Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480P
  • Player 04 720P
Vendhu Thanindhathu Kaadu (2022) Sinhala Subtitles

Vendhu Thanindhathu Kaadu (2022) Sinhala Subtitles

Your rating: 0
9.1 11 votes
Sep. 15, 2022India172 Min.
වෙන්දු තනින්දදු කාඩු (2022) Sinhala Subtitles | ගින්න ඇවිළෙයි. [සිංහල උපසිරසි]

Vendhu Thanindhathu Kaadu (2022) Sinhala Sub
Vendhu Thanindhathu Kaadu (2022) Sinhala Subtitle
Vendhu Thanindhathu Kaadu (2022) Sinhala Subtitles

 

මහර වෙලාවට ඇත්ත කියන එක, කතා කියනවට වඩා අමාරුයි. මේක ඇත්තම මිනිසෙක්ගෙ ජීවිතයක්. ඉහලට යන්න යන්න තනිකම වැඩි වෙනවා. කවුරුවත් නැති කඳු මුදුනේ තනිවම ඉන්නවා වගේ. ඒත් හැම මොහොතකම ගින්නෙන් දැවි දැවී තමයි එහෙට එන්නෙ වෙන්නෙ. මිනිස්සුන්ට පහර දෙන සුළඟ මොකක්ද කියලා කාටවත් කියන්න බැහැ. හැමෝම ඉගිලෙමින් ඉන්නවා. මරන්න ඕන නැත්නම් මැරෙන්න ඕන. හැම රැකියාවකම ඒ වගේ තමයි. ඒක උමතු නැටුමක්. මෙහෙන් පිට වෙන්නත්, ගමන් කරන්නත් සම්බන්ධයක් නැහැ. ඒක දෛවය ද? හැමෝම පැනලා යන්නයි උත්සාහ කරන්නෙ. කොහොම හරි යන්න ඕනේ කියලා තැතිගන්නවා. ඒත් පැනලා යන්න හැදුවම තවත් ගැඹුරටම ගිහින් එරෙනවා. මේකේ කතාවක් නැහැ. මොකද මේ ජීවිතයට තේරුමක් තියෙනවා නම් තියෙනවා. නැත්නම් නැහැ. මට නම් මේක නිකන්ම සෙල්ලමක්. වෙන කිසිදෙයක් නෙවෙයි

– ගෞතම් වාසුදේවන් මේනන්. –

මුත්තු B.Sc ඉගෙන ගත් ශිෂ්‍යයෙක්. ආර්ථික අපහසුකම් නිසා තවදුරටත් ඉගෙනීම නතර කරලා රැකියා වෙනුවෙන් අයදුම් කර තිබුණා. මුත්තු යම් ආදායමක් උපයා ගැනීම වෙනුවෙන් කටු යායක කුලියට කටු කපමින් සිටියා. සුපුරුදු විදිහටම ගිනි ගහන මද්දහනේ කටු කපමින් හිටියා. මේ වෙලාවෙදි මෙතනට එන පියුම් කරුවා මුත්තුගේ සුවදුක් විමසා නැවත රාජකාරි කටයුතු බලා පිටත්ව යනවා. පියුම් කරුවා බිම දමා ගිය සුරුට්ටුවෙන් වියළිලා තිබුණු කටු ගොඩට ගිනි ඇවිලෙනවා. ගින්න ඇවිලගෙන එද්දි මුත්තු කටු ගොඩවල් මැද්දෙන් හිටියේ. ඒ වන විටත් මුත්තුගේ වටේටම ගින්න වට කරගෙනයි තිබුණේ.

