
Vaalvi කියන්නෙ සාමාන්‍යෙන් මරාති සිනමාවෙන් දක්නට නොලැබෙන බ්ලැක් කොමඩි ශානරයේ චිත්‍රපටයක්. අපිට නිරතුරුව මරාති සිනමාවේ දකින්නට ලැබෙන්නෙ ArtHouse , Tragedy ශානරයේ ශෝඛාන්ත නිසා බ්ලැක් කොමඩි වැනි වාණිජමය ශානරයකින් වින්දනාත්මක චිත්‍රපටයක් නිරැඹීම නිතැතින්ම නැවුම් අත්දැකීමක් වුනා.
චිත්‍රපටයේ කතාව ගැන ටිකක් විස්තර කරොත්.. “අනිකේත්” කියන්නෙ කසාද ජීවිතේ එපාවුන මනුස්සයෙක් , ඔය අතරෙ තමයි මෙයා හැඩකාර දත් දොස්තර නෝනා “දේවිකා” එක්ක පෙම් පලහිලව්වක පැටලෙන්නෙ. කාලයක ප්‍රේම සම්බන්ධෙකට පස්සෙ මෙයාලා තීරණය කරනවා අනිකේත්ගෙ බිරිඳ අවානිගෙන් ගැලවිලා නිදහස්වෙන්න. දෙන්නා ඒකට තිතට ප්ලෑන් කරපු නියම සැලැස්මක් හදනවා. දැන් තියෙන්නෙ වැඩේ ක්‍රියාත්මක කරන්න. හැබැයි අවසන් මොහොතෙ මෙයාලා හදපු සැලැස්ම ගැස්සෙනවා. මෙතන ඉඳන් තමයි දෙන්නට එකපෙළට මුහුණදෙන්න වෙන ප්‍රශ්න වැලක ආරම්භය වෙන්නෙ.
Vaalvi කියන වචනයේ සිංහල තේරුම තමයි “වේයා ” ඇයි එහෙම නම තියලා තියෙන්නෙ කියලා ඔබට චිත්‍රපටය නැරඹුවාම දැනගන්න ලැබෙයි. අවසන් වශයෙන් කියනවනම් Vaalvi කියන්නෙ Black Comedy ශානරයේ චිත්‍රපට නරඹන්න කැමති කෙනෙකුට ඉහළින්ම නිර්දේශ කරන්න පුලුවන් චිත්‍රපටයක්. කැමති අය බලන්න.