් වියේ පසුවන මුරණ්ඩු නාහෙට නොහාන ටියා. දවසක් අනපේක්ෂිත විදියට පවුලේ හදිසි අවශ්‍යතාවයක් හේතුවෙන් බොබ් සහ සින්ඩිට හදිසියේම නගරය අත ඇරලා යන්න වෙනවා. ඉතින් මේ හදිසියේ ළමයින් බලාගන්න කෙනෙකුව හොයාගන්න විදියක් දෙන්නටම නැතුව බැරිම තැන බොහොම අකමැත්තෙන් බක්ට මේ ළමයි තුන්දෙනාව බලාගන්න එන්න කියලා මේ යුවල කතා කරනවා. විශේෂයෙන්ම මේ බොබ්ගේ බිරිඳ ඒ කියන්නේ සින්ඩි නම් කැමතිම නෑ මේ බක්ට. කොච්චරද කිව්වොත් ආයේ කැමතිම නෑ. කරකියා ගන්න දෙයක් නැතිම කමට තමා මේ මනුස්සයට අවසානයේ කතා කරන්න තීරණය කරන්නේ. මේ සින්ඩි කියනවා තමන්ගේ ස්වාමි පුරුෂයට ”බක් වගේ මනුස්සයෙක් ළඟ තමන්ගේ ළමයින්ව තියලා යන්න ආරක්ෂාකාරී බවක් දැනෙන්නේ නෑ” කියලා, මේ කොහොමින් කොහොමහරි අවසානයේ මෙයාලා ළමයින්ව බක්ට බලාගන්න දීලා යනවා. කතාව පටන් ගන්නේ මෙන්න මෙතනින්
එහෙනම් කතාව ගැන මම ඔයාලට තවත් දුරට විස්තර කියන්න අදහස් කරන්නේ නෑ.
අරගෙනම එහෙනම් බලලා රසවිඳින්න.
පවුලේ හැමෝම එක්ක මේ චිත්‍රපටිය බලන්න පුළුවන්.
Quality | Size | Language | |
---|---|---|---|
BluRay 480p | 550 MB | English | |
BluRay 720p | 1.1 GB | English | |
BluRay 1080p | 2.2 GB | English |
Quality | Size | Language | |
---|---|---|---|
BluRay 480p | 550 MB | English | |
BluRay 720p | 1.1 GB | English | |
BluRay 1080p | 2.2 GB | English |