ඇඟපුරාම කටු ඇණගෙන කොහොම හරි ගිනි ගත්ත කටු ගොඩෙන් එලියට පැනගන්නවා. මුත්තුගේ පිට පුරාම කටු ඇනිලා තිබුණේ. අමාරුවෙන් ගෙදර කරා ඇදී ගිහින් අම්මට කියලා බෙහෙත් කරගන්නවා. මේ වෙලාවෙදි යාය අයිතිකාරයා ගෙදරට ඇවිත් වන්දිය ඉල්ලලා මුත්තුගේ අම්මට තර්ජනය කරනවා. මුත්තුගේ පවුල ඒ වෙනකොටත් ණය වෙලා, ඉතාමත් අමාරු තත්වයක හිටියේ. ඊටත් වඩා පොර කුකුළා වගේ රණ්ඩු අදින මුත්තුගේ හැසිරීම ගැන බය හිතුන මුත්තුගේ අම්මා, මුත්තුව මුම්බායට රැකියාවකක් වෙනුවෙන් පිටත් කරනවා. මුත්තුගේ අම්මා මුත්තු ගමේ කුලී වැඩ කරන එකට කැමැත්තක් තිබුණෙ නැහැ.

මුම්බායි ගිය මුත්තු එසකි පරාටා කඩයේ රස්සාවක් හොයාගන්නවා. මේ පරාටා කඩේ සිද්ද වුණේ පරාටා හදන එක විතරක් නම් නෙවෙයි. කැපිලි, කෙටිලි කලා වගේම වෙලාවකදි මිනිස්සු පවා මරා දැමුවා. පරාටා කඩේ ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ බාහිර රාජකාරියටත් යන්නම වෙනවා. මොකද පරාටා කඩේ දෙමළ කල්ලියත්, ඒ ලඟම තිබුණ බාබර් සාප්පුවේ මලයාලම් කල්ලියත් අතරෙ නිතරම ගැටීම් සිදු වුණා. දෙපැත්තෙම මිනිස්සු මරුණා. ඒ වගේම මේ පරාටා කඩෙන් එලියට ලේසියෙන් යන්නත් බැහැ. කියන විදිහට නම් තවම කවුරුවත් මේ පරාටා කඩෙන් එලියට ගිහින් නැහැ. එක්කෝ මරන්න වෙනවා, නැත්නම් මැරෙන්න වෙනවා. කොතැනින්ද ආරම්භ වන්නේ? නැත්නම් කොතනින්ද මේක කෙළවර වෙන්නෙ?

Nadhigalile Neeradhum Suriyan විදිහට තමයි මේ ව්‍යාපෘතිය මුලින් නම් කරලා තිබුණේ. ඒත් පස්සෙදි නමත් එක්කම කතාවත් වෙනස් කරලා තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ. මේ වතාවේදි සිම්බුගේ අදහසක් නිසාවෙන් මේ කතාව GVM තෝරගන්නේ. සිම්බු මෙහි මුත්තුවීරන්ගේ චරිතය වෙනුවෙන් කිලෝ 15ක් බර අඩු කරගෙන තියෙනවා. “අග්නි කුන්ජෝන්ඩෘ කන්ඩේන්” කියන ජෙයා මෝහන්ගේ නව කතාව අනුවාදයෙන් මේ තිරපිටපත රචනා කරලා තියෙන්නෙ. ජෙයා මෝහන්ගේ අදහස වුණේ මුත්තුවීරන්ගේ බාල වයසේ චරිතයට ගැලපෙන්නේ බාල වයසේම කොල්ලෙක් කියලයි. සිම්බුගේ කැප කිරීමෙන් බර අඩු කර සිම්බු මේ කතාවේ මුත්තුවීරන්ට සුදුසුයි කියන විශ්වාසයක් ඇති කරගන්නවා.VTV චිත්‍රපටයේ කාර්තික්(සිම්බු) ගනේෂ්‍ට, මුම්බායි වෙත ගොසින් දාමරිකයෙක් වන පුද්ගලයෙකු වටා ගෙතුනු කතාවක් විස්තර කරනවා.

සිම්බු මුත්තුවීරන් ලෙසින් මවාගත් කටු සටහන්.

