Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

Vunnadhi Okate Zindagi (2017) | ආදරය ද? මිතුදම ද?

අභී සහ වාසු කියන්නේ පොඩි කාලේ ඉඳන්ම හොඳ යාලුවෝ දෙන්නෙක්. දෙන්නට දෙන්නා නැතුවම බෑ. මේ විදිහට කාලය ගත වෙලා මේ අය තරුණ වියට ආවට පස්සේ මේ මිතුදම දෙදරා යන්න පටන් ගන්නවා. මොකක්ද කියලා හිතා ගන්න පුලුවන්නේ? ඔව්. කෙල්ලෙක් නිසා තමයි. 😛 සිද්ධිය මේකයි. අභී බයික් එකේ යද්දී කෙල්ලෙක් කාර් එකක ඇවිත් එයාව හප්පනවා. ඒ කෙල්ල තමයි මහා. ඉතින් මේ දෙන්නා එතනදි දැන හඳුනා ගෙන, පස්සේ මුණගැහිලා කතා බහ කරලා පොඩි ඇයිහොඳැයියක් ඇති වෙනවා. හැබැයි අභීගේ හිතේ තියෙන දේ මහාට කියන්න යන්නේ නෑ. ඊට කලින් වාසුට කියලා ඉන්න ඕන කියලා වාසුගේ ගෙදර යනකොට වාසුගේ ගෙදරට මහා ඇවිත් ඉන්නවා. ඉතින් අභීගේ කතාව වාසුට කියන්න කලින් වාසුගේ කතාව අභීට කියනවා. මහාගේ අයියගේ විවාහ උත්සවයට ගිය වෙලාවේ මහාව දැකලා එයාට කැමැත්තක් ඇති වුනා. ඒ ගැන එයාට කියන්න ඉන්නේ කියලා. ඔන්න ඔතනින් පස්සේ කතාව උඩු යටිකුරු වෙනවා. හැබැයි ඒක දැන් ඔයාට හිතුන විදිහට නෙවෙයි වෙන්නේ. වෙනස්ම විදිහට. එහෙනම් ඒ කොහොමද කියලා බලන්න ඔබට බාරයි.

Comments