ආත්මන් සිලම්බරසන් සිනමාවට පිවිසෙන්නේ අතදරුවා වයසේදිමයි. කමල්හසන් අවුරුදු 5දි සිනමාවට පිවිසෙද්දි, සිම්බු අත දරුවා කාලයේදි තමන්ගේ පියාගේ චිත්‍රපටවල පෙනි සිටිනවා. කුඩා කාලයේ ළමා චිත්‍රපටවල රඟපා Little Super Star යන පට්ටම් නමද දිනා ගන්නවා. දෙමළ සිනමාවේ ප්‍රසිද්ධ නළුවෙකුට ප්‍රතිවාදී නළුවෙක් සිටිනවා. සිම්බුගේ ප්‍රතිවාදී නළුවා වෙන්නේ වෙන්කට් ප්‍රභූ. චිත්‍රපට අධ්‍යක්ෂක නෙවෙයි, දැන් අනුවර්ත නමකින් හඳුන්වන ධනුෂ්. 2001දි සිම්බු ධනුෂ් දෙදෙනා මංගල දැක්ම ලෙස විදිහට සිනමාවට පිවිසෙනවා. දෙදෙනා අතරේ තරඟයක් ගැන හිතන්න බැරි පරස්පරතා තිබුණත් සම කාලින නළුවන් දෙදෙනෙක් නිසාවෙන් පුවත්පත්, මාධ්‍ය අතරේ එවැනි තරඟයක් ඇති කලා. පසුකාලයක දෙන්නා අතරේ මේ තරඟය වඩාත් ප්‍රබල වුණා. මෑත කාලයේත් “උඹ අසුරන් නම් මම ඊෂ්වරන්” වගේ දෙබස් වලින් මේ හින්ට් ගැහිලි දකින්න පුළුවන්.

2020ට පෙරදී සිම්බු තරබාරු නිසාවෙනුත්, නියමිත පරිදි රූගත කිරීම්වලට සහභාගි නොවීම නිසාත් දමිළ සිනමාවෙන්ම තහනම් කරන්නටත් සූදානම් වූවා. Anbanavan Asaradhavan Adangadhavan (2017) චිත්‍රපටයේ සිම්බුගේ ගෙදර ඉහළ මාලයේ රෑගත කිරීමට තිබුණත් සිම්බු නිසි වේලාවට රෑගත කිරීම් වලට පැමිණියේ නැහැ කියලයි කියන්නේ. සිම්බු කරන ලද කැපකිරීම් වල ප්‍රතිඵලයක් විදිහට ඔහු ඒ සියලුම බාධාවන් මැඩ ගන්නවා. Vinnaithandi Varuvaayaa (2010) සහ Achcham Yenbadhu Madaimayada (2016) යන චිත්‍රපට දෙකෙන් අනතුරුව STR+GVM+ARR එකතුව නැවත මුණ ගැහෙන්නේ මේ Vendhu Thanindhathu Kaadu චිත්‍රපටයෙන්. මේ චිත්‍රපටය එම සංයෝගයේ Hat-trick බ්ලොක්බස්ටර් චිත්‍රපටය වීම විශේෂත්වයක්.

රාධිකා, සිවබාලන්, සිද්දික්, නීරාජ් මාධව්, සිද්දි ඉදානි, රාෆර් යන අය සිලම්බරසන් සමඟ රංගනයෙන් එකතු වනවා. ඒ වගේම Nayakan (1987) චිත්‍රපටයෙන් අයියර්(දිල්ලි ගනේෂ්) චරිතය යොදාගෙන තියෙනවා. චිත්‍රපටියේ වඩා කතා බහට ලක් වූ චරිතයක් තමයි රාවුත්තර්. සිම්බු ඇඟිලිවලින් වැඩ දාන්න පුදුමාකාර දක්ෂයෙක් කියලා දන්නවා ඇතිනේ. ඉතින් මේ චිත්‍රපටියෙදි නම් සිම්බු ඇඟිලිවලින් වැඩ දාන්නත් කලින්ම රාවුත්තර් සිම්බුගේ ඇගිල්ලක් කපලා වෙන් කරනවා.

දෙමළ සිනමාවේ මුම්බායි වෙත පිටත්ව ගොස් දාමරික නායකයන් වූ අය අතර Nayakan (1987) හි වේලු නායකර්, Bassha (1994) හි මානික් භාෂා, Thalaiva (2013) හි විශ්වා භායි, Anjaan (2014) හි රාජු භායි යන අය විශේෂයි. කමල් හසන් රඟපෑ නායගන් චිත්‍රපටයට පාදක වන්නේ සත්‍ය පුද්ගලයෙකුගේ ජීවිත කතාවක්. වරදරාජන් මුදලියාර්ගේ ජීවිත කතාව මනි රත්නම් සිනමාවට නගනවා. තලෛවා සහ Kaala (2018) චිත්‍රපටවලට පාදක වන්නේත් මේ වරදරාජන්ගේ ජීවිත කතාවම තමයි.

මෙහි සියලුම ගීත තාමරෛ විසින් රචනා කර තිබෙනවා. “පෝරාටම්” නම් රැප් ගීතය මෙහි රඟපාන නළු නීරාජ් මාධව් විසින්ම රචනා කර ගායනා කර තිබෙනවා. මෙහි “කාලතුක්කුම් නී වේනුම්” ගීතය ගායනා කරන්නේ සිම්බු. “උන්නෛ නනචදුම්” ගීතය ගායනයෙන් ශ්‍රෙයා ගෝෂාල් සම්බන්ධ වෙනවා. “මල්ලී පූ” ගීතය රහුමාන්ගේ අදහසක් අනුව කරන ලද අත්හදා බැලීමක් ලෙසයි නිර්මාණය වෙන්නේ. ඇත්තටම මල්ලී පූ සින්දුව ට්‍රෙන්ඩින් වෙන්නෙ චිත්‍රපටය නිකුත් වුණාට පස්සෙදි. මල්ලි පූ සින්දුව සමහරු ඇබ්බැහි අහද්දි තවත් සමහරු බලෙන්ම අහන්න සැලැස්සුවා. ගීතයේ පද පේලි කියවද්දි නම් ඇති වෙන්නෙ දුකක්.

මේ චිත්‍රපටයට විචාරකයන්ගේ වගේම ප්‍රේක්ෂකයින්ගේ ධණාත්මක ප්‍රතිචාර හිමිවුණා. මේ අවස්තාවේදි Imdb අගය කිරීම 7.9/10ක්. ඒ වගේම මේ චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් ආදායම ඉ. රු. කෝටි 60ට ආසන්න සංඛ්‍යාවක්. සෙමෙන් ගලා යන කතාවක් මෙවැනි ආදායමක් ලැබීමත් පුදුමයට කරුණක්. ඒ වගේම GVM මෙහි දෙවන කොටසට ලීඩ් එකක් දීලා චිත්‍රපටිය නිමා කරලා තියෙනවා. නුදුරේදීම දෙවන කොටසත් බලාගන්න පුළුවන් වේවි. ඒ වගේම කතාව ගැන කිව්වොත්, චිත්‍රපටිය බලාගෙන යද්දි වෙන චිත්‍රපටි කීපයක්ම මතක් වේවි.

බුදු සරණයි! දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

Subtiltes By

“රවිඳු නවින්”
(Baiscopelk)
IMDb Rating 7.9 4,411 votes

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Similar titles

Thatrom Thookrom (2020) With Sinhala Subtitles
Voice of Sathyanathan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ratnan Prapancha (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
U Turn (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Madras (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Roy (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Flashback (2021) Sinhala Subtitles | [සිංහල උපසිරැසි සමඟ]
Attraction (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Toilet: A Love Story
Nayagi (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sivappu Manjal Pachai (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Theal (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Vihanga Denuwan October 24, 2022 Reply

    ‍පට්ට Film එකක්. THANKS BRO

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published